Wednesday, March 20, 2013

ෆට්ට මවුස් පෑඩ් එකක් ගෙදරටම - 100%ක් නොමිලේ






ඔන්න කොල්ලනේ අද බුවා ගෙනාවා සුපිරි බඩුවක් කියන්නකෝ. . . . අපේ කොල්ලෝ කැමතීනේ නිකන් දෙනවනම් දෙමල පත්තරේ උනත් ගන්න. . . ඒත් දැන්නම් ශුවර් නෑ. .  මොකෝ දැන් හලාල් ට්‍රෙන්ඩ් එකක් ඇවිත්නේ. . . බු හා හා. .  අද බුවා දෙන්න යන්නේ ඕන් දෙමල පත්තර එහෙම නෙවෙයි ඈ. . . . මේක මවුස් පෑඩ් එකක්. . . . කොහොමද වැඩේ. .  මේක 100% ක් හලාල් රහිතයි හොදේ. . . කොහොමත් ඉතින් අපේ කස්ටිය මවුස් පෑඩ් එකක් කඩෙන් ගන්න ගියොත් රු.100ක් විතර මුදලාලි මාමාට පුදන්න එපැයි. . . . ඒත් බුවා දෙන මේ ලස්සන පොඩි මවුස් පෑඩ් එකට සත පහක් වත් වියදම් වෙන්නෑ ඕන්. . . . . දන්නවනේ ඉතින් බුවා ගාව බොරු නෑ කියලා. . . . කවුරුත් ඉතින් මේවගේ දේවල් වැඩිය ප්‍රසිද්ධ කොරන් නෑ. . . මොකද අපේ සමහරක් උන්දලාට ඉරිසියාව කියල විසක් තියෙනවනේ. . . . ඒත් මේ බුවා ගාව ඕව නෑ. . .. බුවා බලන්නේ කාටත් උදව් කොරගෙන දන්න දෙයක් කියාදීලා පාඩුවේ ඉන්න. . .ඉතින් වැඩි පොයිය ඕන නෑ.. ..  අපි සැට් එක වැඩේට බහිමු. . . අහ් මේ . . . මේ හුරුබුහුටි මවුස් පෑඩ් එක බුවා එහෙම නෙවෙයි දෙන්නේ ඈ. . . .මේක අපිට ගෙදරටම එවන්නේ Tomtop කියන සයිට් එක. . . අය බොරු නෑ. . . බුවාගේ එකත් ගෙදරටම ආවා සති දෙකකින් විතර. . .එහෙනම් අපි බලමු සත පහක්වත් වියදම් කොරන්නේ නැතුව කොහොමද මේ පෑඩ් එක ගෙදරට ගෙන්ව ගන්නේ කියලා. . . . .

1- ඉස්සෙල්ලාම මොනවා කොරන්නත් මේ සයිට් එකට යන්න එපැයි. .එහෙනම් ඉස්සෙල්ලාම මේ සයිට් එකට යන්නකෝ. . . . www.tomtop.com

2- දැන් ඉතින් ඔබ සයිට් එකේ. . .සයිට් එක මවුස් පෑඩ් දෙන්නේ මෙහි රෙජිස්ටර් වන අයට විතරයි. . . ඉතින් දැන් අපි මේකේ රෙජිස්ටර් වෙමු. . . ඒ සදහා ඔය උඩින්ම තියෙන Register එක ක්ලික් කොරන්න. . . එවිට ඔබට ෆෝම් එකක් පුරවන්ට එනු ඇත. .

3- මෙවුවා අපේ කස්ටියට වැඩද මන් අහන්නේ. . . . ෆේස්බුක් එකවුන්ට් එහෙම කීයක් හදලා ඇතිද නෙහ්? ඉතින් මේ ෆොම් එක පුරවලා Submit කොරන්න තියෙන්නේ. . . මතක තියා ගන්න  ..  ඊමේල් එක වැඩ කොරන එකක්ම දෙන්න. . . නැතුව අල්ලපු ගෙදර එකාගේ එක එහෙම දෙන්නේ නැතුව. . . . ඉතින් දැන්  Submit කොරන්න

4- දැන් ඔබ සාර්තකව එකවුන්ට් එක හදලා ඉවරයි. . . දැන් කොරන්න තියෙන්නේ ඔබ මේකට ලබා දුන්න ඊමෙල් එලට ලොග් වෙන එක. . . මොකද ටොම්ටොප් එකවුන්ට් එක ඇක්ටිවු කොර ගන්න ඊමේල් එකට යන්නම වෙනවා. . . ඉතින් ඔබේ ඊමේල් ගිනුමට ටොම්ටොප්ලගෙන් ඊමේල් එකක් ඇවිත් තියෙයි. . . දැන් එකේ ලින්ක් එකින් ආපහු ටොම්ටොප් එකවුන්ට් එකට යන්න. . . .

5- දැන් ඔබ සාර්තක ටොම්ටොප් සාමාජිකයෙක්. . .ආඩම්බරයි නෙහ්? ඉතින් දැන් ටොම්ටොප් සයිට් එකේ හෝම් පේජ් එකේ Free Gift කියන එක ක්ලික් කොරන්න. .



6- දැන් ඔබ බක්කියක් එහෙම තියෙන තැනකට එන්න ඇති කියලා බුවා හිතනවා. . මෙතන ඉදන් ඔයාලා ගෙන්වා ගන්න යන  මවුස් පෑඩ් එක ගැන එහෙම හොදට බලා ගන්න පුලුවන්. .. දැන් මෙතන Country කියන එකට ආසියාවේ ආශ්චර්ය ‍තෝරන්න. .  ඒ කියන්නේ ශ්‍රී ලංකාව. .ඊලගට Shipping Method කියන එකට Free Shipping-Air Mail From China ලබා දෙන්න. . . . දැන් උඩ තියෙන බක්කිය ක්ලික් කොරන්න. .  ඒ කියන්නේ Add To Cart කියන එක. . . අන්න ඒක ක්ලික් කොරපු ගමන් පල්ලෙහායින් වැටෙන View Shopping Cart කියන එක ‍තෝරන්න. . . එවිට අලුත් වින්ඩෝවක් එනු ඇත. .


7- දැන් පොඩි චාට් එකක් එහෙම පේනවා ඇති නේ. . . අන්න ඒකේ පල්ලෙහා තියෙන Tomtop Points කියන තැනට 70 කියලා දෙන්න. . .දැන් එතනම පල්ලෙහා තියෙන  Apply Points කියන බට්න් එක ක්ලික් කොරන්න. . . ඉන්පසු පහලින් ඇති Proceed To Checkout කියන පත බොක්ස් එක ක්ලික් කොරන්න. . .




8- දැන් අපේ කස්ටියට Billing Information කියලා ලොකු ෆෝම් එකක් පුරවන්ට එන්න ඇතිනේ. . අන්න ඒක පරිස්සමට පුරවන්න ඕන. .  මොනවා වැරද්දුවත් ඔයාලගේ ලිපිනය වරද්ද ගන්න එපා. . . එහෙම උනොත් අල්ලපු ගෙදර එකා නිකන්ම මවුස් පෑඩ් එකක හිමි කරුවෙක් වෙයි. . . ඉතින් අපේ කස්ටියට මේවා වැඩද නේහ්. . ? ඔය ෆෝම් එක හරියට පුරවලා Continue කියන බට්න් එක ක්ලික් කොරන්න. . .




9- දැන් මෙහි අදියර 3 ‍තෝරන්න එනු ඇත. . ඒ කියන්නේ Shipping Method එක. . ඒ සදහා මෙහි පලමුවෙන්ම ඇති Free Shipping - Air mail From China කියන එක ‍තෝරලා නොහොත් ටික් කොරලා Continue බට්න් එක ක්ලික් කොරන්න. . .





10- දැන් Payment Information කියන එකක් ‍තෝරන්ට එනු ඇත. . . එයට Pay With Points කියන එකට ටික් එක දමා Continue බට්න් එක ක්ලික් කොරන්න. .





11- දැන් එන Order Review කියන එකට Place Order කියන බට්න් එක ක්ලික් කොරන්න.







12- අවසාන වශයෙන් Continue Shopping බට්න් එක ක්ලික් කොරන්න. .ඉතින් කොල්ලනේ ඔබ මෙතෙක් ආ දුර නිමාවෙන්නයි මේ යන්නේ. . . . දැන් ඔබටම කියල මවුස් පෑඩ් එකක් ටොම්ටොප් ආයතනය වෙන් කොර අවසානයි. . . .ආසයි නෙහ්?
ඉතින් සාර්තකව පියවර ඔස්සේ ආවනම් ඔබට බුවාට වගේ ස්තූති කොරල පනිවිඩයක් එනු ඇත. . .  ඉතින් සති 2,3කින් ඔබේ මවුස් පෑඩය පියුම් මාමා ගෙදරටම ගෙන එනු ඇත. . . එවිට ආඩම්බරයෙන් එය ගන්න..එවිට මගේ කොල්ලන්ට බුවාව මතක තියෙයිද දන් නෑ නෙහ්? ඉතින් බුවාට හම්බුන එකෙත් ෆොටෝ දාලා තියෙනවා ඕන්. . .

එහෙනම් බුවා යන්නම්.. තවත් ෆට්ටම ෆට්ට පෝස්ට් එකකින් හමුවෙමු... පෝස්ට් එක වැදගත් උනානම් විතරක් කමෙන්ට් එකක් දාලා යන්න හොදේ. . . තව මොනව හරි ගැටලු ආවනම් එවත් බුවාට කියන්න. . . .බුවා සැනින් එසැනින් ඔබේ උපකාරයට සූදානම්.. එසේනම් ඔබට ෆට්ට  දවසක් ඈ. . . . .



මෙන්න බුවාට හම්බුන එක ඈ.... ගෙනපු ගමන් ගත්ත හින්දා පොඩ්ඩක් පොඩි වෙලා. . .  දැන්නම් ෆට්ටේ වගේ. . . .



                                                     මෙහෙම තමා එන්නේ ඈ. . . 


                                "නිකන් දෙනවනම් කඩු පාරක් උනත් කාපන් පුතේ" - ෆට්ට බුවා

Join Buwa on Facebook





49 comments:

Saturday, March 16, 2013

බස් නැවතුම්පලේ කර වීම


මාර කේස් එකක් කියන්නකෝ. . .

ඔන්න අද බුවා ටවුන් එකට බඩගෑවා උදේ පාන්දරම. . . බඩගෑවා නෙවෙයි පැන්නුවා . . බුවාගේ මෑනියන් . . ගෙදරට අඩුම කුඩුම වගයක් ගේන්න කියලා. . . ඉතින් ෆට්ට බුවා ජැන්ඩියට ඇදල කියලා ටව්න් එකේ ගොනා වගේ කරක් ගැහුවා . . .. ඔන්න ඉතින් පැය තුන හතර බුවා කඩවල් ගානේ බඩගාලා ඕන කරනදේ ගත්තා. . එතනින් වැඩිම වෙලාවක් ගියේ හලාල් නැති එවා ‍තෝරාබේරා ගන්න කියන්නකෝ. . බු හා හා. . 


ඔන්න ඉතින් බඩු ටිකත් කර ගහන් බස් එකට ගොඩ වෙන්න කියලා බස් නැවතුම් පලේ මා තනිවී සිටියේ හරියට කාත් කවුරුත් නැති අසරනයෙක් වගේ. . . . .. කාලේ ගෙවී ගියා. . . . . තත්පර විනාඩි උනා. . විනඩි එක දෙක තුන ගෙවිලා ගියා. . . . . ම්හ් තවම බස් පොජ්ජ නෑ. . . .. . දැන් ඉතින් බුවාටත් එපාවෙලා ඕන්. . . පිස්සු වගේ. . . මෙහෙම ඉද්දි ජීවීතේ කලකිරෙනවා නොවෑ. . ඔන්න ඔහොම යද්දි ගවුම් කොටයක් මා ඉදිරිපිට දිග හැරෙන ලදී. . . . යකෝ මගේ තිබ්බ අමාරුකම් මුස්තෙම්පුකම් කොහෙන් ගියාද නැ. . . . බුවා පොඩ්ඩක් මේ කෙලි පැටික්කිව අධ්‍යයනය කොරා. .. හනේ අම්මේ සිරියාවන්තකම , ,, බුවා උනත් තවම නාබර වයසේ කොලු ගැටයනේ. . . ඉතින් කෙල්ලත් හොරාට බුවා දිහා බලන්ට ගොහින් කර උනා. . . කොහෙද ඉතින් බුවාට කෙල්ලන් ගැන හොද නාඩියක් තියෙනවනේ. . . ඉතින් බුවත් නවත්තවුවේ නෑ. . .කෙල්ලට හෝ ගාලා ඩයල් එක දැම්මා. . .. අනේ අම්මේ කෙල්ලත් බුවාට කැමතිද කොහේදෝ. . . මෙහෙම දෙයක් උනාමයි බුවාට. . . බුවාගේ හිතේ ආදර බර හැගුම් පොපියනවා හෝ හෝ ගලා. . හරියට ක්‍රීම්සෝඩා වගේ. . .

ඔන්න ඉතින් බුවාගේ එකම ප්‍රාර්තනේ දැන් කෙල්ලගේ බස් එක දැන්ම එන්ට එපා කියලාලු ඈ. . .එහෙම උනොත් බුවාගේ ආදර අන්දරය මෙතනින් කෙලවර වෙයි නොවැ. . . ඉතින් යකුනේ මේක හිතල තත්පරයක් ගියෙ නෑ . . . . මෙන්න රාජපස්ස ආණ්ඩුවේ මරාලා සී.ටී.බී. බස් කබලක් පිබගෙන ආපී. . . ඇයි යකෝ අපිට හදිසියක් උනාම මේවා බෙහෙතකටත් නෑ. . .. ඕන් නැති වෙලාවට පදුරකට පයින් ගැහුවත් එකසිය ගානට. . .
දැන් ඉතින් අර ලස්සන කෙලි පටික්කි බුවාට යන්තමට සිනහවක් (ගෙදර යන අතර තුරේදි මට සිතුනේ එය කින්ඩියට කියලාය) දාලා බස් එකට නැග නොපෙනී ගියා. . .. .


අහෝ බුවාගේ සිහිනය එක තත්පරයකින් වෙනස් කොරන්ට රාජපස්ස අණ්ඩුවේ බස් එකකට පුලුවන් උන හැටි. . . අහෝ ඡන්දේ දුන්න අපිට සලකපු හැටි නේද මේ? අසරණ බුවා බඩු මලු කර ගහන් ගිනි අව්වේ කර උන හැටි ඔබත් දැක්කනම් දෙනෙතට කදුලක් උනනවා නිසකැයි. . අය කවදා අර කෙලි පැටික්කිව දැක ගන්නද දෙවියනී. .. ඇයි ඔබ අද මට නපුරු උනේ. . . . .
දැන් සිදුවු දෙය සිදුවී හමාරය, , , කෙලි පැටික්කිව දකින්නට ලබන ඉරිදත් යායුතුය. . . එදාටත් මෙවන් දෙයක් නොවේවා යන්න ඔබත් එක සිතින් ප්‍රාර්තනා කොරන්න මගේ කොල්ලනේ. . .. . . . .


                                                    <<<<(බුවා බුකියට දාපු ස්ටේ‍ටුවකි)>>>>

6 comments:

වයධම්මා සංඛාරා!




 වයධම්මා සංඛාරා!

මාතලේ , රත්තොට
පදිංචිව සිට රාජපස්ස ආන්ඩුවේ 
ශ්‍රී ලංගම බස් රථයක් ලග නැවීමට ගොස් 

හදිසි අනතුරකට ලක්ව පරලොව සැපත් මාතලේ

"එවන්ඩද ගැරඩියා ඇන්ඩ් සන්ස්" 
සමූහ ව්‍යාපාරයේ අධිපති


එෆ්.යූ.සී.කේ.එවන්ඩද ගැරඩියා 

උපාසක ගැරඩි මහතාට

බොක්කෙන්ම නිවන් සුව පතමු!

අවසන් කටයුතු 2013/04/15 වන තෙක් කල් යන බව කරුනාවෙන් සලකන්න. . මක්නිසද යත් එවන්ඩද ගැරඩියා මහතා අවසන් වතාවට මාධය හමුවේ ප්‍රකාශ කොර ඇත්තේ අලුත් අවුරුද්ද සමරාම සිය ජීවිතයෙන් සමු ගන්න බවය. . කෙසේ වෙතත් ඔහුගේ දේහය අදාහනය කිරීම සදහා මාතලේ පොදු සුසාන භූමීයේ හෑරූ අඩි 6 වලට,ඊයේ රාත්‍රී හටගත් දැඩි වර්ශාවේ ජලය එක් ‍රැස් වී ඇති බව ප්‍රදේශ වාසින් පවසන්නේ දැඩි නිහතමානිවය. . .එමනිසා එවන්ඩද ගැරඩියා ඇන්ඩ් සන්ස් ව්‍යාපාරය මේ දිනවල ආධුනික ජලනල කාර්මිකයෝ බදවා ගන්න බව එම ව්‍යාපාරයේ මානව සම්පත් ඒකකය මාධය හමුවේ පවසා ඇත. . ඔවුන් ප්‍රධාන පුවත් පතක පලකල දැන්වීමක් පහත දැක්වේ. .


"ඔබගෙ සියලු සහතික වල මුල් පිටපත්ද සමග සම්මුක පරික්ශනයට මාර්තු 26,27,28 දිනයන්හි පහසු දිනයක මාතලේ පොදු සුසාන භූමියට පැමිනෙන්න. පැමිනීමට පෙර ඇමතුමක් ලබාදෙන්න, මෙම දිනයන්හි පැමිනීමට නොහැකිනම් සහ සියලුම විමසීම් සදහා එවන්ඩද ගැරඩියා ඇන්ඩ් සන්ස් ආයතනය අමතන්න. 
සැ.යු- සෑම අයදුම් කරුවෙකුම තමාට සිත් ගත් බාල්දියක් ‍රැගෙන ඒම අනිවාර්යයි. .





-------මෙයට ශෝකයට පත් නැන්දම්මා, මාමා ඇතුලු ගැරඩි පවුලේ සාමජිකයින් හා එවන්ඩද ගැරඩියා ඇන්ඩ් සන්ස් ආයතනයේ රෙශෙප්සන් මිස්---------

<<<<(බුවා බුකියට දාපු ස්ටේ‍ටුවකි)>>>>

1 comments:

තැබිලි මා‍ෆියාව


අහ් කොල්ලනේ. . බුවාලගේ ගෙදර අය උදේම බෑරක් ගියා කියන්නකෝ. . . . ඉතින් බුවා මොකක් හරි මගඩියක් දෙන්න කියල හිතාගෙන ඕන් ගෙදරින් එලියට බැස්සා. . . අතේ පිච්චියක් නෑ. . . . පර්ස් එක සාක්කුවට ඇලවිලා. . . මොකද ඒක මලාට උඩට අරගන්නේ නෑනේ. . .සල්ලි නැතිව ඒක උඩට ගන්නේ අහවල් එක බලන්නද?

මෙහෙම ඉද්දි පාරේ යනවා දැක්කා අපේ ගමේ තැබිලි ඔස්ටාර් පොරක්. . .නමින් ගුනේ. . . පොර නාකී පප්පා උනත් මේ නාබර බුවාට කියන්නේ "මල්ලී "කියල. . මේවා ඉතින් බුවාට කොහොමත් දිරවන් නෑනේ. . ඕන් ඇන්ටි කෙනෙක් මල්ලි කිවුවනම් එතන මොකක් හරි පරහක් තියනවා. . ඒක ඉවසන්න පුලුවන්. . . මේ නාකි පඩත්තරයෝ මල්ලී ගාද්දි බුවාගේ උනත් මල්ලී දගලනවා. . . . බු හා හා. . .
ඉතින් බුවා ගුනේ අයියට විසිල් පාරක් දාලා නවත්තා ගත්තා. . . පොරව කැන්දගෙන ආව බුවාලගේ පත වත්තට. . . යකෝ. . . . හැම තැබිලි ගහකම ගෙඩි පිරිලා. . හරියට මිදි වැලක් වගේ. . . මේක ඔක්කොම සුද්ද කොරන්ට ගියොත් අනිවා බුවාගේ පියානන් ඇව්ත් හවසට බුවාගේ ටිකට් කපනවා. . .ඒ හින්දා බුවාගේ නාඩිය මේ අවස්තාවට යොදා ගත්තා. . . ඔය පොල් අතු වලට එහෙම හැන්ගිලා තිබ්බ ඉති කීපයක් බුවා ගනන් කොර ගත්තා. . .කොහොමහරි තැබිලි ගස් 5ක තැබිලි ඉති 6ක් බුවා ගුනේ අන්කල්ට පෙන්නව්වා. . . ගුනේයා හි‍ටු කියල නැගලා ඩෝන් ගාලා ඉති 5 බෑවා. . . හෆ්ෆෝ මේවා පොල් ගෙඩි වගේ. . . මෙන්න සයිස්. . . .ගුනෙට හිනා සයිස් එක දැකලා. . . ඉතින් ගුනේ අයියා ඒ ඉති 5 බුවාට මනි කොරල ගත්තා. . බුවා ඉතින් ගෙදරට හොරා කොරපු හින්දා ටිකක් අඩු කොරා ගනන්... නැත්නම් ගුනේ කාරයා බුවාගේ පියාට මේ බව සැල කොරොත් බුවාටත් වෙන්නේ වලල්ලක් අරගෙන ගොහින් අන්නුන්ගෙ වතු වල පොල් බාන්ට. . . . . .

ඉතින් කොල්ලෝනේ බුවායි ගුනේ අයියයි සතුටින් විසිර ගියා. . . බුවාට ගෙඩි පිටින් රු.550 ක් ලැබුනා කියන්නකෝ. . . වත්තේ එකදු සාක්ෂියක් නෑ. . . බුවා ඉතින් නාඩි කාරයනේ. . . බුවාගේ පියාට තියා තැබිලි ගහටවත් බෑ ඉති ටික කැපුවද කියලා හොයා ගන්ට. . . .ඔන්න උදේ පාන්දර බුවා කොරපු පුන්‍ය කර්මය. . බුවා එහෙමයි. . . බුවා උනත් කැමතිනේ කාලා ඇදල පන් එකේ ඉන්න. . . .

""මගේ දයාබර මාපියනි. . .ඔබ අද මාව ගමනට එක්කාසු කොර ගත්තේ නෑ. . . ඉතින් බුවා ඒකෙන් ලාබයක් කොරගෙන රු.550ක් උපය ගත්තා. . . ඉතින් මා වැරදිද? අනිත් සැරෙවත් බුවාව කැන්දාගෙන ගොස් වත්තේ පලදාව ආරක්ශා කොර ගන්න. . . . . . . . . . . . අය නොකිවුවයි කියන්න එපා හොදේ. . . .""

-ජන හදවත් බොක කෙරු චොර කෙරු. . .බුවා නොහොත් ෆට්ට බුවා-


                                                   <<<<(බුවා බුකියට දාපු ස්ටේ‍ටුවකි)>>>>

0 comments:

පොන්න කොල්ලා




මේ සිද්දිය වුනේ මීට දවස් දෙක තුනකට කලියෙන් කියන්නකෝ. . . . මේක සතය සිදුවීමක්. . . බුවාගේ නෑනේ ඔය බොරු කතා. . .ඔන්න මේකයි සීන් කෝන් එක. . . පාඩුවේ කියවන්නකෝ. . . .පැත්තකට වෙලා. . .
 එදා බුවාට ගමනක් යන්ට වුනා නුවරට. . . බුවා ඉන්නේ මාතලේ කියල දන්නවනේ. . . ඔන්න බුවා ටවුන් එකෙන් නුවර බස් එකකට ගොඩ වෙලා පාඩුවේ බුවාගේ සුපුරුදු ගමන් විලාසේ යෙදුනා.. මොකක්ද යකෝ ඒ. . .? බුවා බස් එකකට නැන්ගොත් අනිවා බලන්නේ ලස්සන ගවුම් කොටයක් ඉන්නවද කියලා, , ,ඒ ඉතින් බුවාගේ ජන්ම පත්තරේ කොටල තියන විදිහ කියනවනේ. .  ඉතින් මෙදා පොටෙත් බැලුවා. .  කොහෙ ගවුම් කොටයක් තියා චීත්තයක්වත් නෑ. . බලාපොරොත්තු සුන්වු බුවා පාඩුවේ බස් එකේ සීට් එකක ඉද ගත්තේ දැඩි නිහතමානීවයි.. .. .

ඔන්න ඉතින් බස් එක ඇද්දුවා. . නුවර මාතලේ බස් ගැන අය කියන්ට ඕනයැයි... මේවට වඩා වේගයෙන් අපිට පයින් යන්ට හැකි...එහෙම කියල කොහොම කොරන්නද?? බුවාට ෆ්‍රෙස් පිට යන්ටත් එපැයි. . .. .ගමන. .  ඉතින්. . . කාලේ ගෙවී ගියා, , , බස් එක අස්සක් මුල්ලක් නෑරම සෙනගින් පිරී ගියා. . . බුවා හිටියේ සීට් තුනේ පේලීයේ ජනෙල් කවුලුව අසල කියන්නකෝ. . ... .හම්මේ ෆට්ට ෆට ෆට සෙනගක්. . . බුවා ඉතින් ලග පාත අයගෙ බෑග් එහෙම ඉල්ලගෙන සින මුසු මුහුනෙන් ජනේලයෙන් එලියට හොම්බ දාගෙන ගියෙපි. .  මොකද ඉතින් බුවා හොද එකානේ. .

ඉතින් කොල්ලනේ බුවාගේ සීට් එකේ කොනම හිටියේ සිංහල කොල්ලෙක්... පෙනුමෙන් හැන්ඩියා. . .වයස 25ක් විතර දාල දෙන්න පුලුවන්. . .ඉතින් මේකා පඩුවේ යනවා. ..  ඉතින් ඔහොම යද්දි වයසක ආච්චි කෙකෙක් මු ලග හිට ගත්තා. . . ම්හ් . . .  මු නැ බැලුවේ. . .. ආච්චිට හිටගෙන  තියා  ඉදගෙනවත් යන්ට බැරි තත්වයක් තමා තිබුනේ. . . බුවාට හිටගන්ටත් බෑ. .  මොකද බුවාගේ ගාව බැග් ගොඩක්.. අනික බුවා හිටියේ කොනම.. . නැගිටිනව කියල හිතන්ටවත් බෑ. . .ඉතින් ආච්චි ටික වේලාවක් හිටගෙන ආව.. අර කොල්ලෝ ඇහැක් අරල බැලුවෙ නෑ. . . මේක දැකපු ඉස්සරහ අන්කල් කෙනෙක් සෙනග තලේ අර ආච්චිට සීට් එකක් දුන්නා. . . බුවාට මල අතේ. . . .

ඔන්න ටික වෙලාවක් ගියෙපි . . . අකුරන හරියෙන් මුස්ලිම් කෙල්ලක් නැගපි. . .දන්නවනේ අකුරන කියන්නේ ෆට්ට මුස්ලිම් පැත්තක් කියලා. . . කෙල්ල මාර ලස්සනයි. . .ඉතින් ඔච්චරවෙලා අන්ධ වෙලා වගේ ආපු අර කොල්ලා එක පාරටම අර කෙල්ලගේ බැග් එක ඉල්ලා ගත්තා... යකෝ අර ආච්චි අතින් කටින් මලු එල්ලගෙන ඉද්දි මුට එවා පෙනුන් නෑ. . .බුවාට ෆට්ට මල. .  යකෝ මෙහෙමත් පොරවල්ලා ඉන්නවද. . .? ඔන්න ටික දුරයි ගියේ මේකා හි‍ටු කියලා සීට් එකෙන් නැගිටපී. .  බුවා හිතුවේ මේ සක්කිලියා බහින්න යනවා කියලා. . ම්හ් නෑ.. බුවාට වැරදුනා. .  මු නැගිටලා අර කෙල්ලට කියාපි "ඉදගන්න නංගි" කියලා... යකෝ මෙහෙමත් පොන්නයෙක්.. . .

යකෝ ඒ කෙල්ලට වයස 20ක් විතර ඇති.. එකිට ඉහෙන් බහින ලෙඩක් නෑ...  අනික අතේ බබෙක්වත් ලොකු මලුවත් නෑ...  එහෙම එකීට මු සීට් එක දුන්න.. එකිත් ඉද ගත්තා. . ..අච්චර අර වයසක ආච්චි ලග ඉද්දි මූ බැලුවෙවත් නෑ. . . දැන් මුට මේ කෙල්ල දකිද්දි හිත උනුවෙලා. . . යකෝ මේක යකාගෙ උනුවිල්ලක්නේ බොලවු. . අඩුම ගානේ ඒකා මුස්ලිම් කොල්ලෙක් වත් වෙනවනම් හිත හදා ගන්න තිබ්බා. . . බුවා මල අතේ තියන් හිටියේ. . ඒත් බුවා හිතුවෙ මු ලගින් බහි කියලා.... ඒත් නෑ මු නුවරමයි බැස්සේ. . . .අර සෙනග ගොඩේ මු වැනි වැනී ආවා. . . අනේ යකෝ මෙහෙමත් පොන්න සිංහලයෝ. . . අඩුම ගානේ අර ආච්චිට සීට් එකවත් දුන්නනම් මේකට පිනක්වත් ඉතිරි වෙයි,. . .


අනේ යකෝ ඕකද පිරිමි කම, ඕකද කොලු කම, ඕකද මිනිස් කම,ඕකද යකෝ සිංහලකම. . උබලා වගේ එවුන් පොල් පිති වලින් කාපා ගන්න පුලුවන්නේ සීයක් විතර. . .. ඉතින් කොල්ලනේ උබලත් කවදාවත් මෙවැනි කොන්ද පන නැති වැඩ කොරන්න යන්න එපා. . . මොකද බුවාලා වගේ නියම පොරවල්ලා ඕව බලාගෙන ඉන්නේ. . . . එහෙමයි ෆට්ට බුවෝ.. . එහෙනම් තවත් ෆට්ට කතාවකින් පස්සේ හමුවෙමු කොල්ලනේ. . . එතකන් ෆට්ට සට පට. . . . .


                                                 <<<<(බුවා බුකියට දාපු ස්ටේ‍ටුවකි)>>>>

6 comments:

සොට්ටාගේ ටෙස්ට් එක

බුවාට එෆාවෙලා ඉන්නේ කියන්නකෝ. . . . මොකද මේ කෙහෙම්මල් හෙම්බිරිස්සාවක් හැදිලා. . . බුවා ඊයේ පොඩ්ඩක් විතර තෙමුනා. . .ඒක වෙන්ට ඇති. . කොහෙද බඩු සීන් කොරද්දී කාලගුනේ ගැන බලනවද. . . . .මෙන්න මේකයි සීන් එක . . . ඊයේ ඉදන් බුවාගේ නාසයෙන් බටර් ගලනවා. . . ලොරි ගනන්. . . එෆා වෙලා ඉන්නේ දැන් නම් බුවාට. . . .ඇයි යකෝ ස්වයං ‍රැකියාවක් ලෙස මේ ටික බෝතල් කරානම් බුවා හෙට දින බිල් ගේට්ස් වත් අල්ලලා.. මොකද බුවාගේ බටර් වල හලාල් නෑනේ. . . . .
එවා වැඩක් නෑ. . ඉතින් බුවා ඊයේ ඉදන් ලෙන්සුවක් අරන් ඒකට සො‍ටු එක් කොර ගන්නවා. . . .ලේන්සුවේ ඉන්නේ බොබ් මාලේ. . . බොබ් මාලේගේ ජීවිත කාලෙදිවත් මේ වගේ සො‍ටු නාලා නැතුව ඇති. . . . . . .
ඉතින් බුවාගේ මෑනියෝ බුවාට කොයි වේලෙත් මරනීය තර්ජන එල්ල කොරනවා. . . . ඒ මොකද සො‍ටු ලේන්සුව හෝදන්ට කියලා. . . ."මේක මොකට හෝදනවද. . .මේ සුපිරියට තියෙන්නේ" . . කියල බුවා මෑනියන්ගෙන් බේරිලා පන නල ‍රැක ගන්නවා. . . . . ඉතින් බුවාගේ මෑනියෝ කියන්නේ ලේන්සුවෙන් ෆට්ට ෆජාත ගදක් වහනය වෙනවා කියලයි. . . . . ඉතින් බුවාට මේක හිතට වදයක්.. බුවාටනම් මේක ෆට්ට සුවදයි. . . . ඉතින් බුවා පොඩි ටෙස්ට් එකක් කොරා. . . .මේකයි ටෙස්ට් එක. . . . . බුවාලගේ ගෙදරට හැමදාම එන චරිතයක් ඉන්නවා.... පොර බල්ලෙක්. . .මේකා බුවාටත් වඩා බුවාලගේ ගෙදර ඉන්නවා. . . . ඉතින් බුවා උදේ පාන්දරම බුවාගේ රාජකීය සො‍ටු ලේන්සුව මේකාගේ මූනට ලන් කොරා. . . . . . යකෝ. . . මේකා ජැමෙයිකාවේ උසේන් බෝල්ට් වගේ දිව්වේ නැද්ද කැලේට. . . . ඇත්තමයි මේකාව ට්‍රේනින් කොරොත් ඔලිම්පික් හිටන් යවන්ට පුලුවන් චරිතයක්. . . . . සිරාවටම කිව්වොත් ලක් මෑනියන් රනින් බබලවන්න පුලුවන් චරිතයක්

අහෝ. . . . උදේ සිට ඒ බල්ලා ආගි අතක් නොමැත. . . බුවාගේ මෑනියෝ ඒ බල්ලාව ගම පුරා සොයන ලදී. . . . .ඒත් පලක් වුයේ නැත. . . . .කාට කියන්නද මේ දුක. . . . .පරීක්ශනය ගැන බැලීමටද බල්ලා සොය ගත යුතුය. . මොහුට මොකද වුනෙ???? මොහු ගියේ කොහෙද??? මේව උත්ගතවී ඇති ප්‍රස්නය. . .

ඔබත් හැට පැනපු නාකි බල්ලෙකු දු‍ටුවහොත් ලගම ඇති පොලිස් මුරපොල වෙත දැනුම් දෙන්න. . . . එය බුවාගේ ජීවිතේ ‍රැකදීමට වක්‍රකාරයෙන් සහය වීමක් වැනිය. . . . . .
 

                                                <<<<(බුවා බුකියට දාපු ස්ටේ‍ටුවකි)>>>>

0 comments:

නීල සබන්

      දන්නවද??

සුදු ඇදුම් ඇයි නිල් සබන් වලින් හෝදන්නේ. . ? මොකද එතකොට තමා ඇදුම් සුදෝ සුදු වෙන්නේ. . . . .
බුවාට මේක පෙහෙලිකාවක්. . . .
ඇයි යකෝ සුදු ඇදුම් සුදු වෙන්න සුදු පාට සබන් ගාන්න එපැයි. . . . මොන මගුලක්ද මේ. . . . .
බුවා කල්පනා කොරා. . . .
කොරා. . . . . 
කොරා. . . . . . 
ම්ම්. . . බුවාට දැන්නේ තේරුනේ පොටේ. . .
බුවා මේ පිලිබදව දැඩිව පරීක්ශන කර දැඩි තර්කානූකූලව පහත සමීකරනය ගොඩනගන ලදී. . . .

සුදු + නිල් = සුදෝ සුදු
මෙම පරීක්ශනය මගින් බුවා පහත නිගමනයට එලබෙන ලදී. .

යමෙක්ගේ සමේ පැහය සුදුනම් ඔහු දිනපතාම නිල් සබන් ගෑමට පුරුදු විය යුතුය. . .මොකද ඔහු එයින් සුදෝ සුදු වීමට බාජනය වීම නියතය .
යමෙක්ගේ පැහය තලෙළුනම් ඔහු දිනපතාම නිල් සබන් ගෑවොත් ඔහු නොබෝ දිනකින් සුදු පැහයට පත්වේ. . . .
තවද. . යමෙක්ගේ පැහය කලුනම් ඔහු දිනපතාම නිල් සබන් ගෑවොත් ඔහු එම මොහෙතෙම . . . . . .නිල් වෙයි. . . . එය ඔබද. . . මාද දන්න කරුනකි. . . . .

එසේනම් තීරනය ඔබ අතේය. . . . . තව දුරටත් සුවදට වහල්වී සුවද සබන් ගා ෆජාත වෙනවාද. . ??. . . නැතහොත් නහය වසා සබන්ගා සුදු කොල්ලෙක්, කෙල්ලෙක් වෙනවාද??. . . .තීරනය ඔබ සතුය. . . . . උපදෙස් දීම ෆට්ට බුවා සතුය. . . . .

3 comments:

Blogger Template by Clairvo