Wednesday, May 22, 2013

ෆට්ටේ වගේ පෙන් එකෙන් වින්ඩෝස් - Command Prompt වලින් ඈ


ඔන්න ඉතින් බුවා අදත් ආවා කියන්නකෝ පෝස්‍ටුවකුත් කරගහන්. . බුවාගේ බ්ලොග් එක පාලුවට යන්න දෙන්නත් බැනේ . . නැද්ද මන් අහන්නේ. . . ඉතින් අසිරිමත් වෙසක් මංගල්‍යට කලින් බුවා දාන අන්තිම පෝස්‍ටුව මේක කියන්නකෝ. . . මොකද මේ ටිකේ කීයක් කියලා වැඩද බුවාලට. . . බුවාට විතරක් නෙවෙයි බුවාගේ කොල්ලෝ කෙල්ලෝ සැට් එකටත් එහෙමනේ. . . .කූඩූ හදන්නයි, දන්සල් දෙන්නයි, හොල්මන් මන්දිර ගහන්නයි. . . . කීයක් කියලා කොරන්නද ඇත්තටම. . . .

ඉතින් ඉතින් ඔහොම යද්දී පොඩි විවේකයකදී බුවා හිතුවා පොඩි පෝස්‍ටුවක් දාන්න කියන්නකෝ. .  මොකද ඒක බුවාගේ ආතල් එකනේ. . . බුවාට ආතල් එකක් වගේම අපේ කස්ටියටනම් ඒක මාරම වැදගත් වෙනවා කියලා බුවා දන්නවා ඕන් එකෙන්ම. . . ඉතින් ඒ හින්දා බුවා කොහොම හරි හදන්නේ අපේ කස්ටියට මොකක් හරි වැදගත් යමක් දෙන්න. . . .

ඉතින් වැඩිය දොඩන එක මේවගේ තුන්වැනි ලෝකේ රටකට ඔබින් නැනේ හත්තිලවුවේ. . . ඒ ගැන හිතපු බුවා ඕන් වැඩේට බැස්සා කියන්නකෝ ඩොන් ගාලා. . . ඉතින් කොල්ලනේ බුවා අද දෙන එක ගැනනම් කස්ටිය ගොඩක් දන්නවා ඇති. . . ඒත් බුවාගෙනුත් අහගත්තොත් වැඩිවෙන එකක්යැයි. . . බු හා හා. . .  හැමදාම කියනවා වගේ මේ පෝස්‍ටුවත් අපේ දන්නේ නැති කොල්ලෝ කෙල්ලන්ටයි ඇ. . . .

අහ් කියන්න බැරි උනානේ. .  බුවාගේ පෝස්‍ටු වලින් පාඩම්මාලාත් දෙනවනේ. .ඉතින් මේක තමා පලවෙනි එක කියන්නකෝ. . . අපේ සමහර කොල්ලෝ කෙල්ලෝ Microsoft Exam එහෙම කොරනවා ඇති. .  ඉතින් ඒ යටතේ MCTS කියන Exam එකේ මේකත් එක පාඩමක් කියන්නකෝ. .ඉතින් බුවානම් මේවා ඉගෙන ගත්තේ සල්ලි දීලා. . ඉතින් බුවා අපේ කස්ටියට මේවා දෙන්නේ නොමිලේ ඇ බුවා එහෙමයි. . . ඉතින් ඉදිරියටත් එක එක පාඩම් බුවා ගේනවා හොදේ. .  අපේ Exam කොරන් නැති කොල්ලෝ කෙල්ලෝ මේවා නිකමට කොරලා බලන්නකෝ ඇ. .ෆන් එකට. . . .

ඉතින් දැන් කියන්නම් වැඩේ. .  ගොඩක් කස්ටිය කම්පියුටර් එක ලෙඩ දුන්න ගමන් කොරන්නේ ඉස්සෙල්ලාම ෆෝමැට් කොරන එකනේ. . ඊට පස්සේ ඉතින් ආපහු වින්ඩෝස් දානවා. .අම්මේ බුවාටනම් මේක එපා කොරපුම වැඩක් කියන්නකෝ. . පැය ගානක් බලාගෙන ඉන්න එපැයි. . . අනික මේ වැඩේ හොදට වෙන්නනම් හොද වින්ඩොස් DVD එකකුයි DVD ROM එකකුයි තියෙන්නත් එපැයි. . මොකද පොඩි හෝ අවුලක් තිබ්බොත් වින්ඩෝස් දාන්න බැරිව එරර් මැසේජ් එනවා. . එතකොට ඉතින් බිල් ගේට්ස් අන්කල්ගේ අම්මා මුත්තනේ සිහි කොරන්නේ නේ අපේ කස්ටිය. . . . . ඉතින් ඔය වගේ අවුල් තියෙන මැශින් වලට කියාපු විදිහ තමා පෙන් ඩ්‍රයිව් එකකින් වින්ඩෝස් දාන එක කියන්නකෝ. . .මේකෙන් ගොඩක් ඉක්මන්ට වගේම කිසිම එරර් මැසේජ් එකක් නැතිව වැඩේ කොර ගන්න පුලුවන් ෆට්ටේ වගේ. . අය ෆට්ට ස්පීඩ් ඇ. . . . . 

ඉතින් ඔය වගේ කබල් මැශින් වලට එහෙම මේක කියපු බඩුව.. අය ෆට්ට ස්පීඩ් හින්දා අය මැශින් එකට වින්ඩෝස් දාද්දී මෙහම දාන්ට අමතක කොරන්න එපා ඇ. . . .එහෙනම් කොල්ලනේ අපි සැට් එක වැඩේට බහිමු ෆටාර් ගාලා. . . මේ වැඩේට ඕන වෙන්නේ වින්ඩෝස් DVD (බුවානම් දැන් දාන්නේ windows 7 ඇ) එකකුයි 4GB වලට වඩා ඉහල පෙන් ඩ්‍රයිව් එකකුයි ඇ. . . එහෙනම් ඒවත් ලන් කොරගෙන බුවාගේ සරල පියවර ඔස්සේ යමුකෝ ඇ. . . හරියට වැඩේ කොරොත් ඉතින් කාටද ආඩම්බරේ. . . . බු හා හා. . . . .


(1) ඉස්සෙල්ලාම කස්ටියගේ පෙන් ඩ්‍රයිව් වල තියෙන කුනුටික අහක් කොරලා හොද ෆෝමැට් පාරක් දෙමුකෝ. .  මෙන්න බුවානම් ෆට්ටේ වගේ ෆෝමැට් කොරා ඇ. . . .පේනවනේ දැකුම්කලු බව




(2) ඊලගට Start මෙනුවේ Search Bar එකේ CMD කියලා කොටා Command Prompt එක ගන්නකෝ
      හා හා ඔය එන්නේ දිලිසි දිලිසී බබා වගේ  


(3) පේනවා ඇතිනේ කොල්ලනේ Command Prompt වල දැන් ඉන්නේ ෆට්ටබුවාගේ යුසර් එකවුන්ට් එකේ කියලා. .  ඉතින් මෙතන ඉදලා බැ නොවැ. .මේ වැඩේ කොරන්න වෙනම තැනකට යන්න ඕන. . එහෙනම් යමු ඩෝන් ගාලා. .  වරෙල්ලා බුවා කියන විදිහට යමන්ලා. . . .

දැන් Command Prompt  එකෙහි බුවා කියන පිලිවෙලට ටයිප් කොරහල්ලා ඇ. . .

CD/
CD Windows
CD System32
අවුලක් නැනේ. . .මෙන්න මේ ෆොටෝ කැල්ලේ තියෙන විදිහට ඇ. . 




(4) අන්න හරි කියන්නකෝ. . . දැන් අපේ කස්ටිය ඇවිත් ඉන්නේ System32 කියන ෆෝල්ඩරය නොහොත් ඩිරෙක්ටරියට. .ඉතින් මේකේ තමා ඉන්නේ මේ වැඩේට ඕන කොරන වැඩ්ඩා කියන්නකෝ. . .ඒ වැඩ්ඩා ඇක්ටිවු කොර ගන්න Diskpart කියලා ටයිප් කොරලා එන්ටර් කොරන්න . .

දැන් පේනව ඇතිනේ Diskpartඑක open වුනා කියලා. .



(5) දැන් කොරන්න තියෙන්නේ කම්පියුටරේට අපි ගහපු පෙන් ඩ්‍රයිව් එක ‍තෝරන වැඩෙයි. . .මේ සදහා කම්පියුටරේ තියෙන සියලුම ඩ්‍රයිව් පෙන්නීම සදහා List Disk කියන කමාන්ඩ් එක ඩෝන් ගාලා ගහන්නකෝ. . .


(6) ඉතින් කොල්ලනේ මෙතනින් පෙන්වන්නේ දැනට කම්පියුටරේට ගහලා තියෙන ඩ්‍රයිව් ටික. ඒක ඉතින් එක එක පුද්ගලයාට වෙනස් වෙනවනේ. . මොකද බුවාගේ ෆජාත කම්පියුටරේ හාඩ් ඩිස්ක් තමා ඔය උඩින් තියෙන්නේ. . යටින් තියෙන්නේ බුවාගේ ෆට්ට පෙන් එක. . ඉතින් මෙතන ඉදන් උබලාගේ පෙන් ඩ්‍රයිව් එක ‍තෝරගන්න ඕනේ. .ඔය GB ගානෙන් ඒක ලේසියි නොවැ. . .එහෙනම් බුවාගේ පෙන් එක Disk 2 වන හින්දා බුවා මෙහෙම ටයිප් කොරනවා කියන්නකෝ. . ඇයි අප්සට්ද?

Select Disk 2  (උබලත් මේක ටයිප් නොකර පෙන් එකේ හරි ඉලක්කම බලලා ටයිප් කොරහල්ලා ඇ. .  බුවාගේ 2 හින්දා බුවා 2 දැම්මා එකෙන්ම)


(7) දැන් පෙන් එක තේරීමේ වැඩේ අහවරයි කියන්නකෝ. . . ඊලගට පෙන් එකේ සාමාන්‍ය සැකසුම් නැතිකොර මේ වැඩේට ඕන විදිහට ෆට්ට කිරීම සදහා Clean කියන කමාඩ් එක ගසපියවු. . .


ඉතින් කොල්ලනේ දැන් අපි සැට් එක ආවේ මේ අපේ පෙන් එක පාටිශන් කොර ගන්නයි. . කස්ටිය දන්නවා ඇති බූටබල් ඩිස්කයක් හදන්න නම් පාටිශන් එකක් අනිවා තියෙන්ට ඕනේ කියලා. . ඉතින් පල්ලෙහා තියෙන සරල පියවර ඔස්සේ යමුකෝ ඇ. . . 

(8) දැන් පාටිශන් එක හැදීම සදහා Create Partition Primary කියලා ටයිප් කොරමුකෝ. . 


(9) දැන් ෆට්ටේ වගේ පාටිශන් එකක් හැදුනා කියන්නකෝ. . . ඒක ‍තෝරාගැනීම සදහා Select Partition 1 කියලා ටයිප් කොරමු ඇ . .



(10) දැන් හදපු පාටිශන් එකත් ‍තෝරාගෙන හරි ඇ. . .දැන් මේ හදපු පාටිශන් එක ඇක්ටිව් කොර ගැනීමට Active කියලා ඩෝන් ගාලා ටයිප් කොරමුකෝ එහෙනම්. . .




එසේනම් කොල්ලනේ දැන් තියෙන්නේ අපිට මේ පෙන් කස්ට ෆෝමැට් කිරීමේ කාර්යයි. . ඒකත් කොරමුකෝ එහෙනම් එකෙන්ම. . .

(11) ඒ සදහා Format fs=ntfs quick කියලා ටයිප් කොරමු ඇ. . ntfs කියලා දැම්මේ ෆෝමැට් කොරන්න ඕන ෆයිල් ෆෝමැට් එක කියන්නකෝ. . . කරුමෙට මේ ෆෝමැට් එකෙන් ෆොමැට් කොරන්න බැ කිව්වොත් මේ ෆෝමැට් එකෙන් ට්‍රයි කොරලා බලන්නකෝ. .(Format fs=fat32) පස්සේ දවසක මේ ෆෝමැට් වලින් කොරන වැඩේත් කියලා දෙන්නම්කෝ හොදේ. .  දැනට මේකෙන් වැඩ කොරන එකක් දාලා බලන්න ඇ. . .

ඊට පස්සේ ඉතින් කටබලියගෙන බලන් ඉන්න වෙනවා 100% පිරෙන්ට ඇ. . මොනවා කොරන්නද ඉතින්. .හරියට කොරානම් මේ බුවාට වගේ මැසේජ් එකක් එයි ඇ. . .


(12) ඉතින් කොල්ලනේ මේ  ෆජාත Command Prompt එකෙන් සමු ගන්න ලගයි කියන්නකෝ දැන්. . . අවසාන වශයෙන් අපේ පෙන් එක අදුර ගැනීම සදහා ඩ්‍රයිව් ලෙටර් එකක් දෙන්න වෙනවා. .නැත්නම් අශෝබනයිනේ. . ඉතින් ඒ සදහා Assign කියා ටයිප් කොරහල්ලාකෝ. . .
අවසාන වශයෙන් මේ ෆජාත Command Prompt එකෙන් කැපෙන්ට Exit කියලා ටයිප් කොර හොද හුස්මක් ගනිල්ලා. . .


දැන් ඔබේ පෙන් එක මෙලෙස බැබලෙනවා ඇති. . .



(13) ඉතින් කොල්ලනේ දැන් කොරන්න තියෙන්නේ වින්ඩෝස් 7 DVD එක දමා ඒ DVD එකේ තියෙන සියලුම ෆයිල් පෙන් එකට කොපි කොර ගන්න එකයි. .  මේ එක ෆයිල් එකක් වත් හලන්නේ නැතිව පෙන් එකට කෙලින්ම දාන්න ඇ. . .


                                                        අෆේ අෆ්ෆෝ කොපි වෙනෝ. . . . .


කොපි කොරලා ඉවර වෙලා පෙන් එක ගලවලා ආපහු ප්ලග් කොරන්නකෝ. . . .ඇ බොලේ මාරයි නේ. . . . . මේන් පෙන් එක බූටබල් ඩිස්ක් එකක් වෙලා. . . . ඔව්වට ඉතින් බුවාලා ඉන්නම එපැයි. . . .නැද්ද. . . . ?


ඉතින් කොල්ලනේ මේ කස්ට කැවේ ඕක කොර ගන්නනේ. .  උබලට පේනවා ඇති පොඩි පියවර ටිකක් තියෙන්නේ. .  උබලට තේරෙන්ට කියලා ෆෝටෝසුත් එක්ක සරලව දැම්මේ. . .නැත්නම් බුවා කමාන්ඩ් ටික විතරක් දානවා. . එහෙම දැම්මා වගේ නෙවෙයිනේ ඊට පස්සේ එක එකා කෑමොර තියනට පටන් ගත්තොත් ඉවරනේ. .මේ පෝස්‍ටුව මොන්ටිසෝරි කොල්ලෙක්ට උනත් කියවලා තේරුම ගන්ට පුලුවන් ඇ. . . . ඒකයි බුවාගේ විශේෂත්වේ ඕන්. . . .


(14) දැන් ඉතින් BIOS වලට ගොහින් First Boot Device එක පෙන් ඩ්‍රයිව් එකට ‍තෝරහල්ලා ඇ. . එව්වා ඉතින් දන්නවනේ මගේ අම්මලා. . .ඒක ඉතින් බෝඩ් එකෙන් බෝඩ් එකට වෙනස් වෙන හින්දා හරියටම කියන්න බැ. . ගොඩක් දුරට Advanced BIOS Features / Hard Disk Boot Priority වල තමා හදන්න තියෙන්නේ. . අහ් තව එකක් පෙන් එක කෙලින්ම පෙන්නවුවේ නැති උනොත් USB-HDD වගේ ආසන්න නමක් දෙන්න ඇ. . . .

ඊට පස්සේ රීස්ටාට් කොරලා සුපුරුදු විදිහට වින්ඩෝස් ඉන්ස්ටොල් කොරහල්ලාකෝ. . . බලහල්ලා DVD එකකින් දානවා වගේද? කිසිම සද්දයක් නැ. . . බර බර නැ. . . එරර් මැසේජ් නැ. . . ෆට්ටේ වගේ ස්පීඩ්. . .ආසාවේ බැ අෆ්ෆා

ඉතින් කොල්ලනේ බුවාට ෆට්ට මහන්සි උනත් උබලා යම්කිසි දෙයක් දැනගත්තානම් එයයි බුවාගේ එකම සතුට ඇ. . .අනිවා කොරලා බලහන්. . .පොඩි පියවර ටිකක් තියෙන්නේ . . ඉතින් හැමදාම වගේ කියන්නේ මේ පෝස්‍ටුව ෆට්ටනම් හෝ ෆජාත නම් අනිවා කමෙන්ට් කොරහල්ලා ඇ. . .ඒකෙන් තමා බුවා පන්නරයක් ගන්නේ කියන්නකෝ. . . අහ් තව එකක් කැමති දේවල් තියෙනවනම් ඒවත් ඉල්ලපන්ලා ඇ. . පුලුවන් දෙයක්නම් බුවා අනිවා දෙනවා. . . .

එහෙනම් බුවා යන්න කියලා ඕන්. . . කොරලා බලලා අවුලක් ආවොත් අනිවා කියහන්ලා ඇ. . . එහෙනම් මේ වගේ පෝස්ට් ගැන ඉක්මනට දැන ගන්න බුවාගේ බ්ලොග් එකට ජොයින් වෙමු ඇ. . .එසේනම් කස්ටියටම ෆට්ට සට ෆට සතියක් වේවා එකෙන්ම ඕන් . . . .බුවා ගියෝ. . .තවත් දවසක එනෝ. . . . . . .උම්මා. . .!




6 comments:

Saturday, May 18, 2013

ෆජාත ෂෝට්කට් පෙනුමෙන් ෆට්ට අයිකන් කොරගමු - Registry Edit



හායි කොල්ලනේ. . . . කොහොමැයි ඉතින්. . . ටික දවසක් යනකන් බ්ලොග් එකට ගොඩවෙන්නත් බැරිවුනා කියන්නකෝ. . . ඒත් ඉතින් ඒ ටිකේ බුවා බුකියෙමයි කරක් ගැහුවේ. . . . කරක් ගහනකොට චැට් එකේ ඉන්න අපේ කස්ටිය අහන්නෙම "බුවා බ්ලොග් එකක් ලිව්වේ නෑ?" කියලා. . . ඉතින් බුවාට ෆට්ට හැපි අපේ කොල්ලෝ බුවත් එක්ක ඉන්න එක ගැන. . . . ඉතින් ඒ ගැන ගැබුරෙන් හිතපු මේ බුවා අද හිතුවා ඕන් බ්ලොග් පෝස්‍ටුවක් ලියන්න. . . ඒක ඉතින් බුවාගේ ආතල් එකක් වගේම අපේ කොල්ලෝ කෙල්ලන්ටත් මොනවහරි දැන ගන්නත් පුලුවන්නේ. . . . නැද්ද මන් අහන්නේ. . . . .

කිවුවත් වගේ බුවා අදත් පෝස්‍ටුවක් කර ගහන් ආවා. . ගොඩක් කස්ටිය කැමතිනේ ට්‍රික්ස් වලට. . .ඉතින් බුවත් බ්ලොග් එකේ ට්‍රික්ස් දෙනවා කියලා දන්නවා ඇති මගේ කොල්ලෝ ටික. .බුවා ගිය පාර දුන්න ට්‍රික්ස් එකට ගොඩාක් කස්ටිය හොද කිව්වා. . ගොඩක් අය ඉල්ලන්නෙත් ට්‍රික්ස්නේ බුවාගෙන්. .ඉතින් ඔන්න අද දෙන ට්‍රික්ස් එක ගොඩක් කස්ටිය දන්නවත් ඇති. . . ඒත් ඉතින් බුවා මේ පුංචි පහේ ට්‍රික්ස් එක දෙන්න හිතුවේ අපේ මෙලොව දෙයක් දන්නේ නැති බුවාගේ සැට් එකටයි ඇ. . . . .

වැඩි කතා නොහොත් ෆොයිය ඕන නැනේ. . . බුවා අද ගෙනාවේ අපේ ඩෙස්ක්ටොප් එක ලස්සන කොර ගන්න පුලුව්න් පොඩි වැඩ කෑල්ලක් අරගෙන. . . ගොඩක් අය දැකලා ඇති එක එක කස්ටිය කම්පියුටර් ඩෙස්ක්ටොප් එක ෆට්ට ෆජාත කොරගෙන ඉන්නවා. . හැම තැනම ෂෝට්කට් අයිකන් පිරිලා. . කොටින්ම කියනවනම් බුවාගේ රීසයිකල් බින් එක වගේ. . . . බු හා හා. . . . ඉතින් මේ ගැන හිතපු බුවා අද උබලට දෙනවා මේ ෆජාත ඩෙස්ක්ටොප් එක ෆට්ට කොර ගන්න පොඩි ට්‍රික්ස් එකක්. . .ඒ මොකක්ද ඒ. . . ? මේකෙන් පුලුවන් අපේ ෂෝට්කට් අයිකන් එකක් වගේ හදා ගන්න. . ගොඩක් අය දැකල ඇති මේ ෂෝට්කට් තමා ඩෙස්ක්ටොප් එකේ හෝ කොහේහරි ෆට්ට ෆජාත කොරන්නේ. . . මොකද ඒකේ අර ඊතල මාක් එකක් තියෙනවනේ. . අද බුවා කියලා දෙන්නේ මේ මාක් එක නැති කොරලා ෂෝට්කට් එකකට අයිකන් එකක පෙනුම දෙන්නේ කොහොමද කියලා ඇ. . . . .

ඉතින් මේකට නෙට් එකේ එක එක සොෆ්ට්වෙයා තියෙනවා. . . ඒවා අරන් ෆජාත වෙන්නේ මොකටද මේ බුවා ඉන්නකන්... . ඉතින් බුවා මේක කොරන්නේ වින්ඩෝස් වල රෙජිස්ට්‍රියට පොඩි එඩිට් පාරක් දීලා ඕන්. . . කස්ටිය දන්නවා ඇති රෙජිස්ට්‍රිය තමා වින්ඩෝස් වල හදවත කියලා. .පොඩි හෝ වැරදීමකින් ෆට්ට ෆජාත වෙන්න පුලුවන් ඔක්කෝම.. .  ඒ හින්දා බුවා කියන විදිහටම වැඩේ කොරන්න ඇ. . . නැත්නම් ෆඩ වැඩ කොරන්න ගිහින් අන්තිමේදි කෙලවගෙන මේ අහින්සක බුවා අහන්න එපැයි බැනුම්. . . . එහෙනම් කොල්ලනේ බුවා සරලව කියන්නම්. . .ඒ විදිහටම කොරන්න ඇ. . . . .

(1) Start මෙනුවේ Search Bar එකේ Regedit කියලා ටයිප් කොරහල්ලාකෝ

      ඔය ආවේ බබා වගේ Registry Editor එක



 (2) දැන් වරද්දවා ගන්නේ නැතිව මෙන්න මේ කියන පිලිවෙලට යන්නකෝ. . . . ඔය රෙජිස්ට්‍රියේ ෆෝල්ඩර්      ඕපන් කොරගෙන

HKEY_LOCAL_MACHINE > SOFTWARE > Microsoft > Windows > CurrentVersion > Explorer


(3) ඔන්න කොල්ලනේ දැන් තමා පොට් එකට ආවේ කියන්නකෝ. . . දැන් ඔය Explore කියන ෆෝල්ඩර් එක රයිට් ක්ලික් කොරලා New වල Key කියන එක ‍තෝරහල්ලා ඩබල් එකේ. . . දැන් උබලා හදා ගත්ත Key  එක Rename කොරන්න ඕනේ Shell Icons කියන නමින්. .  වරද්දවා ගන්න එපා හොදේ ෆොටෝස් බලලා ගානට කොර ගන්න ඇ. . .


(4) ඉතින් කොල්ලනේ දැන් කොරන්න තියෙන්නේ ඔය අලුතින් හදාගත්ත Shell Icons කියන ෆෝල්ඩර් එක සිලෙක් කොරලා දකුනු පැත්තේ හිස් ඉඩේ රයිට් ක්ලික් කොරලා New වල String Value කියන එක ‍තෝරන එකයි. . . අන්න එතකොට New Value #1 කියලා  ෆයිල් එකක් හැදෙයි ඩෝන් ගාලා. . . ඒක මගේ අම්මලා Rename කොරගනියවු 29 කියලා ඇ. . . .


(5) දැන් ඔය 29 කියන ෆයිල් එක රයිට් ක්ලික් කොරලා Modify කියන එක ‍තෝරහල්ලාකෝ


(6) දැන් Edit String කියලා පොටි පෙට්ටියක් එන්ට ඇතිනේ. . .  අන්න එතන තමා තැන කොල්ලනේ. . . මෙතන Value Data කියන තැනට අපේ කම්පියුටරේ බ්ලැන්ක් අයිකන් එකක් තියෙන ලින්ක් එකක් දුන්නනම් වැඩේ ෆට්ටේ වගේ ගොඩ ඕන්. . . කවුරුත් දන්නවා ඇතිනේ කම්පියුටරේ අයිකන් ෆයිල් තියෙන්නේ System32 ෆෝල්ඩරයේ කියලා. . අන්න එතන තමා මේ අයිකන් තියෙන්නේ. . . අන්න ඒ ලින්ක් එක තමා බුවා මෙතන කොටලා තියෙන්නේ. .  ඕන් බුවා පල්ලෙහායින් ඒක දැම්මා කොපි කොරලා ඔය පෙට්ටියේ Value Data කියන එකට ඔබහන්ලා ඇ. . . .


මෙන්න මේකයි ලින්ක් එක ඇ. . හලන් නැතිව ඩබල් එකේ කොපි කොර ගනින්ලකෝ. . .

                           >>>>>>    %SystemRoot%\system32\SHELL32.dll,52    <<<<<<




(7) අන්තිමේට මෙන්න මෙහෙම අපේ ලින්ක් එක ඇඩ් වෙලා තියෙනවනම් වැඩේ ගොඩ ඇ. .


(8) ඉතින් කොල්ලනේ වැඩේ අහවරයි ඕන්. . . .දැන් ඉතින් මැශින් එක රිස්ටාට් කොරලා බලහල්ලාකෝ . . . ෆට්ටේ වගේ ඇ. . අර ෂෝට්කට් ටික කොහෙන් ගිහින්ද දන්නැ. . .ඔක්කෝම අයිකන් වගේ. . . දැන් ඉතින් බිල් ගේට්ස් අන්කල්ටවත් බැ මෙව්වා ෂෝට්කට් කියලා අදුර ගන්න. . . . කොහොමද ෆට්ටයි නේ කොල්ලනේ. . . දැන් කොහොමද ඩෙස්ක්ටොප් එක ෆට්ටේ වගේ නේ. . . .

2 ක්‍රමය (ආතල් එකට කොර බලන්න)

ඉතින් කොල්ලනේ මේවැඩේට අපේම කියලා අයිකන් එකකුත් දෙන්න පුලුවන් ඇ. . . නිකන් ඉන්නකොට ඒකත් කොරලා බලහල්ලා. . . බුවා ඔන්න ඩවුන්ලෝඩ් කොරගන්න දැම්මා බ්ලැන්ක් අයිකන් එකක්. . . ඉතින් ඒක අපේ හාඩ් ඩිස්ක් එකේ තියෙන තැනේ ලින්ක් එක දුන්නනම් ඒත් හරි ඇ. . . මේ තියෙන්නේ එහෙම කරොත් දාන විදිහ ඇ. . .



ඉතින් අය බබාලට වගේ කියලා දෙන්න දෙයක් නැනේ කොල්ලනේ මේකත් කොරොත් අනිවා රීස්ටාට් කොරලා බලන්නකෝ. . . කොහොමද වැඩේ කියලා. . . .

මෙන්න බලාගනිල්ලා කොරන්න කලින් හා කෙරුවට පස්සේ පෙනෙන විදිහ. . .



මෙන්න දැන් බුවාගේ ඩෙස්ක්ටොප් එක ඇ. . මේ ඔක්කොම අයිකන් එහෙම නෙවෙයි ඕන්. . . මෙව්වා ෂෝට්කට් ඇ ඔක්කෝම. . . .ආසයි නේ. . . .


මතක තියා ගනියවු : නැවත පෙර තිබූ ආකාරයට ෆජාත ෂෝට්කට් ටික ලබාගැනීමට අවශ්‍ය නම් කරුනාකොර Shell Icons වල තිබෙන 29 කියලා හදපු ෆයිල් එක ඩිලීට් කොරනු මැනවි. .නැවත රීස්ටාට් කිරීමෙන් පෙර තිබූ ෆට්ට ෆජාත ෂෝට්කට් ටික ලැබි තිබෙනු ඇත. .

ඉතින් කොල්ලනේ බුවා අද හිතනවා බුවාගේ පෝස්‍ටුව ලාවට හරි වැදගත් වෙන්ට ඇති කියලා ඕන්. . .ඒ ගැන ඉතින් බුවා දන්නේ උබලගේ කමෙන්ට් වලින් කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැනේ කොල්ලනේ. . .ඉතින් මේ පෝස්‍ටුව ෆට්ටනම් හෝ ෆජාතනම් අනිවා කමෙන්ට් කොරන්න ඇ. . . . ඒකෙන් තමා බුවා අලුත් පෝස්‍ටුවකට පන්නරයක් ලබාගන්නේ එකෙන්ම ඇ. . . . ඉතින් කොල්ලනේ බුවා ඕන් කැෆෙන්ට කියලා. .  මේක කොරලා බලලා අනිවා බුවාට කියමුකෝ ඇ. .  ගැටලු වලට බුවා උත්තර බදින්න සැදී පැහැදී ඉන්නවා කියන්නකෝ. . . .ඉතින් බුවා යනෝ. . .තවත් දවසක එනෝ. . . එන්නේ නිකන් නෙවෙයි අලුත් දෙයක් කර ගහන් ඇ. . . ඉතින් බුවාගේ බ්ලොග් එකට ජොයින් උනේ නැති අය ජොයින් වෙමු. . . ඒකෙන් අලුත් පෝස්ට් ගැන ඉක්මනටම දැන ගන්න පුලුවන් වෙයි ඇ. .  එහෙන්ම් නැවත බුවා එනකන් කස්ටියට ෆට්ට සට ෆට සතියක් ඇ. . . . .උම්මා. . . .


Download Icon File =====>>>> DOWNLOAD NOW

7 comments:

Tuesday, May 14, 2013

පොලීසියට ආඩම්බරයක් වූ ෆට්ට සුදුඉරි අයියා - The Naked Gun: From the Files of Police Squad!



කොල්ලනේ. . . . . කොහොමැයි ඉතින්. . . ඔන්න ඉතින් බුවා අදත් පෝස්ටුවක් කර ගහන් ආවා කියන්නකෝ. . . . එකෙන්ම. . . කස්ටිය දන්නවා ඇතිනේ බුවාගේ බ්ලොග් එක, එක දෙයකට පමනක් සීමාවුන එකක් නෙවෙයි කියලා. . . අපේ කොල්ලෝ කෙල්ලනට වැදගත් වෙනවනම් යම් දෙයක් ඒක බුවාගේ බ්ලොග් එකේ දාන එක තමා බුවාගේ ආතල් එක කියන්නකෝ. . .  නැත්නම් ඉතින් මේ බ්ලොග් කෙරුවාවෙන් වැඩක් තියෙනවද නෙහ්?

ඉතින් කොල්ලනේ බුවා අද දෙන්න හිතුවේ පොඩිෆිල්ම් කස්ටක්. . . මොකද තවමත් බුවාගේ බ්ලොග් එකේෆිල්ම් කස්ටක් දාන්න බැරි උනානේ හැබෑට. . . ඉතින් බුවා බලපු ෆට්ට ආතල්ෆිල්ම් එකක් බුවාගේ සැට් එකටත් බලන්න දාන එක බුවාගේ යුතුකමනේ. . .. අන්න හින්දා බුවා මේෆිල්ම් කස්ට අපේ අයට දෙන්න හිතුවා. . . ඒත් ඉතින් අපේෆිල්ම් ෆට්ට ගහන අයියලානම් මේක දැනටමත් බලලා ඇති. . . මොකද මේක තරමටම ෆට්ට සට ෆටෆිල්ම් එකක් කියන්නකෝ. . . .කමක් නැ ඉතින් බුවා දන්නවා තවමත් මේක බලපු නැති උන්දැලා ඉන්නවා කියලා. .  මොකද බුවා උනත් ලගදිනේ බැලුවේ. . . 

ඉතින් ඔක්කෝටම කලියෙන් මේෆිල්ම් එක ගැන කියන්න එපැයි. . මේක තමා The Naked Gun: From the Files of Police Squad! ‍ෆිල්ම් එක ආවේ 1988 . "බුදු අම්මියෝ හඩ්ඩ ෆරන එකක් නේ" එහෙම කියන්න පුලුවන් අපේ කොල්ලෝ. . . කොල්ලනේ මේක හඩ්ඩ ෆරන උනත් ෆට්ටෆිල්ම් එක . . නිකන් ෆජාතෆිල්ම් දානවද මේ බුවා. . .  අන්න ඒකයි මේක දැම්මේ කියන්නකෝ. . මේවා එද්දී බුවාලා ඉපදිලාවත් නැ ඕන්. . . උනාට නාබර වයසේ ඉන්න බුවා උනත් පෙරලි පෙරලි හිනා උනා කියන්නකෝ මේක බලලා. . . . 

ඉතින් කොල්ලනේ මේක ෆට්ට කොමඩියක් ඕන්. .  අය ගැන කියලා වැඩක් නැ. . . ඉතින් මේෆිල්ම් එක ගැන කිව්වොත් මේකේ ෆට්ට චරිතය නොහොත් ප්‍රධාන චරිතය තමා Leslie Nielsen කියන්නේ. . කස්ටිය දන්නවා ඇතිනේ Leslie Nielsen කියන්නේ ෆට්ට බුවෙක් කියලා. . . කිව්වේ සුපිරි කොමඩි නලුවෙක්. . ඒත් ඉතින් අවාසනාවට  2010 වසරේදී ඔහු මෙලොවින් සමු ගත්තා. . . ඇත්තටම ඔහු මේෆිල්ම් එකේ ෆට්ටටම රගපානවා. . විතරක්ද ඔහුගේ ජෝක් වලට බඩ අල්ලන් හිනා වෙන්න පුලුවන් ඕන් සිරාවටම. ඇත්තටම ඔහුගේ නැතිවීම බුවාටනම් ෆට්ට අප්සට් ඕන්. .මොකද වගේ සුපිරි කොමඩි නලුවෝ අඩුයිනේ අද කාලේ. . . ඉතින් බුවා අවන්කවම බුවාගේ ශෝකය ප්‍රකාශ කොරනවා ඕන් . .. .

ඉතින් ඔහු මේෆිල්ම් එකේ රගපාන්නේ පොලිස් නිලධාරියෙක් හැටියට ඕන්. . කිව්වේ ලොස් ඇන්ජලිස් නුවර පොලිස් බලකායේ ලුතිනන් කෙනෙක් ලෙසයි. . . අෆ්ෆටසිරි බලන්න එපැයි මෙයාගේ වැඩ ලුතිනන් නෙවෙයි කොස්තාපල්ලා වත් කොරන්නේ නැති වැඩ තමා මෙය කොරන්නේ. . . කියන්නේ හැම වැඩක්ම අනා ගන්නවා. . .නා ගන්නවා. . . .ෆජාත කොර ගන්නවා. . . .. ෆට්ට හිනා ඉතින් මේවා දකිද්දී  බුවාලටත්. . . ඉතින් කතාව පුරාවටම මොහුගේ ෆට්ට ආතල් වැඩ බලා ගන්න පුලුවන් ඕන් එකෙන්ම. . .. 

ඉතින් කතාව ගැන පොඩි ටෝකක් දුන්නොත් මෙහෙමයි ඕන්. . . ලොස් ඇන්ජලීස් පොලිස් බලකායෙන් ෆ්‍රැන්ක් ඩ්‍රෙබින්ට( Leslie Nielsen) දෙනවා ලොකු රාජකාරියක්. .  තමා එන්ගලන්තයේ දෙවෙනි එලිසබෙත්රැජිනගේ ලොස් ඇන්ජලිස් සවාරියට පූර්න ආරක්ශාව ලබා දීමයි..  මේ අතරතුර ආරන්චි වෙනවාරැජිනව ඝාතනය කිරීමට කන්ඩාම්යමක් සූදානම් වෙනවා කියලා.. . . ඉතින් අපේ කතා නායකයට පුලුවන් වෙයිද මේ ජන්ජාල වලින්රැජිනව බේර ගන්න. . . අහ් ඒකටනම්ෆිල්ම් එක බලන්ටම වෙනවා . . . .ඉතින් මේ ඔකෝම ගලා ගෙන යන්නේ ෆට්ට කොමඩි වලින්. . ඒකට ඉතින්ෆිල්ම් එක බලන්නම වෙනවා ඕන්. .

ඉතින් කොල්ලනේ සීරියස් කතා මාලාවක පලමු කොටස වන මෙය අධ්‍යක්ශනය කොරලා තියෙන්නේ David Zucker විසින්. . . ඉතින් බුවා ඊලග පෝස්ට් වලට මේ කාතාවේ ඉතිරි ‍ෆිල්ම් දෙකත් දාන්නම් ඈ. .  ඒවා බලන්න කලින් මේක බලන්න ඒපැයි. . . නැද්ද මන් අහන්නේ. . . .අහ් තව එකක් ‍ෆිල්ම් එකක් වශයෙන් මේක IMDB වල 7.6 ක ෆට්ට අගයක්ද ලබාගෙන තියෙනවා ඇ. . . .

ඉතින් කොල්ලනේ බුවා ටොරන්ට් ෆයිල් එක දැම්මා කියන්නකෝ ඩවුන්ලෝඩ් කොර ගන්න,. . උපසිරසත් බුවා බාපු එක දැම්මා ඕන්. . . ඉතින් දෙකම බාගෙන බලන්නකෝ කොහොමද බාන්ඩේ කියලා. .  ෆට්ට ෆරන උනාට රජ බඩුවක් ඇ. . . හිනාවෙලා පන යනවා. . .  ඉතින් කොල්ලනේ බුවා යන්ට කියලා. . . පල්ලෙහා ට්‍රේලර් එක ඇති බලන්න. .  ඩවුන්ලෝඩ් කොර ගන්න කලියෙන් බලල ඉන්න එක හොදයිනේ නේ. . . . එහෙනම් තවත් දවසක ෆට්ට පෝස්‍ටුවකින් හමුවෙමු ඇ. . . මේ පෝස්ට් එක ෆට්ටනම් හෝ ෆජාතනම් අනිවා කමෙන්ට් කොරන්න. .  එතකොට පුලුවන් බුවාගේ වැරදි හදාගන්න එකෙන්ම ඇ. . එහෙනම් බුවා කැෆුනා කියන්නකෝ. . . . කස්ටියටම ෆට්ට සට ෆට සතියක් ඈ උම්මා. . . . . 








Size - 700MB

Download Torrent File & Sinhala Subtitle ========>>>>>DOWNLOAD NOW<<<<<<



                                        



0 comments:

Wednesday, May 8, 2013

ඔබත් ෆජාත 64VGA ද? එහෙනම් මෙන්න ගහනවනම් බඩු - Tomb Raider Anniversary (Highly Compressed)



බු හා හා. . . . කොල්ලනේ. . . කොහොමැයි ඉතින්. . . කස්ටිය ෆට්ටේ වගේ ඉන්නවා ඇති කියලා බුවා හිතනවා. . . . ඕන්. . . . ඉතින් ඉතින් බුවා අදත් බ්ලොග් එක පැත්තේ ගොඩ උනා කියන්නකෝ. . . . . ඉතින් ඔන්න අදත් පෝස්‍ටුවක් කර ගහන් ආවා බුවාගේ සැට් එකට. . . . ඉතින් අද බුවා දෙන්න හිතුවේ පොඩි ගේම් කෑල්ලක් ඕන්. . . . බුවාගේ බ්ලොග් එකේ පලමු ගේම් පෝස්‍ටුව මේක ඈ. . .  .ඇයි අප්සට්ද??

ඉතින් කොල්ලනේ බුවා මොකක් හරි ගේන්ට කලින් හොයල බලනවා මේක අපේ අයට වැදගත් වෙනවද නැද්ද කියලා. . . නිකන් බොරු පෝස්ට් වලින් බුවාගේ බ්ලොග් එක පුරවා ගන්න එක තේරුමක් නෑනේ හැබෑට. . . ඉතින් බුවා එහෙම හිතලයි අද පෝස්‍ටුවත් ගෙනාවේ කියන්නකෝ. . . . ඉතින් අපේ සුපිරි පරිගනක තියාගෙන ඉන්න කොල්ලෝ බලයි මේ මොන කිම්බක්ද කියලා. . .  ගනන් ගන්න එපා කොල්ලනේ. . . මේ පෝස්‍ටුව ගෙනාවේ අපේ ෆට්ට ෆජාත ෆරිගනක ෆට්ට ගහන අයට ඈ. . . මොකද බුවා අත්දැකීමෙන් දන්නවා මේ වගේ ෆජාත මැශින් වලින් ෆට්ට ගේම් ගහන එක හීනයක් කියලා. . . . .

ඉතින් නැවත පාරක් කිව්වා ඕන්. .  මේ පෝස්ට් එක අපේ ෆජාත මැශින් හිමිකරුවන්ටයි ඈ. . . ඉතින් කොල්ලනේ නිකන් ඉන්න කම්මැලි වෙලාවට ගේම් එකක් ගහන්න තියෙනවනම් ෆට්ටයි නේහ්. . .ඒත් ඉතින් අපිට කොහෙන්ද බූල් බල්ලෝ මන් අහන්නේ. . . හොද ගේම් ගහන්න හොද VGA එකක් එපැයි. . . ඉතින් අපිට කොහේ තියෙන සල්ලියක්ද මන් අහන්නේ..  . . . නාඩා ඉතින් කොල්ලනේ. . . . මෙන්න ඒකට විසදුමක් බුවා ගෙනපී. . .

කවුරුත් දන්නවා ඇතිනේ අද ලංකාවේ වැඩිපුරම තියෙන VGA එක මොකක්ද කියලා. . . . ඒ තමා 64MB VGA එක. . . මොකද ගොඩක් මැශින් ඒ කාලේ ආවේ  ඔන්බෝඩ් 64MB VGA එකක් ඇතිව. .  ඉතින් තවමත් අපේ පරන කම්පියුටර් ෆට්ට ගහන කොල්ලෝ ඕන තරම් ඉන්නවනේ. .  ඉතින් ඒ ගොල්ලන්ට හොද ගේම් එකක් හොය ගන්ට අමා දුක් විදින්න වෙනවා. . . මොකද දැන් එන අලුත් ගේම් එකක් වත් 64MB එකට ලන් කොරන්නවත් බෑ. .මොකද අපි කලුයි කියනවනේ. . . . .


ඉතින් මේ ගැන හිතපු බුවා ඔන්න අද ගෙනාවා උබලට කියාපු බඩුවක් කියන්නකෝ. . . කස්ටිය ඕන තරම් ඇති මේක ගහපු. .  ඒත් දන්නේ නැති අපේ කොල්ලෝ කෙල්ලන්ටයි මේක දෙන්නේ ඈ. . . මේක තමා ටොම්බ් රයිඩර් ඇනිවසරි (Tomb Raider Anniversary) ගේම් එක. . . . ගහලා නැත්නම් අනිවා ඩවුන්ලෝඩ් කොරගෙන ගහන්න ඈ. .  මොකද ඒ තරමට ෆට්ට ගේම් එකක්. . . බුවා හැම වර්ගයකම වගේ ගේම් ගහලා තියෙනවා. . ඒත් 64VGA එකට ගහපු හොදම වැඩ තියෙන ගේම් එකක් තමා මේක ඈ. . . බුවාට පුදුමත් හිතුනා මේක වැඩ කොරපු එක ගැන. .  මොකද මේකේ ෆට්ට ග්‍රැපික්ස්. . . 64 VGA එකට වැඩිද මන්දා. . අනික මේකේ ඉන්න ලාරා කියන කෙල්ලට ෆට්ට වැඩ කෑලි ගොඩක් අෆ්ෆා තියෙන්නේ සිරාවටම. . .අන්න කෑලී. . . . කොල්ලනේ දාගන්නවානම් දාගනින් මෙහෙම කැල්ලක්. . . ෆට්ට ඈ. . . .

ඉතින් කොල්ලනේ මේ ගෙම් එක ඇත්තටම සිරා. . . කාතාවත් ෆට්ට. .  ග්‍රැපිකුත් ෆට්ට. . . ඒ වගේම මියුසික්ද ලොවෙත් ඈ. . . මේක ඇවිත්නම් දැන් ගොඩක් කල්. . ඒ කිව්වේ 2007 දී . . ඒ වගේම මේ ගේම් එක වැටෙන්නේ Action,Adventure,Mystery කියන ගන වලටයි. . . ඉතින් ගහලා නැත්නම් අනිවා ගහන්න. .  මොකද 64VGA එකේ ගහන්න පුලුවන් සුපිරිම ගේම් එකක්. .  ඕන් බොරු එහෙම නෙවෙයි ඈ. . . බුවාට ඒ ගැන සැක හිතුන හිනදා මේ ගේම් එක ෆට්ට ෆජාත මැශින් එකකට දාලත් බැලුවා ඕන්. .  ෆට්ටේ වගේ වැඩ. . . .

අහ් තව එකක් බුවා මේක ගත්තේ ටොරන්ට් වලින්. . ඒ හින්දා ටොරන්ට ෆයිල් එක දැම්මා ඩවුන්ලෝඩ් කොර ගන්න ඕන්. . .ගහපු කොල්ලොනම් දන්නවා ඇති මේ ගේම් එක එන්නේ DVD එකක. . ඒ කියන්නේ මේකේ සයිස් එක 3GB ක්  විතර වෙනවා. . අම්මෝ එච්චර ගනන් දීලා ඩව්න්ලෝඩ් කොර ගන්නවාට වැඩිය හොදයි කඩෙන් ගන්න එක නේ. .  හෝ හෝ කොල්ලනේ. . . හිටපියවු. . .ඒ ගැන හිතපු බුවා උබලට දෙන්නේ ෆට්ටට කම්ප්‍රෙස් කරපු සෙටප් එකක් ඇ. .  ආසයි නේහ්? ඒ කියන්නේ මේකේ සයිස් එක 698MB ඈ. . කොහොමද වැඩේ. . . .


ඉතින් කොල්ලනේ කොරන්න තියෙන්නේ මෙච්චරයි. . ටොරන්ට් ෆයිල් එකෙන් ඩවුන්ලෝඩ් කොර ගන්න ෆයිල් එක එක්ස්ට්‍රැක්ට් කොරලා එකේ තියෙන setup.bat කියන ෆයිල් එක ඕපන් කොර ගන්න එක විතරයි. .  ටික වෙලාවකින් එතන්ට ෆයිල් ටිකක් ලැබෙයි. . ඔන්න ඉතින් ගේම් එකේ ෆයිල් ඔක්කොම එතන කියන්නේ. .  උබලට ගේම් එක ගහන්න පුලුවන් කියන එකයි. . . . එහෙනම් කොල්ලනේ. . . දැන් ගිහින් අර කෙල්ලව මරවපියව්. . . . . . බුවා වගේ. . . . . . .

එහෙනම් කොල්ලනේ ගැටලු ආවොත් අනිවා කමෙන්ට් කොරහල්ලා ඈ. . . බුවා සැදී පැහදී ඉන්නවා ඕන් ඒවට උත්තර දෙන්න. . .ඉතින් උබල ගාව ෆට්ට ෆජාත මැශින් තියනවනම් දාගෙන බලපියවු කොහොමද කියලා. .  වැඩි සයිසුත් නැති එකේ ඩවුන්ලෝඩ් කොරගෙන බලහල්ලාකෝ. . . .

එහෙනම් කොල්ලනේ බුවා යන්න කියලා. . . පල්ලේහා දැම්මා ඕන් බුවා ටෙස්ට් කොරපු පරිගනක ලඩේ ගැන විස්තරත්. . එකේ වැඩ කොරා කියන්නේ උබලගේ එකේ අනිවා වැඩනේ. . නැද්ද මන් අහන්නේ. . . .ෆොටොසුත් ඇති බලහල්ලාකෝ. . . ඉතින් කොල්ලනේ මේ පෝස්‍ටුව සමහරක් අයට වැදගත් වෙන්න ඇති කියලා බුවා දන්නවා. . . එහෙම උනානම් අනිවා කමෙන්ට් එකක් දාලා යන්න ඈ. . . ෆට්ට හෝ ෆජාතනම් අනිවා කියන්න. .  එතකොටනේ බුවා උනත් දන්නේ. . .එසේනම් කොල්ලනේ. . .බුවාට යන්න අවසරයි. . .තවත් ෆට්ට සට ෆට පෝස්‍ටුවකින් හමුවෙමු. . . එතකන් ඔබට ෆට්ට සට ෆට සතියක් ඈ. . . . . . උම්මා. . . . .


මේ ගේම් එක මේකෙත් වැඩ කියන්නේ උබලගේ ඒවා ගැන කුමන කතාද??

Intel Celeron 1.46GHz
512 MB Ram
64 MB Onboard VGA
20 GB Hard Disk (ඒත් 2.04 GB විතරයි ඕනේ ඈ)



Size - 698 MB (Highly Compressed)

Download Torrent File ====>>>>>> DOWNLOAD NOW <<<<<<

Join Buwa on FACEBOOK



                                                          මෙන්න Trailer එක ඈ. . 



                                                          
                                                      Screenshot ටිකකුත් බලමුකෝ. . 











 ගේම් එක ගැන දන්න බසින්. . .

Tomb Raider Anniversary PC Game 2007

Detected platform: PC

Release date: 05 June 2007

Game Type: 3D Action

Genre: Action / Adventure / Mystery

Keywords: Third-Person / Modern / Shooter

Developer: Crystal Dynamics

Publisher: Eidos Interactive

Requires: Windows / Direct3D

Multiplay: None

15 comments:

Sunday, May 5, 2013

ඔබාමාගේ ෆට්ට 40 නොහොත් USA TOP 40ය - 2013 මැයි 04 අප්ඩේට් එක




බු හා හා. . . .  බුවාගේ සුකුමාල සුන්දර සිනහවෙන්ම බුවා අදත් බ්ලොග් එක පැත්තේ ආවා කියන්නකෝ. . . . . ඉතින් කස්ටියට කොහොමැයි. . . . පන් එකේ ඇත්තේ නේ. . . . . එහෙනම් එච්චරයි ඕන්. . . ඔන්න කොල්ලනේ බුවා අදත් පෝස්ට් ෆට්ටමක් කර ගහන් ආවා කියන්නකෝ. . . . . . එකෙන්ම. . . . මොකද බුවා එක්ක ඉන්න කොල්ලෝ කෙල්ලන්ට නිකන් ඉන්න දෙන්න බෑනේ. . . මොනවා හරි දෙන එක බුවාගේ යුතුකමනේ. . . . . .

ඉතින් ඉතින් කොල්ලනේ එදා බුවා දුන්න ට්‍රික්ස් එක ගැන ගොඩාක් කස්ටිය හොද කිව්වා. . . . අන්න එතකොට බුවාට ෆට්ට හැපි කියන්නකෝ. . . . ඉතින් අද බුවා ගෙනාවේ ට්‍රික්ස් එකක් එහෙම නෙවෙයි ඈ. . . අද බුවා ගෙනාවා පොඩි ඩවුන්ලෝඩ් ෆට්ටමක්. .  බුවා අර එදා මහ ‍රැජිනගේ ෆට්ට 40 දුන්නා මතක ඇතිනේ. . . . ඉතින් අද දෙන්න හිතුවේ ඔබාමාගේ ෆට්ට 40 නොහොත් USA Hot Top 40ය කියන්නකෝ. . . . කස්ටිය ඉතින් අකැමති වෙන්නත් පුලුවන්. . ඒත් ගොඩක් කස්ටිය මේ සින්දු ෆට්ට ගහනවා කියලා බුවා දන්නවනේ. .  බුවා උනත් ආසයි මේ දවස්වල ඔබාමා අයියා ෆට්ට ගහන සින්දු ගැන දැන ගන්න. . ඕන්. . . .

ඉතින් ඉතින්. . . බුවා අන්තර්ජාලයේ කරක් ගහද්දී මේක හම්බුනා කියන්නකෝ. . . හැබයි ටොරන්ට්. .  ඒ උනාට ඩවුන්ලෝඩ් කොරද්දී ස්පීඩ් එහෙම ෆට්ටේ වගේ ඈ. .  මොකද සීඩ් වැඩියි. . . . ඉතින් එදා දුන්නේ බුවා UK TOP 40ය නේ. . . අද දෙන්නේ USA TOP 40ය. . . කොහොමටත් UK එකට වඩා USA එක කොහොමත් ෆට්ට. . . බුවා ඉතින් ඇහුව හින්දනේ කියන්නේ. . . . . ෆට්ට සින්දු සැට් එකක් තියෙනවා. . . කස්ටිය අහලම බලන්නකෝ. . . . . .

අහ් තව එකක්. . . බුවා මේකේ අන්තර්ගත සින්දු සැට් එක පහලින් දානවා ඈ. . . . කියවලා බලලා හොදනම් විතරක් ගන්න. . . නැත්නම් අන්තිමේදී මේ අහින්සක බුවාටමනේ බැනුම් අහන්ටත් වෙන්නේ. . . . . .  බු හා හා. . ..
 අහ් ඒ විතරක්ද කොල්ලනේ මේ ගැන කිව්වොත් බිල්බෝඩ් දර්ශකයේ ඇමෙරිකාවේ ඉහලින්ම වැජබෙන සින්දු 40 මේක ඇ. . . මේක මැයි 04 අප්ඩේට් එක. . . ආසයි නේ. . . . . .
ඉතින් ඩවුන්ලෝඩ් කොරගෙනම බලන්නකෝ කොහොමද කියලා ඈ. . . . .



එහෙනම් කොල්ලනේ කැමතිනම් විතරක් ගන්න. . . හොදේ. . . උබලා කැමති දේවල් එහෙම තියෙනවනම් කියහල්ලා ඈ. . .  පුලුවන්නම් බොක්කෙන්ම කොරනවා මේ බුවා. . . . ඉතින් කොල්ලනේ බුවා කැෆෙන්ට කියලා. . . මේ පෝස්‍ටුව ෆට්ටනම් හෝ ෆජාත නම් අනිවා කමෙන්ට් කොරන්න ඈ. . . පුලුවන්නම් ඊමේල් එකෙන් බුවාගේ ගැන් එකටත් සැට් වියල්ලා ඈ. . . . එහෙනම් පල්ලෙහා ඇති ටොරන්ට් ෆයිල් එක. . . ඒකෙන් බාන්ඩේ ගන්නකෝ. . .

එහෙනම් බුවා යනෝ. . .තවත් ෆට්ට සට ෆට පෝස්‍ටුවක් කර ගහන් එන්නම් එකෙන්ම. . එතකන් බුවාගේ සැට් එකට ෆට්ට සට ෆට සතියක් ඈ. . . . ජය ශ්‍රී. . . .!



                         මෙන්න සින්දු සැට් එක ඈ. . . (04-May-2013 Update)

1. P!nk - Just Give Me A Reason [04:02]
2. Macklemore & Ryan Lewis - Can't Hold Us [feat. Ray Dalton][04:18]
3. Macklemore & Ryan Lewis - Thrift Shop (feat. Wanz) [03:55]
4. Bruno Mars - When I Was Your Man [03:33]
5. PSY - Gentleman [03:14]
6. Rihanna feat. Mikky Ekko - Stay [04:00]
7. Justin Timberlake - Mirrors [08:05]
8. Justin Timberlake feat. Jay Z - Suit & Tie (Main) [05:30]
9. Pitbull - Feel This Moment (Feat. Christina Aguilera) [03:49]
10. Drake - Started From the Bottom [02:53]
11. Demi Lovato - Heart Attack [03:31]
12. Imagine Dragons - Radioactive [03:08]
13. Icona Pop feat. Charli XCX - I Love It [02:36]
14. Florida Georgia Line - Cruise (Remix) [feat. Nelly] [03:26]
15. Fall Out Boy - My Songs Know What You Did In The Dark (Light Em Up)[03:08]
16. Lil Wayne ft. Drake & Future - Love me [04:15]
17. Baauer - Harlem Shake [03:16]
18. Maroon 5 - Daylight [03:45]
19. Daft Punk ft. Pharrell Williams - Get Lucky [04:08]
20. Darius Rucker - Wagon Wheel [04:57]
21. J Cole - Power Trip (feat. Miguel) [04:00]
22. The Lumineers - Ho Hey [02:43]
23. fun. - Carry On [04:40]
24. Taylor Swift - 22 [03:52]
25. Taylor Swift - I Knew You Were Trouble [03:39]
26. Selena Gomez - Come & Get It [03:51]
27. Wale - Bad (feat. Tiara Thomas) [04:18]
28. Miranda Lambert - Mama's Broken Heart [02:59]
29. Calvin Harris feat. Florence Welch - Sweet Nothing (Album Version)[03:36]
30. Bruno Mars - Locked Out Of Heaven [03:53]
31. Olly Murs - Troublemaker [03:05]
32. Ariana Grande - The Way (feat. Mac Miller) [03:46]
33. Lady Antebellum - Downtown [03:16]
34. Will.I.Am - Scream & Shout (feat. Britney Spears) [04:44]
35. Florida Georgia Line - Get Your Shine On [03:42]
36. Blake Shelton - Boys 'Round Here [04:49]
37. Rihanna - Pour It Up [02:41]
38. Asap Rocky - F**king Problems (Main Version) [03:59]
39. Tim McGraw - Highway Don't Care [04:39]
40. Mumford & Sons - I Will Wait [04:36]


Size - 377 MB

Download Torrent File =====>>>>>> DOWNLOAD NOW <<<<<<

Join Buwa on FACEBOOK

2 comments:

Blogger Template by Clairvo