Monday, October 14, 2013

පන්සිය පනස් ජාතක පොතේ සියලුම කතා PDF 550කට ලබා ගන්න . .


කොල්ලනේ කෙසේද ඇ. . . ඉතින් ඕන් බුවා අදත් බ්ලොග් එකක් ලියන්න හිතුවා. . මේ පෝස්ට් එක ඉතින් ලියනවාට වඩා යමක් දීමක් කියලා බුවා හිතනවා ඇ. . . මොකද මේ තමා බුවාගේ බ්ලොග් එකේ දෙවන eBook එක ඇ. . .කාලෙකින් eBook එකක් දාන්න බැරි උන හින්දා අද බුවා හිතුවා මේ පාර දීලා දාන්න. . 

ෆෝටෝ එක බලපුවාම තේරෙන්න ඇතිනේ නේ. . . මේ තමා පන්සිය පනස් ජාතක කතා පොත. .බෞද්ධ අපිට ඉතාම වැදගත් මේ පොත අප මහා තිලෝගුරු බුදු රජාණන් වහන්සේහේ පෙර භවයන් පන්සිය පනහ ගැන කියවෙන ඉතා රසවත් කතා මාලාවක්. . . ඉතින් බුවාගේ කොල්ලෝ කෙල්ලෝ සැට් එක මේ ජාතක කතා වලින් කීපයක් හරි දැනටමත් කියලා ඇති කියල බුවා හිතනවා. . . මොකද බෞද්ධ කෙනෙක් මේ පොත කිවවලා නැත්නම් පොර බෞද්ධ කියන්නත් ලැජ්ජයි ඕන්. . අනුන්ගේ ආගම් වලට බනින්න කලින් මේ වගේ තමන්ගේ ආගමේ දෙයකට නැබුරු වෙන එක බෞද්ධ අපේ යුතුකමක්. . හා නැද්ද කියහන්

ඉතින් කොල්ලනේ බුවාගේ පලමු eBook එක හලාල් උනාට තරහ වෙන්න එෆා ඇ. . ඒ කාලේ බුවාට මේ වගේ පොතක් හොයා ගන්න බැරි උනා. . ඊට පස්සේ හොයා ගත්ත හින්දා බුවා හිතුවා කියවලා නැති අපේ කොල්ලනට කෙල්ලනට මේ පොත දෙන්න ඕනේ කියලා. . ඉතින් කියවල බලාලා හිත පහදවා ගනිල්ලාකෝ ඇ. . 

ඉතින් කිව්වත් වගේ ජාතක පන්සිය පනහම බුවා දීලා තියෙනවා ඇ . . ඒවා තියෙන්නේ PDF ෆයිල් 550ක් විදිහට . .ඒ හින්දා කැමති එකක් ‍තෝරාගෙන කියවන්න පුලුවන් ෆට්ටේ වගේ. . . කිසිම කරදරයක් නැ. . .

ඉතින් තව දෙයක් කියන්න ඕනේ. .මේක බුවාට හම්බුනේ ෆේස්බුක් එකේ ලින්ක් එකකින්. . . ඒ හින්දා මේක PDF වලට හදපු එක්කෙනාගේ නමනම් බුවා දන්නේ නැ ඕන්. . කොහොම උනත් එයාට ගොඩක් පිං අයිති වෙනවා මේ පොත අපිට කියවන්න පුලුවන් විදිහට හැදුවට ඇ. .  

ඉතින් බුවා සයිබරයේ කරක් ගහද්දී මොකක් හරි වැදගත් දෙයක් හම්බුනොත් ඒක බුවාගේ සැට් එකට දෙනවා කියලා උබලා දන්නවා ඇතිනේ. . ඉතින් මේ පෝස්‍ටුවත් කීපදෙනෙක්ට වැදගත් උනානම් ඒකයි බුවාගේ සතුට. .ඉතින් බෞද්ධ කෙනෙක් වෙන්න ඕනේම නැ සාහිත්‍ය රසයක් ඕනේ සැමට මේ පොත ෆට්ටේ වගේ වැදගත් වෙයි. .  ඩවුන්ලෝඩ් කොරලා එක්ස්ට්‍රැක්ට් කොරන්න ඇ. . . මොකද ෆයිල් 550ක්ම තියෙනවානේ. . 

ඉතින් කොල්ලනේ. . පෝස්‍ටුව ෆට්ටනම හෝ ෆජාතනම් අනිවා කමෙන්ට් කොරන්න ඇ..ඒක තමා බුවාගේ එකම හයිය. . ඉතින් මේ වගේ පෝස්‍ටු ගැන බ්ලොග් එකට එන්න කලින් දැන ගන්න ඕනේනම් බ්ලොග් එක ෆලොව් කොරන්න ඇ. . . ඉතින් අදට බුවා ගියා. . තවත් ෆට්ට පෝස්‍ටුවකින් හමුවෙනකන් උබලාට ෆට්ට සට ෆට සතියක් ඇ. . . . .උම්ම්ම්ම්ම්මා


---------------------------------------------------------------
පන්සිය පනස් ජාතක පොත (19.3 MB) - DOWNLOAD
---------------------------------------------------------------

11 comments:

Thursday, October 3, 2013

ලංකාවේ කොල්ලොත් එක්ක GTA San Andreas වල ෆට්ට ආතල් එකක් ගමු - GTA San Andreas Multiplayer



හායි බුවා රසිකයනි. . කොහොමැයි ඉතින්. . ෆට්ටේ වගේ ඇති කියලා ඕන් බුවා හිතනවාලු ඇ. . . ඉතින් ඕන් බුවා ඔක්තෝම්බර් මාසේ දාන පලමු පෝස්‍ටුවලු ඇ මේ දිග ඇරෙන්නේ. . . ඉතින් මේ පාර බුවා දාන්න හිතුවා පොඩි ආතල් එකක් ගන්න පුලුවන් අයිටම් එකක්.. පොඩි කිව්වට පොඩි නෙවෙයි ඇ. . .ෆට්ටම ආතල් එකක් ඕන්. . .

කොල්ලනේ. . අපේ ගේම් ගහන කොල්ලෝ නොහොත් ගේමර්ස්ලානම් මේ ගැන දැනගෙන දැනට ගොඩක් කල් ඕන්. . .එත් තවම මේ ගැන දන්නේ නැති කොල්ලෝ ඕන තරම් ඉන්නවා කියලා බුවා දන්නවා ලොවෙත්. .  මොකද මේ අත්දැකීමෙන් කියන්නේ ඇ. . . ඉතින් වැඩි ෆොයිය ඕනේ නැනේ. . කොටින්ම කියනවානම් අද බුවා මේ දෙන්න යන්නේ GTA San Andreas Multiplayer ගහන හැටි කියන්න. .  දන්න එවුන්ටනම් වැඩක් නැ කියලා බුවා දන්නවා. . එහෙනම් දන්නේ නැති එවුන් ටික වාඩිවෙලා අහගනින්කෝ මේ ගැන ඇ. .

උබලා හැම කෙනෙක්ම වාගේ ගහපු ගේම් එකක්නේ බොලේ මේ  GTA San Andreas කියන්නේ. . මොකද ඕන ෆජාත VGA එකක උනත් මේක ලොවෙත් වැඩ. .අනික ෆට්ට ආතල් එකක් ගන්න පුලුවන් ෆට්ටම ගේම් එකක්. .ගහපු එවුන් දන්නවා ඇති ඒ ගේම් එක Multiplayer ගහන්න බැ කියලා.. මොකද Multiplayer කියලා ඔප්ශන් එකක් නැති හින්දා. .  ඒත් ඒකට පොඩි සොෆ්ට්වෙයාර් හදලා තියෙනවා. . ඒකෙන් පුලුවන් මේ ගේම් එක ෆට්ටේ වගේ ලෝකේ ඉන්න අනිත් එවුන් එක්ක ෆට්ට සට ෆට ආතල් එකක් ගන්න ඇ. . .

ඉතින් කොල්ලනේ මේක ගහන්න පුලුවන් සොෆා දෙකක් බුවාට දැනට අහු උනා. .  තව තියෙනවත් ඇති. . .ඒ දෙකම ඕන් බුවා අප්ලෝඩ් කොරා බාගනිලාලාකෝ ඇ. . බුවානම් කියන්නේ බුවා දෙන සොෆාලා දෙකම ඉන්ස්ටෝල් කොරන්න කියලා. . බු හා හා. . ඉන්ස්ටෝල් කොරන්න කලින් උබලා ගාව GTA San Andreas ගේම් එක දාගෙන ඉන්න ඕනේ ඇ. . නැත්නම් මොන කිම්බෙන් ගහන්නද ඇ. . . කෝකටත් කියලා ඕන් බුවා ගේම් එකේ ටොරන්ට් ෆයිල් එකත් දැම්මා . නැත්නම් ෆුල් හින්දුස්තාන්නේ නැද්ද. . .

ඔන්න ගේම් එක නැති එවුන් ඒක ඉන්ස්ටෝල් කොර ගනින්. .තියෙන එවුන් බලාගෙන ඉදපියවු. .දැන් කියලා දෙන්නම් මේකෙන් ආතල් එක ගන්න හැටි ඇ. .

ඔන්න බුවා දිපු සොෆ්ට්වෙයාර් දෙකම ඉන්ස්ටොල් කොර ගනින්කෝ ඇ. . මතක ඇතිව ඒක ඉන්ස්ටෝල් කොරද්දී උබලාගේ GTA San Andreas ගේම් එක ඉන්ස්ටෝල් කොරපු ෆොල්ඩරයටම දාහන් ඇ. . .එතකොට උබලාට පේනවා ඇති Samp කියලා එකකුයි San Andreas 1.3 (Multi Theft Auto) කියලා එකකුයි ඇවිත් කියලා. .ඔය දෙක තමා මේ සොෆ්ට්වෙයාර් දෙක ඇ. . .

දැන් නෙට් කනෙට් කොරලා හිටහන්කෝ. .කිසිම දේකට බය වෙන්න එෆා ඇ.. මොකද උබලාගේ දත්ත එහෙම විනාශ වෙන්නේ නැ ඕන්. .  නෙට් ස්ලොව් උනත් ෆට්ටේ වගේ වැඩ. . බුවා 60kbps වලත් ගහනවා කියහන්කෝ. . .

දැන් ඔය තියෙන සොෆාලාගෙන කෝකට ගියත් එකයි. .  ඒත් ලංකාවේ උන් සැට් කොර ගන්නනම් MTA San Andreas 1.3 (Multi Theft Auto) කියන එකට ෆලයවු. . මොකද ලෝකේ කොහේ ගියත් ලංකාවේ උන් වගේ අතල් පොරවල්ලා කොහෙවත් නැනේ. . . ඒ හින්දා ඒක ක්ලික් කොරලා යමන් ගේම් එකට ඇ.. . .


ඔන්න ඉතින් ගියාලු ඇ. .

දැන් ඔතනින්  Settings වලට ගිහින් Nick Name කියන එකට කැමති නමක් දියන්කෝ ඇ. . . නම් දෙද්දී හිස්තැන් එහෙම දෙනවා නෙවෙයි ඇ. . .බුවා කියන හින්දා උබලා නමේ අගට SL කියලා කෑල්ලක් දාගනින්කෝ. . මොකද ලංකාවේ එවුන් නැත්නම් අදුර ගන්න අමාරුයි. . දැනට ඉන්න කස්ටියත් ඉන්නේ නම ඔහොම හදාගෙන. . බුවානම් මෙහෙමයි ඇ. . FattaBuwa[SL]


දැන් අපි ගේම් එක ගහමුකෝ ඇ . .  එහෙනම් ඔය Server Browser කියන එක ක්ලික් කොරලා ඇතුලට ෆලයන්කෝ. . ඒකේ කියන Internet එක ‍තෝරහන්. . අෆ්ෆටහුඩු ඔය දිග ඇරෙන්නේ. . ඔය තමා පු‍තෝ මේ ගේම් එක ගහන්න තියෙන ලෝකේ තියෙන සර්වර්ස් ඇ. . . ඕවා එක්කට එකක් වෙනස්. . . එක එක ගේම් වර්ග තියෙන්නේ. . .


එක සර්වර් එකක් ක්ලික් කොරපුවාම එහා පැත්තෙන් මේ ගේම් එක මේ වෙලාවේ ගහන එවුන් සෙට් එකේ නම පෙන්වනවලු ඇ. . .  ඉතින් කොල්ලනේ හැම එකකටම ගිහින් බලහන්කෝ තියෙන ආතල් එක . . .  සර්වර් එකකට ජොයින් වෙන්නේ කැමති එක ක්ලික් කොරලා උඩින් තියෙන Connect බට්න් එක ඔබන එක විතරයි ඇ. . ඊට පස්සේ ගේම් එකේ මැප් එක ඩවුන්ලෝඩ් වෙයි. . ඊට පස්සේ උබලා ගේම් එකේ ඇ. . ෆට්ට සට ෆටලු. . .

ආ කලින් කිව්වත් වගේ කොහේ ගිහින් මොනවා කොරත් ලංකාවේ එවුන් තරම් ආතල් පොරවල්ලා උබලාට සැට් වෙන්නේ නැති වෙයි. .  ඒ හින්දාම දැනට ලංකාවේ උන් වැඩියෙන් එන සර්වර්ස් දෙක තුනක් කියන්නම්. . . අලුතින් දැන ගත්තොත් පෝස්ට් එක අප්ඩේට් කොරන්නම්කො ඇ. . . ඔන්න අර සොෆ්ට් එකේ සර්ච් කොරහන්කෝ පල්ලෙහා තියෙන නම් ටික. . මේ වාගේ තමා ලංකාවේ එවුන් බරටම බැහැල ඉන්නේ ඇ. . .

MTA Sri Lanka by Elakiri.com
SriLankan Public MTA Server (mtasa://5.231.81.202:22003)
Stealth~Mania~Server
GTA.ru | Stealth Mania Server
Ankeborg's Playground  [SA]
mtasa://slmta.sytes.net

මෙන්න මේ සර්වර්ස් ටික ලංකාවේ කොල්ලෝ අතරේ ජනප්‍රයයි. . ගිහින්ම බලහන්කෝ ඇ. . ගොඩක් වෙලාවට රාත්‍රියේදි උබලාට අපෙ එවුන් දැකගත හැකියි ඇ. . . කනාවට බුවත් සැට් උනොත් වෙඩි තියෙනවා එහෙම නෙවෙයි ඕන් ඇ. . . .මොකද බුවා ආතල් එකට ගහනවා මිසක් වෙඩි කරුවෙක් එහෙම නෙවෙයි. . .

මෙන්න ලංකාවේ කොල්ලෝ ටිකක් සැට් වෙලා ඇ. . 


ඉතින් මේ ගැන කියන්න තරම් දෙයක් නැ කොල්ලනේ. . නිකන්ම අල්ල ගන්න පුලුවන්. . මේ වගේම තමා Samp කියන අනිත් සොට්වෙයාර් එකත්. . . එකෙන් යනවනම් ඒකෙත් නික් නේම් එක දියනලා ඇ. . . ඊට පස්සේ සර්වර් එක ‍තෝරලා උඩ තියෙන කොලපාට බට්න් එක ක්ලික් කොරහන් ෆටාර් ගාල ගේම් එකට එන්ටර් වෙයි ඇ. . .ඒකේ හොදකට තියෙන්නේ මැප් වගේ ඒවා ඩවුන්ලෝඩ් වෙන්නේ නැති එක ඕන්. .




ඒකත් ෆට්ට ආතල් ඕන් ඇ. .එකේ ෆට්ට ආතල් සර්වර්ස් ටිකක් පල්ලෙහා දැම්මා ඕන්. .ගිහින් බලහන්කෝ. . ඒත් ඉතින් ලංකන් බුලට්නම් අඩුයි ඇ. .

YoUnG Generation Gaming 0.3x
..:GTA Gaming Gangwars:..
[JWD] v0.2.3 [0.3x]
NEW IP 212.227.143.24:8490 <=USRP

ඔන්න ඔය ටික බුවා ගහපු එවාගෙන් ෆට්ට ආතල් උබලත් හොයාගෙන කමෙන්ට් කොරහන්කෝ ඇ. . අපි සෙට් වෙලා ගහමු ලොවෙත් ඕන්. .

ඉතින් කොල්ලනේ ගහපු නැති එවුන් අනිවා ගහපියවු. . . මොකද අනිත් ගේම් වලට වඩා මේක ලොවෙත් ෆට්ට ඇ. .  මොකද ඕපන් වර්ල්ඩ් ගේම් එකක්නේ. . අනික ලංකාවේ සර්වර්ස් වලට ජොයින් උනොත් හිනා කෝටියයි ඇ. . මාරම ගති. .  අලුත් කොල්ලෝ සැට් එකක් එහෙම අදුන ගන්න පුලුවන්ලු ඇ. . . ඉතින් බුවාගේ සැට් එකත් මේක අරන් බුවත් එක්ක මේක ගහමු. .  අනිත් රටවල් වල එවුන්ව අඩවමු ඇ. . . එහෙනම් දැන්ම සෙට් වියල්ලා. . . ආතල් එකක් ගමු. . වරෙල්ලා කොල්ලනේ. .

එහෙනම් කොල්ලනේ ඕන් අද දුන්නේ බුවා ෆට්ට ආතල් එකක් ගත්ත ගේම් එකක් ගැන පොඩි අයිටම් එකක්. .ගහපු නැති එවුන් අනිවා ගනින්කෝ ඇ. . . එහෙනම් අවුලක් ආවොත් කියහන්. .බුවා සැනින් ඒසැනින් ඔබේ සහයට වාර්තා කොරයි ඇ. . . එසේනම් මේ පෝස්‍ටුව ෆට්ටනම් හෝ ෆජාතනම් අනිවා කමෙන්ට් කොරහල්ලා ඇ. . . මේ වගේ පෝස්ට් ගැන කාටත් කලින් දැන ගන්න බුවාගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙකුත් වෙමුකෝ. . . එහෙනම් බුවා ගියා. . තවත් ෆට්ට පෝස්ට් එකකින් උබලා හමුවෙනකන් උබලාට ෆට්ට සට ෆට සතියක් ඇ. . . . . . උම්ම්ම්ම්ම්ම්ම්ම්මා. . . .

--------------------------------------------------------------------------
GTA San Andreas Multiplayer Softwares (31 MB) - DOWNLOAD

GTA San Andreas Full Game (3.93 GB) - DOWNLOAD
---------------------------------------------------------------------------

ආතල් එක බලහල්ලාකෝ. .

ස්ක්‍රීන්ෂොට් ඈ. .










Minimum System Requirements:
1GHz Pentuim III or AMD Athlon
256MB RAM
8x Speed DVD Drive
3.6 GB Hard Disk Space
64MB Video Card
DirectX 9 compatable sound & video drivers
Keyboard, mouse

22 comments:

Blogger Template by Clairvo