ඔන්න කොල්ලනේ අද බුවා ගෙනාවා සුපිරි බඩුවක් කියන්නකෝ. . . . අපේ කොල්ලෝ කැමතීනේ නිකන් දෙනවනම් දෙමල පත්තරේ උනත් ගන්න. . . ඒත් දැන්නම් ශුවර් නෑ. . මොකෝ දැන් හලාල් ට්‍රෙන්ඩ් එකක් ඇවිත්නේ. . . බු හා හා. . අද බුවා දෙන්න යන්නේ ඕන් දෙමල පත්තර එහෙම නෙවෙයි ඈ. . . . මේක මවුස් පෑඩ් එකක්. . . . කොහොමද වැඩේ. . මේක 100% ක් හලාල් රහිතයි හොදේ. . . කොහොමත් ඉතින් අපේ කස්ටිය මවුස් පෑඩ් එකක් කඩෙන් ගන්න ගියොත් රු.100ක් විතර මුදලාලි මාමාට පුදන්න එපැයි. . . . ඒත් බුවා දෙන මේ ලස්සන පොඩි මවුස් පෑඩ් එකට සත පහක් වත් වියදම් වෙන්නෑ ඕන්. . . . . දන්නවනේ ඉතින් බුවා ගාව බොරු නෑ කියලා. . . . කවුරුත් ඉතින් මේවගේ දේවල් වැඩිය ප්‍රසිද්ධ කොරන් නෑ. . . මොකද අපේ සමහරක් උන්දලාට ඉරිසියාව කියල විසක් තියෙනවනේ. . . . ඒත් මේ බුවා ගාව ඕව නෑ. . .. බුවා බලන්නේ කාටත් උදව් කොරගෙන දන්න දෙයක් කියාදීලා පාඩුවේ ඉන්න. . .ඉතින් වැඩි පොයිය ඕන නෑ.. .. අපි සැට් එක වැඩේට බහිමු. . . අහ් මේ . . . මේ හුරුබුහුටි මවුස් පෑඩ් එක බුවා එහෙම නෙවෙයි දෙන්නේ ඈ. . . .මේක අපිට ගෙදරටම එවන්නේ Tomtop කියන සයිට් එක. . . අය බොරු නෑ. . . බුවාගේ එකත් ගෙදරටම ආවා සති දෙකකින් විතර. . .එහෙනම් අපි බලමු සත පහක්වත් වියදම් කොරන්නේ නැතුව කොහොමද මේ පෑඩ් එක ගෙදරට ගෙන්ව ගන්නේ කියලා. . . . .
1- ඉස්සෙල්ලාම මොනවා කොරන්නත් මේ සයිට් එකට යන්න එපැයි. .එහෙනම් ඉස්සෙල්ලාම මේ සයිට් එකට යන්නකෝ. . . . www.tomtop.com
2- දැන් ඉතින් ඔබ සයිට් එකේ. . .සයිට් එක මවුස් පෑඩ් දෙන්නේ මෙහි රෙජිස්ටර් වන අයට විතරයි. . . ඉතින් දැන් අපි මේකේ රෙජිස්ටර් වෙමු. . . ඒ සදහා ඔය උඩින්ම තියෙන Register එක ක්ලික් කොරන්න. . . එවිට ඔබට ෆෝම් එකක් පුරවන්ට එනු ඇත. .
3- මෙවුවා අපේ කස්ටියට වැඩද මන් අහන්නේ. . . . ෆේස්බුක් එකවුන්ට් එහෙම කීයක් හදලා ඇතිද නෙහ්? ඉතින් මේ ෆොම් එක පුරවලා Submit කොරන්න තියෙන්නේ. . . මතක තියා ගන්න .. ඊමේල් එක වැඩ කොරන එකක්ම දෙන්න. . . නැතුව අල්ලපු ගෙදර එකාගේ එක එහෙම දෙන්නේ නැතුව. . . . ඉතින් දැන් Submit කොරන්න
4- දැන් ඔබ සාර්තකව එකවුන්ට් එක හදලා ඉවරයි. . . දැන් කොරන්න තියෙන්නේ ඔබ මේකට ලබා දුන්න ඊමෙල් එලට ලොග් වෙන එක. . . මොකද ටොම්ටොප් එකවුන්ට් එක ඇක්ටිවු කොර ගන්න ඊමේල් එකට යන්නම වෙනවා. . . ඉතින් ඔබේ ඊමේල් ගිනුමට ටොම්ටොප්ලගෙන් ඊමේල් එකක් ඇවිත් තියෙයි. . . දැන් එකේ ලින්ක් එකින් ආපහු ටොම්ටොප් එකවුන්ට් එකට යන්න. . . .
5- දැන් ඔබ සාර්තක ටොම්ටොප් සාමාජිකයෙක්. . .ආඩම්බරයි නෙහ්? ඉතින් දැන් ටොම්ටොප් සයිට් එකේ හෝම් පේජ් එකේ Free Gift කියන එක ක්ලික් කොරන්න. .
6- දැන් ඔබ බක්කියක් එහෙම තියෙන තැනකට එන්න ඇති කියලා බුවා හිතනවා. . මෙතන ඉදන් ඔයාලා ගෙන්වා ගන්න යන මවුස් පෑඩ් එක ගැන එහෙම හොදට බලා ගන්න පුලුවන්. .. දැන් මෙතන Country කියන එකට ආසියාවේ ආශ්චර්ය තෝරන්න. . ඒ කියන්නේ ශ්‍රී ලංකාව. .ඊලගට Shipping Method කියන එකට Free Shipping-Air Mail From China ලබා දෙන්න. . . . දැන් උඩ තියෙන බක්කිය ක්ලික් කොරන්න. . ඒ කියන්නේ Add To Cart කියන එක. . . අන්න ඒක ක්ලික් කොරපු ගමන් පල්ලෙහායින් වැටෙන View Shopping Cart කියන එක තෝරන්න. . . එවිට අලුත් වින්ඩෝවක් එනු ඇත. .
8- දැන් අපේ කස්ටියට Billing Information කියලා ලොකු ෆෝම් එකක් පුරවන්ට එන්න ඇතිනේ. . අන්න ඒක පරිස්සමට පුරවන්න ඕන. . මොනවා වැරද්දුවත් ඔයාලගේ ලිපිනය වරද්ද ගන්න එපා. . . එහෙම උනොත් අල්ලපු ගෙදර එකා නිකන්ම මවුස් පෑඩ් එකක හිමි කරුවෙක් වෙයි. . . ඉතින් අපේ කස්ටියට මේවා වැඩද නේහ්. . ? ඔය ෆෝම් එක හරියට පුරවලා Continue කියන බට්න් එක ක්ලික් කොරන්න. . .
9- දැන් මෙහි අදියර 3 තෝරන්න එනු ඇත. . ඒ කියන්නේ Shipping Method එක. . ඒ සදහා මෙහි පලමුවෙන්ම ඇති Free Shipping - Air mail From China කියන එක තෝරලා නොහොත් ටික් කොරලා Continue බට්න් එක ක්ලික් කොරන්න. . .
10- දැන් Payment Information කියන එකක් තෝරන්ට එනු ඇත. . . එයට Pay With Points කියන එකට ටික් එක දමා Continue බට්න් එක ක්ලික් කොරන්න. .
11- දැන් එන Order Review කියන එකට Place Order කියන බට්න් එක ක්ලික් කොරන්න.
12- අවසාන වශයෙන් Continue Shopping බට්න් එක ක්ලික් කොරන්න. .ඉතින් කොල්ලනේ ඔබ මෙතෙක් ආ දුර නිමාවෙන්නයි මේ යන්නේ. . . . දැන් ඔබටම කියල මවුස් පෑඩ් එකක් ටොම්ටොප් ආයතනය වෙන් කොර අවසානයි. . . .ආසයි නෙහ්?
ඉතින් සාර්තකව පියවර ඔස්සේ ආවනම් ඔබට බුවාට වගේ ස්තූති කොරල පනිවිඩයක් එනු ඇත. . . ඉතින් සති 2,3කින් ඔබේ මවුස් පෑඩය පියුම් මාමා ගෙදරටම ගෙන එනු ඇත. . . එවිට ආඩම්බරයෙන් එය ගන්න..එවිට මගේ කොල්ලන්ට බුවාව මතක තියෙයිද දන් නෑ නෙහ්? ඉතින් බුවාට හම්බුන එකෙත් ෆොටෝ දාලා තියෙනවා ඕන්. . .
එහෙනම් බුවා යන්නම්.. තවත් ෆට්ටම ෆට්ට පෝස්ට් එකකින් හමුවෙමු... පෝස්ට් එක වැදගත් උනානම් විතරක් කමෙන්ට් එකක් දාලා යන්න හොදේ. . . තව මොනව හරි ගැටලු ආවනම් එවත් බුවාට කියන්න. . . .බුවා සැනින් එසැනින් ඔබේ උපකාරයට සූදානම්.. එසේනම් ඔබට ෆට්ට දවසක් ඈ. . . . .
මෙන්න බුවාට හම්බුන එක ඈ.... ගෙනපු ගමන් ගත්ත හින්දා පොඩ්ඩක් පොඩි වෙලා. . . දැන්නම් ෆට්ටේ වගේ. . . .
මෙහෙම තමා එන්නේ ඈ. . .
"නිකන් දෙනවනම් කඩු පාරක් උනත් කාපන් පුතේ" - ෆට්ට බුවා
Join Buwa on Facebook
49 comments: