හායි කොල්ලනේ. . කොහොමැයි බොලාට ඈ. . . . අඩේ ගොඩ කාලෙකින් බ්ලොග් එක පැත්තේ එන්න බැරි උනා කියහන්කෝ. . . . කොහෙද ඉතින් අනන්මනන් වැඩනේ. . .අනික වෙන බ්ලොග් වගේ වැඩකට නැති පෝස්ට් බුවා දාන්නේ නැනේ. . . උබලාට වැඩක් වෙන ෆට්ට සට ෆට පෝස්ට් දාන්න තමා බුවා හැමදාමත් ට්‍රයි කොරන්නේ කියහන්කෝ. . .ඉතින් වැඩි ෆොයිය ඕනේ නැ නොවැ. . .අදත් බුවා ගෙනාවා උබලාට ලාවට වැදගත් වෙන පෝස්‍ටුවක් කියහන්කෝ ඇ. . . .
ඈ මොකැයි මේ. . . . මේක අපේ ඔය කම්පියුටර් ගැජමැටික්ස් දාන කොල්ලන්ට එහෙම පන්කාදුයි ඈ. . . මේක ඇවිත් OS එකක් කියහන්කෝ. . . ඉතින් මේක මොකටද බුවා උබලාට දෙන්නේ. . . ඔව් මේක දෙන්නේ පොඩි පොඩි සිත්ගන්නාසුලු අයිටම් ටිකක් තියෙන හින්දා කියහන්කෝ. . . උබලා දන්නවා OS එකක් කියන්නේ ෆට්ටම සොෆ්ට්වෙයර් එකක්. . ඒකෙන් තමා අපේ කම්පියුටරේ හාඩ්වෙයාර්ස් වලට පනදීලා වැඩ කොරන්න පුලුවන් තත්වෙට ගන්නේ. . .ඉතින් මේවගේ ඇඩ්වාන්ස්ඩ් සොෆ්ට්වෙයාර් එකකට තමා OS එකක් කියලා කියන්නේ එකෙන්ම. . ඉතින් එහෙම දෙයක් ලොකු ධාරිතාවයකින් යුක්තයි කියලා උබලාට අමුතුවෙන් කියන්න ඕනේ නැනේ. . . වින්ඩෝස් 7,8 , උබුන්‍ටු එහෙම එන්නේ DVD වල කියලා දන්නවා ඇතිනේ. . . . ඉතින් බුවා දෙන මේ ෆට්ට OS එක 35MB කිව්වොත් උබලට විශ්වාස කොරන්න පුලුවන්ද ඈ. . . . .
ඉතින් යකෝ මේ වගේ පොඩි MB ගානකින් OS එකක් හදන්න පුලුවන්ද ඈ. . . බයවෙන්න එපා යකුනේ මේ අගේට හදලා තියෙන්නේ. . . බු හා හා. . . මේකේ සෙටප් එකේ සයිස් එක 35MBයි. . ඒ වගේම මේක ලිනක්ස් පාදක OS එකක්. . . මේකේ තියෙන ෆට්ටම වැඩේ තමා ඕනම ෆජාත කම්පියුටර් එකකට මේක ෆට්ටේ වගේ ගැලපෙන එක. . . . අඩේ පුදුමයි නේ. . .මේ OS එක හදලාම තියෙන්නේ ඒ වගේ වැඩටම කියලා මේක හදපු නිර්මාපකයෝ බුවාට කෝල් කොරලා කිව්වා ඕන් ඈ. . .
ඉතින් කොල්ලනේ මේ ස්ලිටාස් OS එක හදලා තියෙන්නේම මේ වගේ ෆජාත කම්පියුටර් අද කාලෙට ගැලපෙන විදිහට වැඩ කොරන්න කියහන්කෝ. . ගොඩක් පරන මැශින් වලට වින්ඩෝස් 7,8, උබුන්‍ටු වගේ ඒවා දාන්න බැරි ඒවා සපෝට් නැති හින්දනේ . . ඒත් ස්ලිටාස් වලට වැඩ කොරන්න ඕනේ 192MB රැම් ප්‍රමානයකුත්, 100MB හාඩ් ඉඩකුත් පමනලු ඇ. . .කොහොමද වැඩේ ෆට්ට සට ෆට නේහ්. . . උබලා ගාව තියෙන ෆට්ට ෆරන ෆජාත මැශින් එකකට නිකන් ටෙස්ට් කොරන්න මේක දාලා බලහන්කෝ ඇ. . . කොහොමද කියලා. . . .
ඉතින් කොල්ලනේ මේ වාගේ පොඩි වට තිබ්බාට මේක වින්ඩෝස් වගේ හැම වැඩක්ම වාගේ කොරගන්න පුලුවන් ලොවෙත් ඈ. . . මේකේ වින්ඩෝස් වල ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝර වගේ බ්‍රවුසරකුත් තියෙනවා. . ඒක තමා මිඩෝරි බ්‍රවුසර් එක. . . ඒකෙන් ෆජාත මැශින් එකෙන් නෙට් යන්ට පුලුවන් ෆට්ටේ වගේ ඇ. . . ඒ වගේම මීඩීයා ප්ලෙයර්ස්, චැටින්,සීඩී ඩීවීඩී රයිටින් වගේ සොෆ්ට්වෙයාර් කැලි ගොඩක් මේකට ඔබලා තියෙනවා ඇ. . . .
ඉතින් අරන් බලහන්කෝ ආතල් එකට වගේ. . මොකද ලොකු සයිස් කියලායැයි. . .අපි යූටියුබ් එකෙන් විශුවල් එකක් ගත්තත් මේ සයිස්නේ බොලන්. . . ඉතින් කොල්ලනේ මේක දාගද්දී CD එකකට රයිට් කොරන එක අපරාධයක්නේ නේ.. . .මොකෝ ඉඩ එහෙම්මමනේ. . . ඒ හින්දා මේ OS එක පෙන් එකෙන් බූට් කොරහන් . . ඒකට පොඩි සොෆ්ට්වෙයාර් කැල්ලක් තියෙනවා. . . ඒකෙන් බූට් කොරහන් ඇ. . .ඕන් බුවා පල්ලෙහා ඒකට ලින්ක් එකත් දැම්මා
ඉතින් කොල්ලනේ ෆට්ට ෆජාත මෙලොව දෙයක් කොරගන්න බැරිව ඇඩිල ඉන්න මැශින් එකකට දාලා බලහන්කෝ. . .ෆට්ටේ වගේ. . ෆට්ට ස්පීඩ්. . . අනික අද කාලේ විදිහට වැඩ කොරන්න කියාපු බඩුව. . ඕන් ඒකයි බුවා මේ පෝස්ට් එක දැම්මේ. . . ඉතින් නිකන් ඉන්න එකේ කොරලා බලහන්. . .Live CD Option එකෙන් පෙන් එකේ තියෙද්දිම ඉන්ස්ටෝල් කොරන්නේ නැතිව මැශින් එකට දාලා බලහන්කෝ වැඩ කොරන හැටි. . . .
ඉතින් කොල්ලනේ මේ පෝස්‍ටුව ෆට්ටනම් හෝ ෆජාත නම් අනිවා කමෙන්ට් කොරන්න ඇ. . . . ඒක බුවාට ඊලග පෝස්ට් එක සදහා රුකුලක් කියහන්කෝ. . .ඉතින් මේ වගේ පෝස්‍ටු ගැන දැන ගන්න බුවාගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙකුත් වෙලා ෆලයන්ලා. . . එහෙනම් අදට බුවා ඔබේ බ්‍රවුසරයෙන් කැෆෙනවා ඇ. . . උබලට ෆට්ට සට ෆට සතියක් එකෙන්ම. . . . උම්ම්ම්ම්ම්මා. . . . . .
මේ සොෆ්ට්වෙයාර් එකෙන් පෙන් එකට සෙට්ප් එක දාගනිල්ලා. . .
මේන්න ස්ලිටාස් OS එක. . Live CD - Stable Version එක ගනිල්ලා ඈ. .
බුවාගේ ස්ලිටාස් ස්ක්‍රීන් ශොට් ටිකකුත් බලාගනිල්ලාකෝ. . .
System Requirement
192MB RAM
100MB HD
6 comments: