Saturday, March 16, 2013

බස් නැවතුම්පලේ කර වීම


මාර කේස් එකක් කියන්නකෝ. . .

ඔන්න අද බුවා ටවුන් එකට බඩගෑවා උදේ පාන්දරම. . . බඩගෑවා නෙවෙයි පැන්නුවා . . බුවාගේ මෑනියන් . . ගෙදරට අඩුම කුඩුම වගයක් ගේන්න කියලා. . . ඉතින් ෆට්ට බුවා ජැන්ඩියට ඇදල කියලා ටව්න් එකේ ගොනා වගේ කරක් ගැහුවා . . .. ඔන්න ඉතින් පැය තුන හතර බුවා කඩවල් ගානේ බඩගාලා ඕන කරනදේ ගත්තා. . එතනින් වැඩිම වෙලාවක් ගියේ හලාල් නැති එවා ‍තෝරාබේරා ගන්න කියන්නකෝ. . බු හා හා. . 


ඔන්න ඉතින් බඩු ටිකත් කර ගහන් බස් එකට ගොඩ වෙන්න කියලා බස් නැවතුම් පලේ මා තනිවී සිටියේ හරියට කාත් කවුරුත් නැති අසරනයෙක් වගේ. . . . .. කාලේ ගෙවී ගියා. . . . . තත්පර විනාඩි උනා. . විනඩි එක දෙක තුන ගෙවිලා ගියා. . . . . ම්හ් තවම බස් පොජ්ජ නෑ. . . .. . දැන් ඉතින් බුවාටත් එපාවෙලා ඕන්. . . පිස්සු වගේ. . . මෙහෙම ඉද්දි ජීවීතේ කලකිරෙනවා නොවෑ. . ඔන්න ඔහොම යද්දි ගවුම් කොටයක් මා ඉදිරිපිට දිග හැරෙන ලදී. . . . යකෝ මගේ තිබ්බ අමාරුකම් මුස්තෙම්පුකම් කොහෙන් ගියාද නැ. . . . බුවා පොඩ්ඩක් මේ කෙලි පැටික්කිව අධ්‍යයනය කොරා. .. හනේ අම්මේ සිරියාවන්තකම , ,, බුවා උනත් තවම නාබර වයසේ කොලු ගැටයනේ. . . ඉතින් කෙල්ලත් හොරාට බුවා දිහා බලන්ට ගොහින් කර උනා. . . කොහෙද ඉතින් බුවාට කෙල්ලන් ගැන හොද නාඩියක් තියෙනවනේ. . . ඉතින් බුවත් නවත්තවුවේ නෑ. . .කෙල්ලට හෝ ගාලා ඩයල් එක දැම්මා. . .. අනේ අම්මේ කෙල්ලත් බුවාට කැමතිද කොහේදෝ. . . මෙහෙම දෙයක් උනාමයි බුවාට. . . බුවාගේ හිතේ ආදර බර හැගුම් පොපියනවා හෝ හෝ ගලා. . හරියට ක්‍රීම්සෝඩා වගේ. . .

ඔන්න ඉතින් බුවාගේ එකම ප්‍රාර්තනේ දැන් කෙල්ලගේ බස් එක දැන්ම එන්ට එපා කියලාලු ඈ. . .එහෙම උනොත් බුවාගේ ආදර අන්දරය මෙතනින් කෙලවර වෙයි නොවැ. . . ඉතින් යකුනේ මේක හිතල තත්පරයක් ගියෙ නෑ . . . . මෙන්න රාජපස්ස ආණ්ඩුවේ මරාලා සී.ටී.බී. බස් කබලක් පිබගෙන ආපී. . . ඇයි යකෝ අපිට හදිසියක් උනාම මේවා බෙහෙතකටත් නෑ. . .. ඕන් නැති වෙලාවට පදුරකට පයින් ගැහුවත් එකසිය ගානට. . .
දැන් ඉතින් අර ලස්සන කෙලි පටික්කි බුවාට යන්තමට සිනහවක් (ගෙදර යන අතර තුරේදි මට සිතුනේ එය කින්ඩියට කියලාය) දාලා බස් එකට නැග නොපෙනී ගියා. . .. .


අහෝ බුවාගේ සිහිනය එක තත්පරයකින් වෙනස් කොරන්ට රාජපස්ස අණ්ඩුවේ බස් එකකට පුලුවන් උන හැටි. . . අහෝ ඡන්දේ දුන්න අපිට සලකපු හැටි නේද මේ? අසරණ බුවා බඩු මලු කර ගහන් ගිනි අව්වේ කර උන හැටි ඔබත් දැක්කනම් දෙනෙතට කදුලක් උනනවා නිසකැයි. . අය කවදා අර කෙලි පැටික්කිව දැක ගන්නද දෙවියනී. .. ඇයි ඔබ අද මට නපුරු උනේ. . . . .
දැන් සිදුවු දෙය සිදුවී හමාරය, , , කෙලි පැටික්කිව දකින්නට ලබන ඉරිදත් යායුතුය. . . එදාටත් මෙවන් දෙයක් නොවේවා යන්න ඔබත් එක සිතින් ප්‍රාර්තනා කොරන්න මගේ කොල්ලනේ. . .. . . . .


                                                    <<<<(බුවා බුකියට දාපු ස්ටේ‍ටුවකි)>>>>

6 comments:

  1. ඔන්න ආව මේ පැත්තෙ..
    කරන්න මේ දේවල්

    1.වර්ඩ් වෙරිෆිකේශන් අයින් කරන්න
    (language settings වලට ගිහින්. නැත්නං කමෙන්ට් කරන්න ගියහම එපා වෙනව..)

    2. දවසකට එක පෝස්‍ට් එකකට වඩා නන එපා.. එහෙම උනාම අනිත් බ්ලොගර්ස්ල කියවන්න එන්න ටිකක් අකමැතියි..ඒක නිසා ඩ්‍රාෆ්ට්ස් වල සේව් කරල තියල පබ්ලිශ් කරන්න..

    3. සින්ඩි කීපයකට එකතු කරන්න බ්ලොග් එක..

    4. ෆේස් බුක් බ්ලොග් ගෘප් ටිකකට ඇඩ් වෙන්න

    5. අනිත් අයගෙ බ්ලොග් වලට යන්න. ෆලෝ කරන්න, කියවන්න, ලියන හැටි ඉගෙනගන්න. කමෙන්ට් කරන්න. එතකොට එයාලත් ඔයාගෙ බ්ලොග් එකට ඇවිත් පාසෙන් ඉදියි. කමෙන්ට් කරයි..

    6.ඒ අය දාන කමෙන්ට්ස් වලට අනිවාර්යෙන් රිප්ලයි කරන්න

    8. මට අකුරු ටිකක් පොඩියි කියල හිතෙනවා.. ටිකක් ලොකු කරන්න කැමතිනම්..

    බ්ලොග් ලෝකෙට සාදරෙන් පිළිගවවවා..හොඳ දෙයක් කරන්න ශක්තිය ලැබෙන්න කියල පතනවා.. සුභ ගමන්!!!

    ReplyDelete
  2. නියමයි මචෝ....මෙන්න දුමියගෙන් සප් එක...

    මටත් කියන්න තියෙන්නෙ මචො වර්ඩ් වෙරිෆිකේශන් අයින් කරන්න කියල තමා

    ReplyDelete
  3. තෑන්ක්ස් කොල්ලෝ. . . බුවා තවම පටන් ගත්තා විතරනේ. . . තවම ටික ටික ඉගෙන ගන්නවා. . . ඔබේ උපදෙස් වලට අනේක වාරයක් ස්තූතියි යාලුවා. . . මොකද මේවගේ එකක් පටන් ගද්දී කවුරුත් උදවුවට එන්නේ නෑ. . . පස්සේ ජනප්‍රිය වෙද්දී ඕන තරම අය ඉදී. . . ඉතින් ඒවා නොසලකා උදවු කලාට නැවතත් බුවා ඕන් ස්තූතී කොරා. . . . බුවා මේ උපදෙස් අනිවා පිලිපදිනවා. . .ඒ වගේම බුවාගේ පලවෙනි මෙම්බර් උන එක ගැනත් ඔබට ස්තූතීයි. . .
    එසේනම් එන්න බුවා සමග අත්වැල් බැද ගන්න. . .බ්ලොග් කලාවේ නව මන් සොයමු අපි. . . .

    ReplyDelete
  4. අහ් දුමී. . . . ඒක මාර අවුලක් නේ. . . හිටහන්කෝ බුවා ඒ ගැනත් බලන්නම්. . . . උබලගේ සප් එක බුවාට හෙන හයියක් හොදේ. . . . උම්මා. . . තෑන්ක්ස් කොල්ලෝ

    ReplyDelete
  5. tawa patta dewal tikak dapan macho.. .
    Ela kiri.

    ReplyDelete
  6. අනිවා කොල්ලෝ ඉල්ලුමට සැපයුම :-)

    ReplyDelete

Blogger Template by Clairvo