Tuesday, April 30, 2013

මහ ‍රැජිනගේ ෆට්ට 40ය නොහොත් UK TOP 40ය - අප්‍රේල් 28 අලුත්ම අප්ඩේට් එක



කොල්ලනේ කෙල්ලනේ. . . . . . කොහොමැයි කොහොමැයි ඉතින්. . . . . .ඉතින් බුවා මේ දවස් ටිකේ ගෙදර කියන්නකෝ. . . බොරුවට නිකන් බිසි බිසී කියන ජාතියේ පොරක් නෙවෙයිනේ මේ බුවා. . .ගෙදර ඉන්න එකේ නිකන් ඉන්නත් බැරි එකේ බුවාගේ බ්ලොග් එක ආම්බාම්  කොරන්න හිතුවා. . . .ඕන්. . . එහෙම කියලා නිකන් වල්පල් දාන්ට පුලුවන්ද නේහ්? ඉතින් බුවා අදත් ගෙනාවා සින්දු ලෝඩ් එකක් ඕන්. . .  ඩබල් ටින් එකේ. . . . . .

අද බුවා දෙන මේකට සමහරක් කැමති වෙන්ටත් පුලුවන් අකැමති වෙන්නත් පුලුවන් . . . කමක් නෑ ඉතින් බුවා මොනවා හරි දෙන්නේ හිත හොදින්නේ. . . මේක ඉතින් අපේ ඉන්ගිරීසී සින්දු පලන අයට තමා ඈ. . . . .ඒ කියන්නේ මහ ‍රැජිනගේ රටේ මේ දවස් වල හිට් සින්දු ටික තමා මේ ඈ. . . . . . ඇහුවට පාඩුවක් නෑ කොල්ලනේ, මොකද සුද්දියක්වත් සැට් උනොත් බයක් සැකක් නැතුව කියන්න පුලුවන්නේ අපිත් දැන් හිට් සින්දු තමා අහන්නේ කියලා.. . . ෆට්ටයි නේහ්. . . මේක තමා කොල්ලනේ UK Top චාට් එක. . . ආසයි නේ. . . දන්නවනේ ඉතින් බුවා දුන්නොත්. . . . කස්ටිය බලනවා ඇති අපෝ පරන ලඩියක් වෙන්න ඇති දෙන්නේ කියලා. . . . අපෝ නෑ. . . . . ..  බුවා කවද්ද අපේ කොල්ලෝ කෙල්ලන්ට එහෙම කොරන්නේ. . . . . මේක තමා අලුත්ම අප්ඩේට් එක ඕන්. . . . අලුත්ම කියන්නේ අප්‍රේල් 28 වෙනකන් තියෙන එක. . .අද ඉතින් මැයි පලවෙනිදනේ. . ෆට්ටයි නේ. . . . අහලම බලන්නකෝ කොහොමද කියලා. . . . . .

කිව්වත් වගේ මේකේ තියෙන්නේ මේ දවස්වල එන්ගලන්තයේ හිට්ම හිට් සින්දු සින්දු 40 ඈ. . . බුවානම් ඇහුවා ෆට්ට ඕන්. .  බුවාටනම් මේක හම්බුනේ ටොරන්ට් වලින් ඕන්. . .ඉතින් බුවා ටොරන්ට් ෆයිල් එක දැම්මා ඩවුන්ලෝඩ් කොරන්න ඈ. .. බුවා ඉතින් අය අප්ලෝඩ් කොරන එකෙත් තේරුමක් නෑනේ. . . මොකද දැන් හැමෝම ටොරන්ට් ගැන දන්නවා කියන්නකෝ. . . . . ඉතින් සීඩුත් වැඩි එකේ බුවා ටොරන්ට් ෆයිල් එක දැම්මා. . . ඉතින් ඒකෙන් මේ සින්දු ටික ඩවුන්ලෝඩ් කොර ගන්නකෝ මහ ‍රැජිනට උන ගැනෙන්නත් එක්ක . .  අහ් ඒ විතරක්ද. .  ඩවුන්ලෝඩ් කොරගෙන ගමටම ඇහෙන්ට දාන්න ඇ බුවා වගේ. . . එතකොට කාටද ආඩම්බර ඕන්. .

ඉතින් බුවා මේකේ සින්දු ලිස්ට් එකත් පහල දාලා ඇති. .  කියවලා බලලා හොදනම් විතරක් ගන්න ඈ. . . කියවන් නැතුව ඩවුන්ලෝඩ් කොරගෙන බුවාට එහෙම බනිනවා නෙවෙයි. . . ඒ විතරක්ද පෝස්ට් එක ෆට්ටනම් හෝ ෆජාතනම් අනිවා කමෙන්ට් කොරන්න ඈ. . . . ඒකෙන් පුලුවන් බුවාගේ වැරදි හදා ගන්න එකෙන්ම ඈ. .  ඉතින් මේ වගේ පෝස්ට් ගැන ඊමේල් මගින් ඉක්මනින් දැන ගන්න ඕනනම් බුවාගේ ගැන් එකට එකතු වෙන්න ඈ ඩෝන් ගාලා. . . . .

ඉතින් ඉතින් අද කම්කරු දිනය නේ. . . . කස්ටියටම ෆට්ට කම්කරු දිනයක් පතන ගමන්ම බුවා කැෆෙන්ට කියලා කොල්ලනේ. . . . . . ඉතින් තව දවස් දෙක තුනකින් ආපහු හම්බුවෙමුකෝ ඈ ෆට්ට පෝස්ට් එකකින්. . . . එතකන් බුවා සමග ඉන්න අපේ කොල්ලෝ කෙල්ලන්ට ෆට්ට සට ෆට සතියක් ඈ. . . . . එය බොක්කෙන්ම පැතුවේ ඔබේ ෆට්ට බුවා. . . . . .


                මෙන්න සින්දු ලිස්ට් එක ඈ. . . (28-04-2013 Update)

01 Daft Punk Feat Pharrell Williams - Get Lucky.mp3
02 Rudimental Feat Ella Eyre - Waiting All Night.mp3
03 Will.i.am Feat Justin Bieber - #thatPOWER.mp3
04 Calvin Harris Feat Ellie Goulding - I Need Your Love.mp3
05 Macklemore & Ryan Lewis - Can't Hold Us.mp3
06 Duke Dumont Feat A.M.E - Need U (100%).mp3
07 P!nk Feat Nate Ruess - Just Give Me A Reason.mp3
08 Nelly - Hey Porsche.mp3
09 Loveable Rogues - What A Night (Explicit Edit).mp3
10 Pitbull Feat Christina Aguilera - Feel This Moment.mp3
11 Passenger - Let Her Go.mp3
12 Bastille - Pompeii.mp3
13 Imagine Dragons - Radioactive.mp3
14 PSY - Gentleman.mp3
15 Justin Timberlake - Mirrors.mp3
16 Little Mix Feat Missy Elliot - How Ya Doin'.mp3
17 Iggy Azalea - Work (Explicit Edit).mp3
18 The Saturdays Feat Sean Paul - What About Us.mp3
19 AlunaGeorge - Attracting Flies.mp3
20 Bruno Mars - When I Was Your Man.mp3
21 David Guetta Feat Ne-Yo & Akon - Play Hard.mp3
22 Taylor Swift - 22.mp3
23 Macklemore Feat Wanz - Thrift Shop (Explicit Edit).mp3
24 Disclosure Feat AlunaGeorge - White Noise.mp3
25 The Lumineers - Ho Hey.mp3
26 The 1975 - Chocolate.mp3
27 Clean Bandit - Mozart's House.mp3
28 Bridgit Mendler - Ready Or Not.mp3
29 Michael Bublé - It's A Beautiful Day.mp3
30 Chris Brown - Fine China.mp3
31 Charlie Brown - On My Way.mp3
32 Will.i.am Feat Britney Spears - Scream & Shout (Explicit Edit).mp3
33 Nicky Romero & NERVO - Like Home (Extended Mix).mp3
34 Avicii & Nicky Romero - I Could Be the One (Nicktim).mp3
35 Carly Rae Jepsen - Tonight I'm Getting Over You.mp3
36 The Script - If You Could See Me Now (Explicit Edit).mp3
37 Paramore - Still Into You.mp3
38 Mat Zo & Porter Robinson - Easy (Extended Mix).mp3
39 The Goo Goo Dolls - Iris.mp3
40 Amelia Lily - Party Over.mp3


Size - 368 MB

Download Torrent File =====>>>>>>  DOWNLOAD NOW <<<<<<
 More Details=====>>>>>>UK TOP 40

Join Buwa on FACEBOOK

2 comments:

Monday, April 29, 2013

Windows Movie Maker වින්ඩෝස් 7 වලට දාගමු එකෙන්ම

අහ් කොල්ලනේ. ..  කොහොමැයි ඉතින්.  . .  ඉතින් ඕන් බුවා අදත් ආවා පෝස්‍ටුවක් කර ගහගෙන කියන්නකෝ. . . . හැමදාමත් පෝස්ට් දාන්ට බෑ නොවැ. . . මොකද ලගදිම ලයිට් බිලත් ඩබල් ඩබල් වෙන එකේ පෝස්ට්‍ටුත් ඩබල් ඩබල් එකේ කපන්ට වෙනවා. . .  ඒවට මේ අහින්සක බුවා මක් කොරන්නද ඉතින්. .

එවා වැඩක් නෑ නොවැ. . . බුවා අද දෙන්න යන්නේ ඩවුන්ලෝඩ් ෆට්ටමක්. . . . කස්ටිය කැමති ඇතිනේ. . . මේක තමා  බුවාගේ බ්ලොග් එකේ පලමු සොෆ්ට්වෙයාර් ෆට්ටම. . . බ්ලොග් එකේ ඉතින් වැඩි දෙයක් නෑ කියල බුවාගේ කොල්ලෝ කෙල්ලෝ දන්නවා ඇතිනේ. . .  මොකද ඉතින් බුවා තවම බ්ලොග් කෙරුවාවට අලුත් නේ. . . . .

ඉතින් කවුරුත් දන්නවා ඇති බුවා දෙන්නේ අමුතුම බාන්ඩ කියලා. . . ඒක තමා බුවාගේ ආතල් එක. . . කොහොමින් කොහොම හරි අද බුවා ගෙනාවේ පුංචි පහේ සොෆ්ට්වෙයාර් එකක්. . . බ්ලොග් එකේ පලමු සොෆ්ට්වෙයාර් එක හින්දා බුවා පුංචි එකකින්ම පටන් ගත්තා කියන්නකෝ. . . . . . . කස්ටිය දන්නවා ඇතිනේ වින්ඩෝස් වල තියෙන මූවී මේකර් ගැන එහෙම. . . . අන්න ඒක තමා බුවා මේ පාර ගෙනාවේ ඕන් ඩබල් ටින් එකේ. . . .. . . ..

ඈ . . . . . . . .කස්ටිය බලනවා ඇති මේ මොන කිම්බක්ද කියලා. . . . . ඉන්නකෝ කියනකන්. . . කාටවත් මේ සොෆ්ට්වෙයාර් එක ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැනේ. .  මොකද අපි වින්ඩෝස් XP තියෙන කාලේ මේක ෆට්ට ගැහුවා. . . .ඒ තරමට ප්‍රයෝජනවත් සොෆ්ට්වෙයාර් කෑල්ලක්. . . පුංචි පුංචි විඩීයෝ එඩිට් කොරන්න බුවාට මේක තරම් හොද එකක් තිබුනෙම නෑ. . . මොකද බුවා උනත් මේකට මනාප උනේ කම්පියුටරේ ස්ටක් කොරන්නේ නැති පහසුවෙන් අල්ලගන්නට පුලුවන් වැඩ තියෙන එකක් නිසානේ. . . . . .

ඉතින් දැන් අපේ කස්ටිය බලනවා ඇති මේක මොකටද දෙන්නේ කියලා. . . . කස්ටිය දන්නවා ඇතිනේ වින්ඩෝස් XP වලට මේක දාලම එවනවනේ. . . .ඒ ගොල්ලන්ට මේක අදාලම නෑ. . . බුවා මේක දෙන්නේ අපේ වින්ඩෝස් 7 දාගෙන ඉන්න කස්ටියට ඈ. . . . මොකද වින්ඩෝව්ස් 7 වලට මේ සොෆ්ට්වෙයාර් එක එක්ස්පී වගේ දාලා එවන්නේ නෑ. . . . මොකද බිල් අයියට හිතෙන්ට ඇති මේකත් සොෆ්ට්වෙයාර් එකක්ද කියලා. . . .ඒත් අපේ අයට මේක මාරම වැදගත් කියල හිතුන හින්දයි බුවා උනත් මේක දැම්මේ. . . ඕන්. . .

අපේ ගොඩක් අයගේ වින්ඩෝස් හොර කොපිනේ තියෙන්නේ. .  තව කස්ටිය හොරාට ජෙනුයින් කොර ගන්නවා. . . කොහොමත් ජෙනුයින් අයට මේක මයික්‍රොසොෆ්ට් සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කොර ගන්න පුලුවන්. . ඉතින් එච්චර කරදර වෙන්නේ මොකටද මේ ෆට්ට බුවා ඉන්නකන්. . .. හා නැද්ද මන් අහන්නේ. . . . . . ඉතින් බුවා අන්තර්ජාලයේ සැරිසරද්දී තමා මේක දැක්කේ ඕන්. . .ඉතින් ඒ ගමන්ම මේක අපේ උන්දලාට දෙන්න හිතුවා එකෙන්ම. . . . . . ඇයි අප්සට්ද?

අහ් ඉතින් මේ සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කොරලම බලන්නකෝ බුවා දෙන ලින්ක් එකෙන් ගිහින් හරි.  . ඔය මහලොකු විඩීයෝ එඩිටින් සොෆ්ට්වෙයාර් වගේ මහ ලොකු වැඩ නැති එක ඇත්ත. . . ඒත් පුංචි පහේ වැඩ වලට මේක කියාපු බඩුව. . . . අය දාලා මේක ඉන්ස්ටෝල් කොරන්ට එහෙම ඕන නැ හරි. . . කෙලින්ම ෆෝල්ඩර් එක කොපි කොරල වැඩට බහින්ටයි තියෙන්නේ. . . .. අහ් මහ ලොකු බරකුත් නෑ නොවැ. . . . 10MB ඕන් තියෙන්නේ. . . ආසයි නේ?


ඉතින් කොල්ලනේ. . . . ඩවුන්ලෝඩ් කොරලාම කියන්නකෝ ෆට්ටද නැත්නම් ෆජාතද කියලා. . . . . මතක තියා ගනිල්ලා මේක තනිකරම වින්ඩෝස් එක්ස්පී වල තිබ්බ එකමයි ඈ. . . කිසිම වෙනසක් නෑ ඕන්. . . . අය ෆට්ටේ වගේ වින්ඩොව්ස් 7වල වැඩ. . . . බුවා උනත් දාගෙන බලපු එකනේ. . . . ඉතින් වැදගත් වෙනවා කියන හිතන අපේ කස්ටිය මේක දාගෙන බලන්නකෝ. . . . අපේ කෙල්ලන්ටනම් මේක ගොඩක් වැදගත් වෙයි කියලයි බුවානම් හිතන්නේ ඕන්. . . .

එහෙනම් කොල්ලනේ බුවා කැෆෙන්ට කියලා. . . තවත් අමුත් තාලේ පෝස්ට් එකකින් ලගදිම හමුවෙමුකෝ ඈ. . . . .අහ් පෝස්ට් එක ෆජාතනම් හෝ ෆට්ටනම් අනිවා කමෙන්ට් කොරලා යන්න හොදේ. . . එකනේ ඉතින් බුවාගේ ආතල් එක. . . . අහ් මේ වගේ පෝස්ට් ගැන ඉක්මනින් දැන ගන්න ඕන නම් බුවාගේ ගැන් එකට සැට් වෙන්න ඈ. . . ඒක ඉතින් ඔබට බාරයි. . . .. ඉතින් නැවත හමුවෙනකන් අපේ කොල්ලෝ කෙල්ලන්ට ෆට්ට සට ෆට සතියක් ඈ. . . . උම්මා. . . . . .ජයශ්‍රි වේවා බොක්කෙන්ම. . . . .!!!



Size - 10.87 MB

මෙතනින් ඩවුන්ලෝඩ් කොර ගන්න  . .  = = = = >>>>> DOWNLOAD NOW <<<<<<

Join Buwa on FACEBOOK

9 comments:

Thursday, April 25, 2013

ෆට්ට කෑල්ලක් ටෝක් කොරමුද????

                                                   

ඉතින් කොල්ලනේ කොහොමැයි. . . . බුවානම් මේ ටිකේ හොදින් ඉන්නවා කියන්නකෝ. . . . . මොකක්ද දන්නෑනේ රහස. . . . .වෙන මොනවද ඉතින් ගවුම් කෑල්ලක් තමා කොල්ලනේ. . . . . .

අහ් කස්ටිය බලනවා ඇති බුවාට කෙල්ලෙක්වත් සැට් වෙන්න ඇති කියලා. . .  බු හා හා. . . ඒ වගේ තමා ඈ. . . . . . කෙල්ලෙක් කිව්වට මෙයා ලස්සන නංගියෙක් ඈ. . . . දන්නවනේ ඉතින් බුවාට මොකක් හරි මගඩියක් හම්බුනොත් තනියම රස විදින් නැතුව බුවාගේ ගැන් එකට උස්සගෙන එනවා කියලා. . . . . .ඉතින් ඕන් අදනම් උස්සගෙන ආවේ ලස්සන කෙල්ලෙක් ඈ. . . . . . ආසයි නේ. . . . . . . .

බුවා ඉතින් විනෝදාන්ශයක් වශයෙන් අන්තර්ජාලය අවුස්සන එකනේ කොරන්නේ. . . . එහෙම කොරන්නේ මොනවා හරි වැදගත් යමක් හොයා ගන්න කියන්නකෝ. . . . . .ඉතින් මේ පාර බුවාට හම්බුනේ ලස්සන කෙල්ලෙක් ඕන්. . . . සමහර අය දැනටමත් මේ ගැන දන්නවා ඇති. . .  ඒත් ඉතින් බුවා පෝස්ට් දාන්නේ අපේ දන්නේ නැති කොල්ලෝ කෙල්ලන්ටනේ. . . . .කවුරු හරි දන්නේ නැති දෙයක් කියලා දෙන එක තමා බුවාගෙත් පන් එක ඕන්. . . .

අහ්. . . .ඉතින් මේ කෙල්ල ගැන කතා කොරද්දී මෙයා හරි ලස්සසන එක්කෙනෙක් ඕන්. . . තේරෙන බහින් කිව්වොත් ෆට්ට කෑල්ලක් . . බුවාගේ උනත් හද ටීන් ටීන් ගෑවා මෙයාව ඉස්සෙල්ලාම දකිද්දී. . . . . ඉතින් අපිට තියෙන්නේ මෙයාගෙන් කැමති දෙයක් අහන්න ඕන්. . . ඕන දෙයකට ෆටාර් ගාලා උත්තර දෙනවා. . . ඔය අපේ පේස්බුකියේ කෙල්ලෝ වගේ මෙයාගේ කිසිම ගනකමක් නෑ. . .  ලොකු සීන් නෑ. . .  චැට් කොරන් නැතිව හ්ම් හ්ම් ගාන්නේ නෑ. . . . . . කොටින්ම කිව්වොත් බුවාගේ ජීවිතේ හම්බුන හොදම චැට් කෙල්ල මෙයා තමා. . .  බු හා හා. . . . . .

ඉතින් කොල්ලනේ වැඩි ෆොයිය ඕන් නෑ නොවැ. . . .  බුවා දෙන ලින්ක් එකෙන් ගිහින් කෙල්ලව ටෝක් කොරලම බලන්නකෝ. . . . . කොහොම එකියක්ද කියලා. . . . ෆට්ට ආතල් ඈ. . . මේකි සැරින් සැරේට ඩයල් එහෙම දානවා ඒවට එහෙම අහු වෙන්න එපා ඈ. .  ගෑනු මායම්නේ. . . . . . අහ් තව එකක් මේකිට කුනුහරප එහෙම කියල දෙනවා නෙවෙයි ඈ . . . අපේ කොල්ලෝ ශුවර් කොරන්න බෑනේ. . . .

එහෙනම් කොල්ලනේ බුවා කැෆෙනවා. . . තවත් අමුතු තාලේ පොස්ට් එකකින් හමු වෙනකන් ඔබට ෆට්ට සතියක් ඈ. . . . අහ් පෝස්ට් එක ෆට්ට නම් නැත්නම් ෆජාත නම් අනිවා කමෙන්ට් කොරන්න ඈ. . . . මොකද ඒකයි බුවාගේ එකම ශක්තිය ඕන්. . . . . . . .ජය ශ්‍රි!!! නොහොත් ෆට්ට සට ෆට. . . .




මේ ඉන්නේ කෑල්ල ====>>>>> Click Me

Join Buwa on FACEBOOK

9 comments:

Wednesday, April 24, 2013

වල බහින්න කියාපු තැන අෆ්ෆා KCC - Kandy




බුවාගේ ජීවීතේ ෆට්ට දවස් ගෙවුනේ මෙතනලු ඈ. . . . දන්නවා ඇති නුවර KCC එක. . . අනේ අම්මියෝ ෆට්ට ප්ලේස් එක අෆ්ෆා. . . ඉස්සර බුවාලාගේ සැට් එක ක්ලාස් යද්දී මෙතනමලු ඈ හිටියේ. . . . වෙන කොහේ යන්නද ඉතින් . . මේතන කූල් එකේ අයිස් ක්‍රීම් එකක් කකා අපේ කොල්ලෝ සැට් එකත් එක්ක පොයිය ඇර ඇර ඉන්නනේ තියෙන්නේ. . . . . බුවා ඉතින් ක්ලාස් ගියේ වහිද්දී විතරයි ඕන්. . . ෆට්ට අවුව දවස් වල අපි සැට් එක වල බැස්සේ නොහොත් පන්ති කට් කොරේ මේ එකේ. . . . කාගෙන් කියලා බාධාද. . . . . හැබෑට. . . . . . . එත් ඉතින් වෙලාවකට රතු ටයි දාගත්ත මහත්තයලා වගේ ඉන්න ඩයල් බුවාලට තරව‍ටු කොරනවා. . . . . මොකද බුවාලගේ සැට් එකේ කස්ටියගේ හැසිරීම් හොද නෑනේ. . . . . . . ලස්සන අක්කෙක් නංගියෙක් ගියොත් මුන්ට නිකන් කැහිල්ල වගේ. . . . .

අහ් තව එකක්. . . බුවාලගේ සැට් එකේ ඔක්කෝටම මුහුනු පොතේ ගිනුම් තියෙනවා කියන්නකෝ. . . . ඉතින් මුන් ඔක්කොම පොපයිල් පික් එකට පො‍තෝ කෑලි ගන්නේ මේකේ ඉදන්. .  මොකද එතකොට නිකන් පොශ් ගතියක් එනවනේ. . . අර හාල් පෙනුම නැති වෙලා. . . . . . අනේ අම්මෝ ෆොටෝ ගන්න තියෙන අමාරුවක්. . . . මොකද මේකේ අර රතු ටයි අයියලා ෆොටෝ ගන්න දෙන්නේ නෑනේ. . . . මොකද උන්ට ෆට්ට ඉරිසියාව. . . . . . බුවා උනත් ෆොටෝ ගන්නේ ෆ්ලෑශර් එහෙම ඕෆ් කොරලා. . . . .

ඉතින් අපේ එවුන් අර උඩට යන පඩි පෙලේ එල්ලී. . . . පල්ලෙහාට එන අඩි පෙලේ වැඩ දාලා ෆෝටෝ ගන්නව කියන්නකෝ. . . . ඒවා ඉතින් මුහුනු පොතේ ෆටාර් ගාලා ජනප්‍රිය වෙන්නේ නලු බට්ටන්ගේ ෆැන් පේජ් වගේ ඕන්. . . ඒකනේ කොල්ලෝ ගොඩක් කැමති මෙතන්ට. . . . බු හා හා. . . .

තව ඉතින් කිව්වොත් මුලු නුවරම ඉන්න ලස්සනම් කෑලී නොහොත් ලස්සනම කෙල්ලෝ බලාගන්න මෙතන්ට වඩා තවත් තැනක් නෑ ඕන්. . . . .අනේ අම්මෝ එකක් යද්දි තව එකක්. . .  බුවාට පිස්සු හැදෙන් නැති එක විතරයි. . . . ඒතරමට ලස්සන කෙල්ලෝ ගොඩයි. . . .

බුවා කිව්වනේ බුවාලා මෙතන්ට යන්නේ බුවාලගේ ක්ලාස් වේලාවල් වල කියලා. . . ඉතින් මෙතනට ගිය අයට කොරන්න ඕන තරම වැඩ ඕන්. . . . කස්ටියකට අර පඩි පෙල් දිගේ උඩට යනට පල්ලෙහාට බහින්ට පුලුවන්. . . තව කස්ටියකට ඔඩෙල් එකට එහෙම ගිහින් ඇදුම් ‍තෝරන්ට පුලුවන්. . . අම්මෝ බුවාලා තරම් ඔඩෙල් එකෙන් මාල වලලු හොරකම් කොරන්ට නැතුව ඇති වෙන කොහෙන් වත්. . . ඒතරමට හොරුන්ට කියාපු තැන. . . . ඒකනේ සන්සලා අක්කා පවා මාට්ටූ උනේ. . . . ඒ කිව්වට අපේ කොල්ලෝ එහෙම හොරකමේ යනවා එහෙම නෙවෙයි ඈ. . . . . .බුවාලා වගේ. . . . අම්මෝ ෆුඩ් සිටී, තව කොච්චර ඒවා තියෙනවද අෆ්ෆා මේකේ කරක් ගහන්න නම්. . . . .

ඉතින් කොල්ලනේ. . . . . . . නුවර අය මේ ගැන එක සිතින් ආඩම්බර වෙන්න ඕනේ ඈ. . . පෞරානික නගරයකට මේ වගේ නවීන පන්නයේ සාප්පු සංකීර්නයක් ලැබීම පිලබද. . . . .

ඉතින් ඔබත් මහනුවර අවටද. . .  එසේනම් ගොඩවී බලන්න ෆට්ට ඈ. . . . . . මේකට ගොඩ වුනේ නැත්නම් ඔබ නුවර නෙවෙයි ඈ. . . . . .

                                                <<<<(බුවා බුකියට දාපු ස්ටේ‍ටුවකි)>>>>

1 comments:

Monday, April 22, 2013

සිංහල කුරානය



අහ් මෙන්න කොල්ලනේ කස්ටියම හොයපු දෙයක්.. . . දැනට ටික කාලයකට ඉහතදී ට්‍රෙන්ඩ් එකක් වෙලා තිබ්බනේ හලාල්. . . .ඉතින් දැන්නම් ඒ උණුසුමේ සැර අඩුවෙලා. . .  ඒත් තවමත් මුහුනු පොතේ හලාල් විරෝධි ක්‍රීයානම් අඩුවක් වෙලා එහෙම නෑ නේහ්???
කොහොමින් කොහොම හරි මුහුනු පොතේ සිංහල මුස්ලිම් ගැ‍ටුම් ඕන තරම් බුවා දැකලා තියෙනවා. . . . පේජ් වලින් ගත්තොත් කොච්චර පේජ් තියෙනවද මේ දෙපැත්තෙන්ම. . . . . එත් මේ ගොල්ලන්ගෙන් සමහර අය මෙලෝ හසරක් නොදැනගෙන බනින්නන් වාලේ බනිනවා. . . . ඒක ඉතින් හරි නෑ නොවෑ. . . . වැරද්දක්නම් බුවා උනත් නිකන් ඉන්නේ නැ. . . . බනිනවා පලු යන්න. . . . බු හා හා

 ඉතින් කොල්ලනේ අද බුවා දෙන්න යන්නේ ගොඩක් වටින දෙයක්. . . සමහරු මේක හොය හොයා පාරක් පාරක් ගානේ ඇවිදිනවා කියලා බුවාට දැන ගන්න ලැබුනා. . . ඉතින් ඒ ගැන සලකලා බුවා මේක බුවාගේ ගැන් එකට දෙන්න හිතුවා. . . මේක ඉතින් බුවාට හම්බුනෙත් බ්ලොග් එකකින්ම තමා ඈ. . . ඒ ගැනත් ආදරයෙන් මතක් කොරනවා ඕන්. . . . .

මේ තමා අපේ මුස්ලිම් සහෝදරයන්ගේ කුරානය. . . .ශුද්දවූ කුරානය. . . . බුවා වැඩි විස්තර කියන් නෑ ඕන්. . . එහෙම උනොත් බුවා ජාතිවාදීයා කියලා පලු ගහන්ට පුලුවන් . . . කියවලාම බලන්නකෝ මොකද වෙන්නේ කියලා. . . . . හෝ හෝ මේක අරාබි එහෙම නෙවෙයි ඈ. . . තනිකරම සිංහල. . . . පි‍ටු 709ක් තියෙනවා ඕන්. . . . . .පීඩීඑෆ් විදිහට තියෙන්නේ ඩවුන්ලෝඩ් කොරගෙනම බලන්නකෝ ෆට්ටේ වගේ. . . . .

ඉතින් කොල්ලනේ බුවා බෞද්ධාගමිකයෙක් වෙලා බුවාගේ පලවෙනි eBook එකට මෙහෙම එකක් දුන්න එක ගැන සමාවෙන්න ඕන ඈ. . . . අපේ කොල්ලන්ට වැදගත් වෙයි කියලා හිතාගෙන තමා දුන්නේ ඈ. . . . ..නැතුව වෙන දෙයකට එහෙම නෙවෙයි ඈ. . . . දන්නවනේ බුවත් ඉතින් හලාල් විරෝධියනේ එකෙන්ම. . . 

ඉතින් ෆටාර් ගාලා ඩවුන්ලෝඩ් කොරගෙන බලන්නකෝ කොල්ලනේ. . . . . පෝස්ට් එක ෆට්ටනම් නැතහොත් ෆජාත නම් අනිවා කමෙන්ට් කොරන්න ඕන හොදේ. . . .  මොකද බුවාගේ එකම ශක්තිය අපේ කොල්ලෝ කෙල්ලෝ නඩයනේ. . . . . . . . .

එහෙනම් බුවා යන්න කියලා. . . . මේක කියවලා අපේ අය වලි වලට එහෙම පැටලෙනවා නෙවෙයි ඈ. . . . . එහෙනම් කස්ටියටම ෆට්ට සට ෆට සතියක් වේවා ඕන්. . . තවත් ෆට්ට පෝස්ට් එකකින් හමුවෙන්න හිතාන. . . . . . බුවා කැෆුනා. . . . . .. ජය ශ්‍රි!


Size - 3.20 MB

>>>>> Download Now <<<<<

2 comments:

Sunday, April 21, 2013

රටට පි‍ටුපා IPL හිගමනේ ගිය අපේ උන්දලාට වෙච්ච දෙයක්. . .




ක්‍රිකට්. . . . . . . . . . .බුවා ඇත්තටම ලංකාව ගැන ආඩම්බර උනොත් වුනේ ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායම ගැන. . . ඒ ගැන ඉතින් කුමන කතාද නෙහ්? එදා ඉදන් අද වෙනකන් ක්‍රිකට් වංශ කතාව අලුත් කොරන්න අපේ මේ පුංචි රටේ කොල්ලන්ට හැකි උනා. . . එක කාලයක මුලු ලෝකයේම ශූරයන් උනෙත් අපේම උන්. . . . ඒ විතරද ලංකාව නමින් කීයක් ලෝක වාර්තා ඇත්ද. . . සමහරක් ඒවා ලගට කිට්‍ටු කොරන්නවත් වෙන රටකට හිතාගන්නවත් බෑ. . . . . ඒ වගේම අපේ මේ ක්‍රිකට් ක්‍රීඩකයක් ජාතික වීරයන් ලෙසයි අපේ අය සැලකුවේ. . . . ලෝකේ කිසිම රටක නැති ලෙස අප ඔවුන්ට ආදරය කොරා. . . තරගයක් දිනුවා හෝ පැරදුනා හෝ අප සිටියේ ඔවුන් සමගයි. . . . . . . . .

ඒත් මොහොතක් සිතා බලන්න. . . . . . . . . . . . . . ඔබ තවමත් එලැසමද හිතන් ඉන්නේ. . . . . . . . .

ඔව් බුවා හිතුවා හරි. . . . . ඒ පරන සිතුවිල්ල දැන් නෑ නෙහ්?

ඇත්තටම මොකද උනේ?????

එදා ක්‍රික‍ටුයි අද ක්‍රික‍ටුයි අහසයි පොලවයි වගේ. . . . . මොකද ඒ දෙක ගොඩක් වෙනස්. . . . එදා අපේ ක්‍රීඩකයන් සෙල්ලන් කොරේ රට වෙනුවෙන්. . . . ඒත් අද???????? අපේ අය ක්‍රීඩා කොරන්නේ රට වෙනුවෙන්මද???? නෑ නෙහ්? අද ඔක්කොම මුදලට යට වෙලා. . . . . කොයි තරම්ද කිව්වොත් ක්‍රීඩකයෝ විකිනුම් භාන්ඩ වගෙයි. . .ඔවුන්ටවත් ඔවුන් අයිති නැති බවට පත්වෙලා. . .

අපි ඒක අල්ලලා දාමුකෝ. .  මොකද අද කාලේ හුස්ම ගන්ටත් සල්ලි ඕන කියල බුවා දන්නවා. . . . ඒත් සල්ලි පස්සේ ගිහින් රට පාවා දෙනවා කියන්නේ අන්තිම පහත් වැඩක් නේද කොල්ලනේ. . . . . .

මීට ටික කාලෙකට කලියෙන් මාලිංග කියපු කතාව ඔබට මතක ඇති. . . . ඔබට එදා සිතුනේ මොනවද ඇත්තටම. . . . ඔබ වීරයන් සේ සලකපු අපේ වීරයෝ අපට  සලකන්නේ මේ විදිහටද කියල නෙහ් එදා ඔබට සිතුනේ. . . . අපි ඒකත් අල්ලලා දාමුකෝ. . .  මොකද ඔහුට එහෙම කතා කරන්නටද අයිතියක් තියෙනවනේ හැබෑවටම. . .

ඉන්දියාව. . . . . . . . . . අපි හිතුවේ ඉන්දියාව අපේ වැඩිමහල් සහෝදරයා කියලා. . . . . . . . ඒත් ඇත්තටම තවමත් ඔබ එලෙසමද හිතන්නේ. . . . . . ඉන්දීයාව දැන් අපට සලකන්නේ ඇත්තටම සතුරු රාජ්‍යයකට වගෙයි. . . . ඔවුන්ගේ රජයේ පටන් සෑම මිනිසෙකුම දැන් අපට හතුරුකම් කිරීමට පටන් අරන්. . . . ඒක හොදට තේරෙන්ට ඇති IPL එකෙන්. . . . අපේ ක්‍රීඩකයන්ට ක්‍රීඩාකිරීමද තහනම් කොරා. . . .ඒත් අපේ මුදලට යටවුන මේ මෝඩ ‍රැල ඉන්දියාවට ගියා මිසක් නොව ක්‍රීඩාත් කොරා. . . ඒ අතින් චන්දිමාල් වැනි ක්‍රීඩකයන් අපි අගේ කොරන්න ඕන මේවගේ අවස්තාවක රට සමග සිටියාට. . . . . ඒ වගේම හොදට මතක තියා ගන්න පකිස්තානය මේවගේ අවස්තාවක කොරපු දේ. . . .ඒ ගොල්ලෝ IPL තහනම් කොරා නේද. . .? ඒකයි රටට ආදරය කරන විදිහ. . .ඉතින් මෙතරම් අපේ රටට කෙනෙහිලිකම් කොරන මේ වගේ රටක සල්ලි අපට මොකටද. . . . ඇයි අපේ අය මේ වගේ තැන්වලින් හිගා කන්ට යන්නේ. . . . . මේ ගැන හිතද්දි බුවාටනම් දැන් ලංකාවේ ක්‍රිකට් ගැන කිසිම පැහැදීමක් නෑ ඕන්. . .


අපේ රටේ අය කොච්චර එපා කිව්වත් අපේ ගොන් වස්සෝ ටික ඉන්දියාවට ගියානේ හිගමනේ. . . . ඉතින් ඒ ගොල්ලෝ දැන් කොරගත්තද දෙයක්. . . .

ඕන් සන්ගක්කාර ලකුනු අතර නෑ කියලා සන්රයිසස් හයිද්‍රාබාද් කන්ඩායමේ නායකත්වයෙනුත් අයින් කොරලා. . . .
එතකොට මහේලගේ නායකත්වයෙන් යුත් දිල්ලී ඩෙයාඩෙවිල්ස් කන්ඩායම පලමු තරග පහෙන් පහම පැරදී. . . .
ඒ වගේම ඉහල මිලක් දී ගත්ත අපේ අජන්ත මෙන්ඩිස්  තවමත් එක තරගයක්වත් ක්‍රීඩා කරන් නැතුව බංකුවක ඉදගෙන ඉන්නවලු. . . .
අහ් අපේ චන්ඩියා. . . . මාලිංග මහත්තයාට විකට් නැල්ලු. . . . . . අනේ පව්. . . . . . . . . . . ගියේ රටට පි‍ටුපාලා. . . . . . දැන් සැප ඇති. . . . . . . . අනේ යකෝ චන්දිමාල් ලා වගේ චාටර් වෙන්නේ නැතුව හිටියනම් ඉවරයිනේ. . . .  සල්ලි වලට කහින් නැතිව. . . . .අන්තිමේදී උබලට වෙන්නේ කොහෙත් නැති වෙන එක. . . . .

ඒ හින්දා දැන්වත් රට ගැන හිතලා ක්‍රීඩා කොරපල්ලා. . . .ඉස්සර අපේ ක්‍රීඩකයෝ වගේ. . . . . එදාට උබලට අපි ඉන්නවා. . . . . . . . . . ඔහොම ගියොත් උබලා සෙල්ලන් කොරද්දී අත්පුඩියක්වත් ගහන්න කෙනෙක් නැතිවෙයි. . . . . ඒ හින්දා දැන්වත් හිතපල්ලා. . . . . . .. . . . . . . රට ගැන හිතපල්ලා. . . . . . . . . .

Join Buwa on FACEBOOK

5 comments:

Friday, April 19, 2013

Enigma ගේ සින්දු දිත්ව ශතකය




ඔන්න කොල්ලනේ කාලෙකින් බුවා පොස්ට් එකක් දාන්න හිතුවා ඩබල් ටින් එකේ. . . . . කොහෙද ඉතින් වැඩ හින්දා මුකුත් හිතා ගන්න බෑනේ. . . . කමක් නෑ ඉතින් බ්ලොග් එකේ මකුල් දැල් බදින හින්දා මේ පාර දෙන්න හිතුවේ ඩවුන්ලෝඩ් ෆට්ටමක්. . . බුවා දන්නැද්ද අපේ කස්ටියට ඩවුන්ලෝඩ් වලින් තොරක් නෑනේ. . . බුවාගේ බ්ලොග් එක මේ හැමදෙයකින්ම සන්නද්ධ කොරන්න බුවාගේ පුංචි හිතේ අහින්සක බලාපොරොත්තුවකුත් නැතුවා නොවෙයි ඕන්. . . . හෝ හෝ ෆොයිය ඕන් නෑ. . . . වැඩේට බහිමු. . .

අද බුවා දෙන්න හිතුවේ ෆට්ට සින්දු ඇල්බම් එකක්... බුවාගේ බ්ලොග් එකේ පලමු ඩවුන්ලෝඩ් පොස්ට් එක තමා මේ. . . . කොහෙද ඉතින් බ්ලොග් එක ලගදිනේ පටන් ගත්තේ. . .තවම කිරි සප්පයා. . . . . ඉතින් මේ කිරි සප්පයා අන්තර්ජාලයේ සැරිසරද්දී තමා මේක දැක්කේ. . . . තනියෙන් කන පුරුද්දක් බුවාට නැති හින්දා බුවාගේ ගැන් එකට දැනගනු පිනිස ඕන් අද මේක දැම්මා කියන්නකෝ . . .

කස්ටිය දන්නවා ඇතිනේ එනිග්මා ගැන එහෙම. . . . බුවා නම් එනිග්මලාගේ ෆට්ට රසිකයෙක්. . .මොකද එනිග්මා කියන්නේ සාම්ප්‍රදායික සංගීත සෛලයෙන් එහාට ගිය සංගීත කන්ඩායමක්. . . . කන්ඩායමේ කස්ටිය ටිකක් නාකි උනාට ඒ ගොල්ලන්ගේ සංගීතයනම් තවම වයසට ගිහින් නෑ ඕන්. . . ඒ තරමට ෆට්ට. . . .  කොටින්ම කියනවානම් මේ ගොල්ලන්ගේ සමහරක් සිංදු ලංකාවේ චැනල් වල පවා බැක්ග්‍රවුන්ඩ් මියුසික් සදහා පවා ගන්නවා. . . . .
ඉතින් කොල්ලනේ අද බුවා දෙන්න හිතුවේ එනිග්මලාගේ සින්දු ලෝඩ් එකක් ඕන්. . . . ලෝඩ් එකක් කිව්වට මෙතන සින්දු 230කටත් වඩා තියෙනවා ඕන්. . . . තවමත් බුවා අහන ගමන් ඈ ඉන්නේ. . . . .
ඉතින් කොල්ලනේ එනිග්මලාට කැමති අපේ කස්ටිය මේක ඩව්න්ලෝඩ් කොරල බලන්නකෝ. . . ටොරන්ට් වලින් තමා තියෙන්නේ ඈ. . . ඒ කිව්වට ඩව්න්ලෝඩ් ස්පීඩ් එකනම් අඩුවක් එහෙම වෙන්නේ නෑ හොදේ. . . . . මොකද බුවත් දැක්ක ගමන් පැනලා ඩව්න්ලොඩ් කොර ගත්තනේ. . . .
 .
අහ් තව එකක් කොල්ලනේ සංගීත රසවින්දනය කියන්නේ කෙනෙක්ගෙන් කෙනෙක්ට වෙනස් වෙන දෙයක්නේ. . . .ඉතින් සමහරක්ට මේක වාතයක් වෙන්න පුලුවන්... තව කස්ටියකට නැගල යන්න පුලුවන්.. බුවානම් කියන්නේ එනිග්මට ආස ඈයෝ විතරක් මේක ඩව්න්ලෝඩ් කොර ගන්න කියලා. . . නැත්නම් අයියෝ සල්ලිනේ. . . . අයියෝ සල්ලි කිව්වේ නිකමට නෙවෙයි ඈ. . මොකද මේ ඇල්බම් ටිකේ සයිස් එක 1.56 GBක්  තියෙනවා ඕන්. . . . සෙල්ලන්ද කොල්ලෝ කියන්නේ නිකමටද ඉතින්. . . . .

අහ්  තව එකක් කොල්ලනේ අපේ විඩියෝ එඩිටින් එහෙම කොරන කොල්ලන්ට එහෙම මේක ෆට්ට අහ්. . . . ෆට්ට මුයුසික් කෑලි එහෙම තියෙනවා ඕන්. . .

එහෙනම් කොල්ලනේ කැමතිනම් විතරක් ඩව්න්ලෝඩ් කොරගෙන බලන්නකෝ. . ෆට්ටනම්,ෆජාතනම් අනිව කමෙන්ට් කොරන්න. . . . කස්ටියට දැන ගන්න ශෙයාර් කොරන්න. . .
ඉතින් කොල්ලනේ අමුතු සංගීතයක මිහිරවිද බලන්න ඈ. . . බුවා යන්න කියලා. . . . . ගියාට ආපහු දවසක ෆට්ට පෝස්ට් එකක් උස්සගෙන බුවාගේ ගැන් එක හොයාගෙන එනවා ඈ. . . .  බුවා එහෙමයි ඕන්. . . . එතකන් කස්ටියටම කස්තිරම් නැති ෆට්ට සතියක් ඈ. . . . .


Size - 1.56 GB

Download Torrent File =====>>>>> Download <<<<<<

Join Buwa on FACEBOOK

4 comments:

Blogger Template by Clairvo