Wednesday, April 24, 2013

වල බහින්න කියාපු තැන අෆ්ෆා KCC - Kandy




බුවාගේ ජීවීතේ ෆට්ට දවස් ගෙවුනේ මෙතනලු ඈ. . . . දන්නවා ඇති නුවර KCC එක. . . අනේ අම්මියෝ ෆට්ට ප්ලේස් එක අෆ්ෆා. . . ඉස්සර බුවාලාගේ සැට් එක ක්ලාස් යද්දී මෙතනමලු ඈ හිටියේ. . . . වෙන කොහේ යන්නද ඉතින් . . මේතන කූල් එකේ අයිස් ක්‍රීම් එකක් කකා අපේ කොල්ලෝ සැට් එකත් එක්ක පොයිය ඇර ඇර ඉන්නනේ තියෙන්නේ. . . . . බුවා ඉතින් ක්ලාස් ගියේ වහිද්දී විතරයි ඕන්. . . ෆට්ට අවුව දවස් වල අපි සැට් එක වල බැස්සේ නොහොත් පන්ති කට් කොරේ මේ එකේ. . . . කාගෙන් කියලා බාධාද. . . . . හැබෑට. . . . . . . එත් ඉතින් වෙලාවකට රතු ටයි දාගත්ත මහත්තයලා වගේ ඉන්න ඩයල් බුවාලට තරව‍ටු කොරනවා. . . . . මොකද බුවාලගේ සැට් එකේ කස්ටියගේ හැසිරීම් හොද නෑනේ. . . . . . . ලස්සන අක්කෙක් නංගියෙක් ගියොත් මුන්ට නිකන් කැහිල්ල වගේ. . . . .

අහ් තව එකක්. . . බුවාලගේ සැට් එකේ ඔක්කෝටම මුහුනු පොතේ ගිනුම් තියෙනවා කියන්නකෝ. . . . ඉතින් මුන් ඔක්කොම පොපයිල් පික් එකට පො‍තෝ කෑලි ගන්නේ මේකේ ඉදන්. .  මොකද එතකොට නිකන් පොශ් ගතියක් එනවනේ. . . අර හාල් පෙනුම නැති වෙලා. . . . . . අනේ අම්මෝ ෆොටෝ ගන්න තියෙන අමාරුවක්. . . . මොකද මේකේ අර රතු ටයි අයියලා ෆොටෝ ගන්න දෙන්නේ නෑනේ. . . . මොකද උන්ට ෆට්ට ඉරිසියාව. . . . . . බුවා උනත් ෆොටෝ ගන්නේ ෆ්ලෑශර් එහෙම ඕෆ් කොරලා. . . . .

ඉතින් අපේ එවුන් අර උඩට යන පඩි පෙලේ එල්ලී. . . . පල්ලෙහාට එන අඩි පෙලේ වැඩ දාලා ෆෝටෝ ගන්නව කියන්නකෝ. . . . ඒවා ඉතින් මුහුනු පොතේ ෆටාර් ගාලා ජනප්‍රිය වෙන්නේ නලු බට්ටන්ගේ ෆැන් පේජ් වගේ ඕන්. . . ඒකනේ කොල්ලෝ ගොඩක් කැමති මෙතන්ට. . . . බු හා හා. . . .

තව ඉතින් කිව්වොත් මුලු නුවරම ඉන්න ලස්සනම් කෑලී නොහොත් ලස්සනම කෙල්ලෝ බලාගන්න මෙතන්ට වඩා තවත් තැනක් නෑ ඕන්. . . . .අනේ අම්මෝ එකක් යද්දි තව එකක්. . .  බුවාට පිස්සු හැදෙන් නැති එක විතරයි. . . . ඒතරමට ලස්සන කෙල්ලෝ ගොඩයි. . . .

බුවා කිව්වනේ බුවාලා මෙතන්ට යන්නේ බුවාලගේ ක්ලාස් වේලාවල් වල කියලා. . . ඉතින් මෙතනට ගිය අයට කොරන්න ඕන තරම වැඩ ඕන්. . . . කස්ටියකට අර පඩි පෙල් දිගේ උඩට යනට පල්ලෙහාට බහින්ට පුලුවන්. . . තව කස්ටියකට ඔඩෙල් එකට එහෙම ගිහින් ඇදුම් ‍තෝරන්ට පුලුවන්. . . අම්මෝ බුවාලා තරම් ඔඩෙල් එකෙන් මාල වලලු හොරකම් කොරන්ට නැතුව ඇති වෙන කොහෙන් වත්. . . ඒතරමට හොරුන්ට කියාපු තැන. . . . ඒකනේ සන්සලා අක්කා පවා මාට්ටූ උනේ. . . . ඒ කිව්වට අපේ කොල්ලෝ එහෙම හොරකමේ යනවා එහෙම නෙවෙයි ඈ. . . . . .බුවාලා වගේ. . . . අම්මෝ ෆුඩ් සිටී, තව කොච්චර ඒවා තියෙනවද අෆ්ෆා මේකේ කරක් ගහන්න නම්. . . . .

ඉතින් කොල්ලනේ. . . . . . . නුවර අය මේ ගැන එක සිතින් ආඩම්බර වෙන්න ඕනේ ඈ. . . පෞරානික නගරයකට මේ වගේ නවීන පන්නයේ සාප්පු සංකීර්නයක් ලැබීම පිලබද. . . . .

ඉතින් ඔබත් මහනුවර අවටද. . .  එසේනම් ගොඩවී බලන්න ෆට්ට ඈ. . . . . . මේකට ගොඩ වුනේ නැත්නම් ඔබ නුවර නෙවෙයි ඈ. . . . . .

                                                <<<<(බුවා බුකියට දාපු ස්ටේ‍ටුවකි)>>>>

1 comment:

Blogger Template by Clairvo