Sunday, June 16, 2013

තමන් කැමති ෆට්ට සයිට්. . ෆට්ටේ වගේ උස්සමු. . - HTTrack Website Copier

කොල්ලනේ කෙල්ලනේ. . . ඔබේ හිතාදර බුවා ඕන් අදත් බ්ලොගය පැත්තේ ගෑ‍ටුවා කියන්නකෝ. . .මොකද සතියකට සැරයක්වත් පෝස්‍ටුවක් දැම්මේ නැති උනොත් බ්ලොගයේ මකුලු දැලක් දෙකක් බැදෙන්ට පුලුවන්. . ඉතින් ඒ හින්දාම බුවා අදත් බුවාගේ බ්ලොග් එකේ ගැන්සිය හොයාගෙන ආවේ නිකන් එහෙම නෙවෙයි ඇ. . .හැමදාම වාගේ අදත් ෆට්ට පෝස්‍ටුවක් අරන් කියන්නකෝ එකෙන්ම. . . . .

ඉතින් වැඩි ෆොයිය ඕනේ නැනේ. . බුවා අද දෙන්න හිතුවා ෆට්ට සොෆ්ට්වෙයා කැල්ලක් ඇ. . .මේක අපේ කස්ටියට ෆට්ටම වැදගත්වෙන සොෆ්ට් කෑල්ලක් කියන්නකෝ . මොකද බුවා මොකක් හරි දෙනවනම් දෙන්නේ උබලට වැදගත් වෙන දෙයක් මිසක් බුවාට වැදගත් වෙන දෙයක් නෙවෙයිනේ. . . . ඉතින් අපේ සයිබර් අවකාශේ රස්තියාදු ගහන කොල්ලෝ කෙල්ලන්ට මේක ෆට්ට වැදගත්වෙන එකක්. . . .

ඉතින් මොකක්ද මේ???? මේක පොඩිම පොඩි සොෆ්ට් කැල්ලක් උනාට රජ වැඩ්ඩෙක් ඕන්. .  මේකෙන් පුලුවන් අපිට කැමති වෙබ් සයිට් එකක් ගෙඩි පිටින්ම ගල් කොරන්න. . .ගල් කොරන්න කිව්වේ හොරකම් කොරන එකනේ. . . ඒ කියන්නේ අපි කැමති සයිට් එකක් මුලුමනින්ම සේව් කොර ගන්න. . ඇ. . . . ඉතින් කස්ටිය බලයි අයියෝ රයිට් ක්ලික් කොරලා සේව් කොර ගන්න පුලුවන්නේ කියලා. . .කොරයි කොරයි. . . . .එහෙම උනොත් සේව් වෙන්නේ ඒ පේජ් එක විතරයි කියලා අපේ දන්න වැඩ්ඩෝ දන්නවනේ. . .එහෙම එකක සයිට් එකේ ලින්ක් වැඩ කොරන් නැ. .  අනික ලින්ක් වැඩ කොරන්න නෙට් තියෙන්නම ඕන. . නෙට් තියනවනම් සේව් කොරගන්නේ අහවල් වැඩකටද. . .නැද්ද??

ඉතින් මේ සොෆ්ට්වෙයාර් එකෙන් පුලුවන් තමන් කැමති වෙබ් සයිට් එකක් හෝ බ්ලොග් සයිට් එකක් ගෙඩි පිටින් සේව් කොර ගන්න ඇ. . . ඒ විතරක් නෙවෙයි ඉන්ටනෙට් නැතිව ඒ සයිට් එකේ ඕනම ටැබ් එකක් ලින්ක් එකක් වැඩ. .හරියට ඉන්ටනෙට් එකේ අපි සයිට් එකට ගියාවගේ. .  ෆට්ටේ වගේ. . . . ඉතින් මේ වැඩෙන් අපිට ඕන සයිට් එකක් කම්පියුටරේ ෆෝල්ඩර් එකකට සේව් කොරගන්න පුලුවන් ෆට්ටේ වගේ. . .ඉතින් නිතර යන සයිට් එකක් සේව් කොර ගැනීමෙන් ඉන්ටනෙට් නැතිවෙලාවක පවා ඩේටා වැයවීමකින් තොරව පාවීච්චි කොර හැකීනේ. . අන්න ඒකයි ඇ මේකේ තියෙන ෆට්ට වැඩේ. . . . 


ඉතින් අපි ඉස්සෙල්ලාම වැඩේට බහිමුකෝ ඇ. . . ඊට කලින් මේ සොෆ්ට් කෑල්ල බා ගන්ට එපැයි. . .නැද්ද? ඉතින් මේ පල්ලෙහා ලින්ක් එකෙන් උබලාට ගැලපෙන වර්ශන් එක ‍තෝරාගනිලාකෝ. . .ඈ. . .

                                                        
                                                 <<<- - - Download Now - - - >>>

ඉතින් සයිස් එක දැක්කාම ඇඩෙනවා නේ. .ඉතින් ඕක ඉන්ස්ටෝල් කොරගනිලාකෝ ඊට පස්සේ ඕපන් කොරගමු. . . . දැන් බහිමු වැඩේට.. .  පොඩි වැඩක් ඕන් තියෙන්නේ. .කෝකටත් කියලා බුවා කියලා දෙන්නම්. .  නැත්නම් අන්තිමේදි බුවානේ නරක මිනිහා. . .බු හා හා. . .


මේකේ කියලා දෙන්න දෙයක් නැ කොල්ලනේ. . බලපු ගමන් තේරෙනවා. . . ඒත් ඉතින් වැඩි හොදට බුවා සයිට් එකක් සේව් කොර ගන්න විදිහ සරල පියවර ඔස්සේ කියලා දෙන්නම්කෝ ඇ. . . .

(1) ඉස්සෙල්ලාම ඩවුන්ලෝඩ් කොර ගත්ත සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කොරගෙන ඕපන් කොරගනිල්ලාකෝ. . එතකොට මෙන්න මෙහෙමලු ඇ. .දැන් ඒක Next කොරමු. . . 



(2) දැන් New Project name කියන එකටයි Project category කියන එකටයි නම් දෙකක් දීලා Base path කියන එකට මේ සයිට් එක සේව් කොර ගන්නා තැන ‍තෝරහල්ලාකෝ. . .ඊට පස්සේ Next. . 


(3) දැන් මේ Action කියලා තියෙන එක ඉස්සරහ තියෙන පැදුර දිග ඇරලා ඒකේ කියන Download all sites in pages එක තොරහල්ලාකෝ ඩබල් එකේ. . . ඊට පස්සේ Add URL කියන බට්න් එක ක්ලික් කොරලා උබලාට කැමති සයිට් එකක් දීහල්ලා ඇ. . බුවානම් දුන්නා ඕන් බුවාගේ බ්ලොග් එක එකෙන්ම ඇ. . .ඊට පස්සේ Next කොරමු. . . .


(4) ඊට පස්සේ මෙන්න මේ Disconnect when finished කියන එකට ටික් එක නොහොත් හරියක් කොටා Next කොරමුකෝ ඩබල් එකේ. . . 



(5) ඔන්න ඉතින් දැන් කොල්ලනේ උබලා ‍තෝරපු සයිට් එක ෆට්ටේ වගේ සේව් වෙනවා කියන්නකෝ. .ඉතින් මෙතන සේව් වෙන්න යන වෙලාව සයිට් එකේ ප්‍රමානය අනුව වෙනස් වෙනවා ඇ. . මොකද ලින්ක් හිටන් සේව් කොරගන්න එපැයි. . . ඉතින් පැත්තකින් ඩවුන්ලෝඩ් වෙන ප්‍රමානෙත් පෙන්නනවා ඇ. . .




(6) ඉතින් කොල්ලනේ ටික වෙලාවකින් සෙව් වෙලා ඉවරයිලු ඇ. . . ඊට පස්සේ අර උබලා කලින් ‍තෝරපු ෆෝල්ඩරේට ගොස් එකේ තියෙන Index.html කියන ෆයිල් එක ඕපන් කොර ගනිල්ලාකෝ.. . 




(7) දැන් ඉතින් ඔය රවුටර්. .  ඩොන්ගල් එහෙම ගලවලා පොලොවේ ගහපල්ලා. . . .දැන් ඉතින් උබලාගේ සෙව් කොර ගත්ත සයිට් එක නෙට් එක තියෙනවා වගේ ලෝඩ් වෙනවා ඇතිනේ. . නේ. . .  කොහොමද සොෆ්ට්වෙයා කෑල්ලේ වැඩ. . දැන් සයිට් එකේ තියෙන ටැබ් , පේජ් වලට ගිහින් බලහල්ලාකෝ. . . කොහොමද නෙට් එකේ යනවා වගේ නේ. . . .

                                     
                                    මෙන්න බුවාගේ බ්ලොග් එක ලෝඩ් උනේ මෙහෙමලු ඇ. . . .



ඉතින් කොල්ලනේ ඔච්චරයි වැඩේ ඇ. . මේ ආකාරයට කැමති සයිට් එකක් සේව් කොරගෙන බලහල්ලාකෝ. . . ඈ. . .උබලාට ඕනවෙයිනේ. . . ඉතින් මේවගේ සයිට් සේවු කොර ගන්න එක එක සොෆ්ට්වෙයාර්ස් තිබ්බාට මේක තරම් ඒ එකක්වත් පහර නැ ඕන්. . මේක ෆට්ට ලේසි කියලා පේන්ට ඇතිනේ. .අන්න ඒ හින්දාමයි බුවා මේක දෙන්න හිතුවේ ඇ. . .

අහ් මතකතියා ගනිල්ලා. . . මේකෙන් සේව් කොරන සයිට් එකක් නෙට් නැති ඕන කම්පියුටරයකට කොපි කොරලා අරන් පලයන්ලා ඇ.. . ෆට්ටේ වගේ වැඩ. ඒ කම්පියුටරේට සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කොරන්න ඕනෙත් නෑ ඈ. . . හරියට ඒකට නෙට් තියෙනවා කියලා මොකෙක් හරි අන්දවන්ටත් පුලුවන් . . . . එහෙමයි ඕන් වෙන්නේ. . ෆට්ට සට ෆට. . .

ඉතින් ඉතින් ඕන් අදත් පෝස්‍ටුවේ අවසානෙට කිට්‍ටු උනා කියන්නකෝ කොහොම හරි. . .ඉතින් කොල්ලනේ කෙල්ලනේ මේ පෝස්‍ටුව ජුන්ඩක් හරි වැදගත් උනානම් බුවාට කියහල්ලා ඇ. . .අනිවා ෆට්ටනම් හෝ ෆජාත නම් කමෙන්ට් කොරහල්ලා ඇ. . . ඒ වගේම බුවාගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙක් උනොත් මේවගේ පෝස්ට් ගැන ඉක්මනට දැන ගන්න පුලුවන් ඇ ලොවෙත්. .

එසේනම් බුවාගේ හිතවතුනි. . . බුවා යන්න කියලා ඇ. . .තවත් ෆට්ට සට ෆට පොස්‍ටුවක් හමුවෙනකන් උබලාට ෆට්ට සට ෆට සතියක් ඇ. . . .උම්ම්මා. . ජය ශ්‍රී. .!!!!

6 comments:

Blogger Template by Clairvo