Thursday, June 6, 2013

"කිත්තා අයියාගේ කූඩූව වගේ" (ෆට්ට සත්‍ය සිතුවීමකි)


(මෙය සත්‍ය සිදූවීමක් වෙන බැවින් කතාවේ යම් යම් තැන් නිර්මානයට උචිත ලෙස බුවා මහතා විසින් විකෘති කොර ඇත) ----- ඇයි අප්සට්ද?


බු හා හා. . .  කොල්ලනේ. . කොහොමැයි ඉතින් . . ඕන් ඉතින් බුවා අදත් බ්ලොග් එකක් ලියන්න හිතුවා. . . ඉතින් ඉතින් කස්ටිය වෙසක් එහෙම ජයටම සමරන්ට ඇති නේ. . .ජයටම කිව්වේ දන්සල් එහෙම ඇ. . .ඒවා ඉතින් මගේ අම්මලාට වරදින් නැනේ නේ, , , ඉතින් වෙසක් අසිරියේ උණුසුම මැකෙන්ටත් කලින් බුවා බ්ලොග් එකට පෝස්‍ටුවක්  අරන් ආවා කියන්නකෝ. . . .

ගොඩක් කාලෙකින් බුවාට රස කතාවක් දාන්නත් බැරි උනා . . ඉතින් රස කතා වලට ආස ඈයොත් බුවාගේ සැට් එකේ ඉන්න හින්දා ඕන් බුවා අද ගෙනාවේ පොඩි රස කතාවක්. . . මේක ඉතින් උබලාට රස කතාවක් නොවෙන්ටත් පුලුවන් ඇ. .ඒ උනාට බ්ලොග් එකේ මේක දාන්න වෙන තැන් නැති හින්දා ඕන් රස කතාවලටම එබුවා කියන්නකෝ. . .

කොහොමින් කොහොම හරි බුවා මේ පෝස්ට් එක දාන්න හිතුවේ මේ වෙසක් මාසේ හින්දා. . . මොකද මේ පෝස්ට් එක බුවාලගේ ගමේ පොරකට මීට වසර ගනනාවකට පෙර සිදුවුන ඉතා අවාසනාවන්ත සිදූවීමක් කියන්නකෝ. . ඉතින් කොල්ලනේ කිවුවත් වගේ මේක සත්‍ය කතාවක්. . .බුවා ගාව බොරු නැනේ. .

එහෙනම් ඕන් මෙහෙමයි කතාව ඇ. . .

ඔන්න මීට වසර ගනනාවකට පෙර වෙසක් කාලේ උදා වුනා කියන්නකෝ. . . ඒත් මේ වාගේ තමා නොවැ. . . මුලු පරිසරයම අමුතුම ප්‍රබෝධයක්. . . කොටින්ම කියනවනම් ෆට්ට සට ෆට කාලයක්. . ඔන්න ඉතින් ඒ කාලේ බුවා දැන් වගේ ඉලන්දාරියෙක් එහෙම නෙවෙයි ඇ. . . ඒ කාලේ බච්චා කොල්ලා. . .දොඩම් ගෙඩි දෙකකටත් වඩා පොඩ්ඩයි උස. . ඉතින් ඒ කාලෙත් වෙසක් ලන්වෙනවා කියනකොට හැමෝම රෙඩිමේඩ් පුද්ගලයෝ වෙනවනේ. . .මොකද වෙසක් කූඩූ හදන්නයි. .දන්සල් ගහන්නයි කියාලා කීයක් කියලා වැඩද හැබෑට. . . .ඉතින් ඒ කාලේ පොඩියට හිටිය බුවත් ඕන් වෙසක් එකේ බර කරට ගන්න රෙඩී උනා කියන්නකෝ. . .


ඉතින් බුවා විතරක්යැයි. .  බුවාලගේ ගමේ පොඩි එකාගේ ඉදන් මහප්පා වෙනකන් ඔක්කෝම වෙසක් එකට මොකක් හෝ වැඩක්. . . ඉතින් බුවාලගේ ගමේ කොල්ලොත් ජයටම වැඩ කරේ තියන්. . ඉතින් මේ කොල්ලන් අතරේ වෙසක් එකට ජයටම වැඩ කොරන පොරක් තමා කිත්තා අයියා කියන්නේ. .පොර ඇවිත් ගමේ ඕන පොදු වැඩකට බැහල වැඩ කොරන පොරක්. . . ඉතින් හැමදාම කිත්තා අයියා වෙසක් එකට ගහන කූඩූව ලොවෙත් නැ. .ඒ තරමට ෆට්ට. . . ගමේ මොන කොල්ලෙක්ටවත් බැ මේ කිත්තා අයියා වගේ කූඩූ ගහන්න . . . මොකද පොර ඒ තරමට රුසියා මේ වැඩේට. . .

කොහොමින් කොහොම හරි කිත්තා අයියාත් ඒ කාලේ කූඩූවට බැහලා වැඩ කියලා බුවා මලයාට ආරන්චී උනා කියන්නකෝ. . .බුවා දකින විදිහටනම් කිත්තා අයියා කියන්නේ අමුම අමු කපටියෙක්.. . මොකද පොර හැමදාම කූඩූ හදන්නේ අනිත් එවුන් හදනකන් ඉදලා. . මොකද එතකොට පොර දන්නවනේ අනිත් එවුන්ගේ කූඩූ කොයවගේද කියලා. . . ඊට පස්සේ අන්තිමේට පොර හදනවා මේ කාගෙවත් නැති තරම් ෆට්ට කූඩූවක්. . . ඔන්න ඕකයි කිත්තා අයියාගේ වැඩේ. . .

ඉතින් මේ බුවා කියන කාලෙත් කිත්තා අයියා ඔක්කෝටෝම පහුවෙලා කූඩූවක් හදනවා කියලා බුවා දැනගෙන හිටියා. . . ඉතින් බුවා බුවාගේ අර අහින්සක අටපට්ටමත් පැත්තක තියලා කිත්තා අයියලාගේ ගෙවල් පැත්තට පොඩි විසිට් එකක් දාන්න හිතුවා. . . කොහොමත් කිත්තා අයියා කූඩූව හදන වෙලාවේ පොරගේ ගෙදරට යනවාට කැමති නැ. .මොකද අපි ඒ කූඩූවෙන් මොනවා හරි අහුලගයි කියලා. . . . බු හා හා ඉතින් බුවා තව එකෙක් සැට් කොරගෙන කිත්තා අයියලාගේ ගෙදරට සැපැත්වුනා කියන්නකෝ. . . මගේ අම්මේ කිත්තා අයියා ගෙදර සාලේ කනපිට හරවලා. . .සාලේ තිබුන පු‍ටු කාමර වල. . . කාමරවල් වල තිබුනු ඇදවල් සාලේ. . .සාලේ නිකන් පුදුකුඩුඉරිප්පු වාගේ. . . හැමතනම සවු කොල. . .උන බට. . . පාප්ප නූල් රබර් බැන්ඩ් හැමතැනම. . . ඒ කියන්නේ කිත්තා අයියා ජයටම කූඩූම පටන්ගෙන කියන්නකෝ. . .


ඉතින් බොලේ කිත්තා අයියා හදන්නේ පතම පත තරුවක්. . .මේක නිකන් තරුවක් එහෙම නෙවෙයි ඇ ෆට්ටම තරුවක්. . වැඩ කෝටියයි. . කැටයම් කෝටියයි. . .  සුපිරියටම තියෙනවා ඕන්. . . ඒත් ඉතින් මොකාක් හෝ අවුලක් තියෙනවා කියලා බුවාට දැනෙනවා.  . . . ඒත් මොකක්ද කියලා බුවාට ඒ වෙලාවේ තේරුන් නැ. . . . ඒවා ඔක්කෝම අමතක වෙලා ගියා කිත්තා අයියාගේ දර්ශනීය කූඩූව දැකලා. . . . . ඉතින් කිත්තා අයියා කූඩූව හදද්දී ෆට්ට ෆොර ටෝක් දෙනවා. .

"ඇ මල්ලී. .  කොහොමද අයියාගේ කූඩූව මේ පාර. . ලොවෙත් නැ නේ. .", "මේ කියහල්ලා බලන්න මේවගේ එකක් උබලා මේ ලග පාතක දැක්කාද කියලා. . .යකෝ මේක තමා මේ පැත්තටම තියෙන ඔන්ලි වන් කූඩූව ඇ. . . ." අඩෝ බලහල්ලාකෝ මන් මේකට දාන ලයිට් ටික. . . .ඔටෝමැටික් . .ඇ. . .තව පොඩ්ඩකින් සෙට් කරනවා. ."දන්නවානේ ඉතින් කිත්තා අයියා හැදුවොත් කූඩූ. . කාටවත් බැ හැප්පෙන්න. . මේ පාර හිතාන ඉන්නේ මේක සමෘර්ධි බැන්කුවේ තරගෙටත් තියලා පලවෙනි තැන ගන්න. . කොහොමද එතකොට . . . .මල්ලී. . .කොල කොල . . .කොල. . . .එහෙනම් මේ වෙසක් එකේ මේ පැත්තේ සුපිරිතම මෙහේ ඇ. . . වරෙල්ලාකෝ සෙට් වෙමු. . . .

මගේ අම්මියෝ මේකාගේ පොර ටෝක්. . බුවා තියා කවුරුවත් කාගෙවත් පොර ටෝක් අහන්න කැමති නැනේ. . . ඉතින් බුවායි අර පොරයි මූගේ පොර ටෝක් ගොනාලා වගේ අහගෙන ඉදලා ශේප් එකේ මාරු උනා. . . ඒ එන ගමන් බුවා එක්ක ගිය අනිත් පොර බුවත් එක්ක පොඩි කතාවක්. . .

"ඇ බන් උබට තේරුන් නැද්ද කූඩූවේ මොකක් හරි අවුලක් තියෙනවා" අරු අහපි
"සිරාවටම බන් . . . මටත් ඒ වෙලාවේ හිතුනා. . අරකට කියන්නත් බැනේ. . පොර ටෝක්නේ ඩයල් එකේ. . . ."
"ඔව් බන් වෙසක් එකටම ඇවිත් බලමුකෝ. . . හැබැයි ඉතින් මේ පාරත් ඕකා වැඩේ කිරි ගහට ඇන්නා වගේ දීලා තියෙයි. . "

ඔන්න ඔහොම කියා ගත්තු බුවාලා නිවෙස් වලට ඇවිත් තම තමන්ගේ පොඩි කූඩූ ටිකේ වැඩ කොරා කියන්නකෝ. . . . . . .

කාලය ගෙවී ගියා. . . . . . . .. . .  අසිරිමත් වෙසක් දවස උදාවුනා. . . . . . . . . . .

බුවා බුවාගේ අටපට්ටම එහෙම එල්ලලා ගෙදර වටේට බල්බ් වැල් එහෙම දාලා පොඩ්ඩක් නන්ගලා ගත්තා. . .කොහෙද බුවාලට ඉතින් කිත්තා අයියාලාට වගේ ෆට්ට කූඩූ හදන්න බැනේ. . .බුවාට පුලුවන් විදිහට කූඩූව හදුවා කියන්නකෝ. . . . . .


ඉතින් ඉතින් එදා දවස දන්සල් එහෙම වන්දනා කොරගෙන බුවාලා ගෙදර ආපි. .ඒ එන පාර වැටිලා තියෙන්නෙත් කිත්තලාගේ ගෙවල් පැත්තෙන් නේ. . . ඉතින් බුවාලා යන ගමන් ගෙදරට ඩයල් එකක් දාගෙන ගියා. . .ඒත් තවම කූඩූව නැ. . . බුවාලා හිතුවේ මූ ‍රැටම වැඩේ දෙන්න යනවා කියලා. . . මොකද ඒ පැත්තේ හවස දන්සලකුත් තියෙනවා. . . ඒ යන මිනිසුන්ටත් පේන්න මූ ගානට වැඩේ දෙයි. . . . . ..

ඉතින් වෙසක් රෑ උදාවුනා කියන්නකෝ. . . . . . .

බුවාලගේ ගෙදරත් ෆට්ට ලස්සනයි ඉතින්.. කොහෙත් එහෙමනේ. . . . ඉතින් ‍රැ වෙලා බුවාලගේ ගෙදර අර කලින් ආපු ඩයල් එකත් ආවා. .ඉතින් ඌත් එක්ක බුවා සැට් වෙලා දන්සලටත් යන ගමන් කිත්තා අයියලාගේ ගෙදරත් ගොඩ වෙන්න කියලා බුවාලා එලියට බැස්සා කියහල්ලාකෝ. . . . .

"අඩේ බන් අරූගේ කූඩූව බලන්න සෙනගත් ඇතිනේ. . ' අරු අහපි
'ඔව් බන් හැමදාම එහෙමනේ. . . ඕකා දුන්නොත් හොල්මන් වෙන්න දෙනවා. . . යමන්කෝ ඉක්මන්  කොරලා. . " බුවා කියපි

ම්ම් ටිකෙන් ටිකේ. . .සතෙන් සතේ. . කිත්තලාගේ ගෙදරට සේන්දු උනා කියන්නකො . . . . .අඩේ. . . . . . කිසිම හැලහොල්මනක් නැ. . . . . . නිකන් පාලු සොහොන් පිට්ටනියක් වගේ. . . . . බුවාගේ ජීවිතේ කවදාවාත් වෙසක් දවසට කිත්තා අයියලාගේ ගෙදර මෙහෙම පාලුවට ගිහින් නැ. . . . . .

'ඇ බොලේ මොකක්ද මේ වෙලා තියෙන්නේ. .  කිත්තලාගේ ගෙදර කරන්ට්වත් කපලද?' බුවාලා හොල්මන් වුනා කියන්නකෝ. . . . . මෙලෝ කූඩුවක් නැ. . . . කැටයමක් නැ. . . වැඩ කැල්ලක් නැ. . .කොටින්ම කියනවනම් හලාල් නිවසක් වගේ. . . . . සද්දයක් නැ. . . . ..

බුවාලට මේක විශ්වස කොරන්ට බැරි තරම්. . . කිත්තාගේ පොර ටෝක් හැටියට මෙලහටත් කූඩූව තියෙන්න ඕන . . . .

එතකොටම අරු. . "අඩේ අඩේ අර බලහන්. . . අරුගේ ගේ ඇතුලේ පට්ට එලියයිනේ. . . .යමන්කෝ ගෙට. . . .තවම හදනවද දන්නැ. . . " කියාගෙන කැගහපි. .
සිරවටම ගෙදර ජනෙල් හෝයි ගාලා ඇරලා. . . . ජනෙල් කවුලු වලින් ෆට්ට එලියක් කිත්තලාගේ මිදුලට වැටිලා. . . .. ඉතින් මේක පිටසක්වල කුමන්ත්‍රනයක්ද කියලා සැක හිතුන බුවාලා කිත්තලාගේ ගෙට ගොඩ වෙන ලදී. . . . . . .

අහෝ. . ... . ඉරකි දුකකි. . සැපකි ගලකි. කිව්වාලු. . . . .

ගෙයි සාලයේ කොනක පු‍ටුවක කිත්තා අයියා ඇබුල් වූ රතූ වූ මුහුනකින් අපි දෙස ආයාචනාත්මක බැල්ලක් හෙලා ගෙන සිටිනු දු‍ටුවෙමු. . . අහෝ අර ෆට්ට කූඩූව නිම කර අවසන් බව අපිට එය දු‍ටු ගමන් සිතුනි. . . . සිරාවටම ෆට්ට සට ෆට කූඩූවක්. . . . කැටයම් වැඩ කැලී කෝටීගනන්. . . . .. එය සාලේම වසාගෙන ඇති බවක් අපට පෙනුනී. . . හරියට හස්තිරාජයෙක් නිදන කාමරේ දාලා වගේ. . බුවාලා මෙහෙන් යන්ට කලින්ටත් වඩා කූඩූවට කැලී ඇඩ් වෙලා කියලා බුවාගේ ෆ්‍රෙඩා කොදුරා බුවාට කියපි. . . . . සිරාවටම මේ පතරන්ග කූඩූව එලියෙන් තිබ්බනම් මූට ගමේ මිනිස්සු සල්ලි ඉහල යයි. . .ඒ තරමට ෆට්ට

"අඩේ කිත්තා අයියා ඇයි මේ අප්සට් මූඩ්. . . . මේක උස්සන්න බැරිවද ඔය ඉන්නේ. . .වරෙන් අල්ලමු අපි දෙන්නත් ඉන්නවනේ. . " බුවා නිහැඩියාවට ගලක් ගැසුවා මෙන් කියපි. . . .

"අඩෝ පලයවුකෝ මට වද නොදී. . ." කිත්තා කේන්තියෙන් ගොරවන ලදී. . .

"ඇයි බන් මොකක්ද අවුල. . . යකෝ දැන්ම මේක සෙට් කොරමු. .නැත්නම් එලිවෙයි. . . ."

"අනේ සෙට් කොරන්ට උබලා කියනකන්  ඉන්නට ඕනේද මයිනෝ. . . . බැරි හින්දනේ මාත්මේ ඉන්නේ. . . . . කිත්තා ගේමට කෝල් කොරන ලදී. . .

ඇ බොලේ මොකක්ද මූට වෙලා තියෙන්නේ. . . .බුවා කල්පනා කොරන ලදී. . .ඔව් කල්පනා කොරන ලදී. . . . . .

බුවාට වඩා මොලේ තියන බුවාගේ ෆ්‍රෙඩා එක පාරටම. ."අෆේ අෆ්ෆෝ. . . . .කිත්තා අයියා ෆුල් හින්දුස්තාන් නේ. . . . අඩේ ඇයි බන් මෙච්චර ලොකුවට හැදුවේ. . යකෝ දැන් මේක දොරෙන් එලියට ගන්න බැනේ බන්. . . ."

"මොකක්????????? " බුවාගේ පෙනහලු පිටට ඇලී ගර්තවල තිබූ වාතය වකුගඩු දක්වා ගමන් කොර මහාඅන්ත්‍රයට ඇතුලවී අහවල් තැනින් පිටවෙනකන් බුවාට නොදැනුනි. . . . .

සිරවටම අරු කියපු කතාව සත්‍යකි. . .. නොහොත් ෆට්ට ඇත්තකි. . . . . .බුවා ගෙයි දොරට ඩයල් එකක් දමා කිත්තාගේ කූඩූවටද ඩයල් එකක් දමන ලදී. . . අහෝ අර කූඩූව බෙරි වූ මුහුනකින් ඇඩු කදුලෙන් බුවා දෙස නෙත් නොහෙලා බලාසිටියි. . . . .

ඇත්තටම මේ කූඩූව එලියට ගන්න බැරිය. . . ගන්න පුලුවන්ය. . .එසේනම් දොර ගරාජ් එකක් මෙන් පලල් කල යුතුය.. . . මෙය ගෙදරින් එලියට ගැනීමට ගෙදර සියලුම කවුලු ප්‍රමානවත් නැත. . . කිත්තාට දොරද? කූඩූවද? තොරා ගැනීමට සිදුවී ඇත. . . . නිසැකයෙන්ම ඔහු දොර තොරාගෙන ඇත. . . කිත්තා අයියා කිසිම දෙයක් දොඩන්නේ නැත. . ඔහු ඔහුටම ශාප කොරගන්නවා කියා බුවාට සිතුනි. . . .ඉස්සරවෙලා බුවාලා කිත්තලාගේ ගෙදරට එද්දී දැනුන අප්සට් එක මේක කියා බුවාට දැන් සිතුනි. . . එහෙත් එය අදුර ගන්න නොහැකිවීම කිත්තා අයියාගේ කරුමයකි. . . .


කොහොමින් කොහොමින් හරි බුවාලා කිත්තලාගේ ගෙදරින් සමු ගත්තේ දැඩි සිත්වේදනාවෙන්ය. . . .කාට උනත් වැරදීම් සිදුවිය හැක. . .එය නැවත සැරයක් නොවීමට කවුරුත් වගබලා ගතයුතුය. . .ඉතින් කොල්ලනේ එදා වෙසක් දවස කිත්තාට විතරක් නොව බුවාලටද ෆට්ට අප්සට් වුන දවසක් උනා. . .එයින් කවුරුත් ඉගෙන ගත්ත පාඩම් බොහොමයක් උනා. . . .. .
ඕනාවට වඩා පුරාජේරු, අනෙකා පරයා නැගී සිටීමට දරන ක්‍රියාමාර්ග,තරග කාරීත්වය, ඉරිසීයාව වැනිදැ මේවගේ උතුම් දවසක අත්හලයුතු නොවේද?
කිත්තා අයියාට උනෙත් එයම නේද? අනේකා පරයා නැගී සීටීමට ගොස්  තමාට යන එනමන් නැති වීමය. .දැන් හොට බිම ඇනගෙන සිටින්නේ ඔහුගේම වරදින් නොවේද. ? අන්තිමේට කිත්තාට උනේ කූඩූව සාලේ එල්ලලා ජනෙල් ටික ඇරලා බකන්විලා ඉන්න. . . අයියෝ සැලරි. . .

එසේනම් කොල්ලනේ වෙසක් කියන්නේ බෞදධ අපේ වැදගත්ම දවසක්. . එදාට අපි කලයුත්තේ මෙලෙස තරග කීරීම නොව තමන්ට පුලුපුලුවන් හැටියට පින් අතේ වැඩ කීරිමය. . එසේනම් මේ කතවෙන් ඔබේ ජීවීතයට යමක් එක් කොර ගන්න එයයි බුවාගේ පැතුම. .

ඉතින් කොල්ලනේ කාලෙකින් පස්සේ බ්ලොග් එකටම ලියාපු රස කතාවක් දැම්මා ඇ. . .මෙතෙක් කල් දාලා තිබ්බේ බුවා බුකියට දාපු ඒවානේ. . . අන්තිමෙට රස කෙසේවෙතත් තිත්තනම් වෙන්න ඇති එකෙන්ම . . . . අදත් බුවාලගේ ගමේ කවුරුහරු වැඩකට නැති වැඩක් කොරනවානම් කොල්ලෝ කියන්නේ "කිත්තාගේ වෙසක් කූඩූව වගේ" කියලා. . . බු හා හා. .  . එදා ඉදන් ඕන් කිත්තා අයියා අය මේ විදිහට  නැතිව නෝමල් එකේ ෆට්ට කූඩූ හදනවා. . .ඔන්න පොර ඉගෙන ගත්ත දේ. . මේක අපේ කොල්ලෝ කෙල්ලන්ටත් හොද පාඩම් ඇ. . . .

ඉතින් ඉතින් කොල්ලනේ බුවාගේ මේ කතාව ෆට්ටනම් හෝ ෆජාතනම් අනිවා කමෙන්ට් කොරන්න ඇ. . . . ඒකෙන් බුවාට බ්ලොග් එක හදාගන්න පුලුවන් ෆට්ට විදිහට. . . අහ් උබලා කැමති දෙයක් ඉල්ලපන්ලා ඇ. . . මොකද කැමති දේ තමා බුවා දෙන්නේ. . . නැතිව බුවාට ඕනදේ නෙවෙයි ඇ. . .
එහෙනම් බුවාගේ කතාවෙන් යම්දෙයක් උකහා ගන්න. . . එයින් ජීවිතය සාර්තක කොර ගන්න. .එහෙනම් තවත් ෆට්ට ෆෝස්ට් එකකින් හමුවෙනකන් බුවා කැෆුනා ඇ. . .කස්ටියටම ෆට්ට සට ෆට සතියක් වේවා එකෙන්ම. . . . . . . . . .උම්ම්මා. . . . .



3 comments:

  1. එල කතාවලට කැමතිනම් කියහන් ඇ දැන් කතා අඩුවෙන් දාන්නේ බුවා

    ReplyDelete

Blogger Template by Clairvo