Sunday, June 23, 2013

ඔබේ බුකියේ ගැජට් එකට ලයික් ගන්න මෙන්න ෆට්ට වැඩක්. .1500% ෂුවර් ඈ


පින්බර පොසොන් පොහොයක් වේවා බුවා හිතවතුනී. . . . ඔන්න ඉතින් බුවා මේ පොසොන් පෝය දවසෙම බ්ලොග් එකක් ලියන්න හිතුවා. . . ඉතින් අද ටිකක් කාර්යබහුල දවසක්නේ කස්ටියට නේ. . . කූඩූ තොරන් දන්සල් එහෙම වන්දනා කොරගෙන හවස් වරුවේ බුකිය පැත්තට ආවොත් බුවාගේ මේ බ්ලොග් එක දකින්න වාසනාව තියෙයි ඇ. . . . නැත්නම් බුවාගේ බ්ලොග් ගැන් එකට මෙලහකටත් ඊමේල් ගිහින් ඇති ඕන් එකෙන්ම. . . . . එහෙනම් අදත් බුවා ගෙනවා කස්ටියට ෆට්ට වැදගත්වෙන බ්ලොග් පෝස්‍ටුවක් කියන්නකෝ. . . . එහෙනම් අපි වැඩේට බහිමු. . . . . .

ඉතින් අද හැමදෙනෙක්ම සයිබර් අවකාශේ කරක් ගහන හින්දා බුවා හිතුවා මේ ෆට්ට වැඩේ දෙන්න. .මීට කලින් බුවා මේක කියලා තිබ්බාට අද තමා ඕන් බ්ලොග් එකටත් දාන්නේ ඈ. . . . . .මොකද බ්ලොග් එක තවම් කිරි සප්පයානේ. . .  ඉතින් කොල්ලනේ කෙල්ලනේ කවුරුත් කැමති ඇතිනේ තමන්ගේ සයිබර් අවකාශේ තියෙන එකවුන්ට් ටිකක් ජනප්‍රිය කොර ගන්න. . විශේෂයෙනම් බුකියේ පෝස්ට් , යූටියුබ් එකේ වීඩීයෝස්, ට්විටර් වල ස්ටේටස් එහෙම. . . අන්න ඒවාට ලයික් කමෙන්ට් ෆට සට ගාලා ගන්න මේක ලොවෙත් ෆට්ට ඇ. . . .

මොකක්ද මේ ෆට්ට වැඩේ. . .?

 ගොඩක් අය ඉතින් දන්නවත් ඇති. .ඒත් දන්නේ නැති අයට කියන්නම්කෝ එහෙනම්. . . මේක ඇවිත් වෙබ්සයිට් එකක්. . නම Add Me Fast ආසයිනේ. . .ඉතින් මේකේ එකවුන්ට් එකක් හැදුවාම අපිට පුලුවන් බුකියේ එහෙම පෝස්ට් , පේජ් වලට ෆට්ටේ වගේ ලයික් ගන්න. . . කොටින්ම කිව්වොත් මේ සයිට් එක තමා මේ වැඩේට තියෙන ලේසිම ජනප්‍රියම හා විශ්වාසවන්තම සයිට් එක. . මේකෙන් කිසිම විටෙක ස්පැම් වෛරස් වගේ දේවල් එන්නේ නැ හරි. . . . .

කතාවකුත් තියෙනවනේ ඕනම දෙයක් ලබාගන්න ජුන්ඩක් විතර මහන්සි වෙන්න ඕන කියලා. . ඉතින් මේ සයිට් එකෙන් අපිට ලයික් දෙන්නේ අපේ තියෙන කුම්මැහිකම එහෙම බලලා. . . ඒ කියන්නේ අපිට ලයික් ලැබෙන්නේ අපි කාටහරි ලයික් කොරොත් විතරයි. . . . නිකන් කුනාලට මේකෙන් ලයික් දෙන්නේ නැ. . . කොටින්ම කියනවනම් මේ සයිට් එකෙන් කොරන්නේ අපි කාටහරි ලයික් කොරන සෑම විටකම අපිට පොයින්ට් දෙන එක. .  සෑම ලයික් එකකටම පොයින්ට් මේ සයිට් එකෙන් ඉබේ ලබාදෙනවා ෆට්ටේ වගේ. .ඉතින් අපේ පොයින්ට් වැඩි වෙන තරමට අපිට ලයික් සට ෆට ගාලා වැටෙනවා. . . . තව ටිකක් තේරෙන්න කිව්වොත් උබලා දාන එක ලයික් එකකට උබලට ලයික් එකක් වැටෙනවා. . ආසයි නේ. . . . කිසිම හොර බොරුවක් වටේ යැවිල්ලක් නැ හරිද. . . .

ඉතින් දැන් තේරෙන්න ඇති වැඩේ. . කතා අඩුවෙන් වැඩේට බහිමුකෝ. . . .

(1) එහෙනම් ඉස්සෙල්ලාම බුවා මේ දාලා තියෙන රෙෆරන්ස් ලින්ක් එක ක්ලික් කොරලා සයිට් එකට පලයවුකෝ. .  ==========>>>>>>   Add Me Fast

(2) දැන් Registration ක්ලික් කොරලා අලුතින් එකවුන්ට් එකක් හදහල්ලාකෝ. . මෙන්න මේ වගේ. . . .මේකට වැඩ කොරන ඊමේල් ඒකක් අනිවා දෙන්න ඕන ඇ. .  කො‍ටු ටික පුරවලා Sign Up බට්න් එක ක්ලික් කොරලා වැඩේ අහවර කොර ගනිල්ලාකෝ. . .


(3) දැන් ෆට්ටේ වාගේ උබලාගේ ඊමේල් එකට ලොග් වෙලා Add Me Fastලගේන් ආපු ඊමේල් එකේ ලින්ක් එකෙන් ආපහු Add Me Fast සයිට් එකට වරෙල්ලාකෝ. .  ඔන්න ඕකට තමා වැඩ කොරන ඊමෙල් එකක් ඉල්ලුවේ ඇ. . . දැන් උඩින් බුකියට ලොග් වෙනවා වාගේ ලොග් වෙමු. . . .


(4) දැන් කොරන්න තියෙන්නේ අපිට ලයික්, සබ්ක්‍රයිබ්, ශෙයාර්ස්, ෆලෝව් කොරගන්න ඕන ලින්ක් එක සයිට් එකට දෙන එකයි. . . ඒ සදහා Add Site/Page කියන බට්න් එක ක්ලික් කොරහල්ලාකෝ. . . .

දැන් එන Add / Edit Content වල අපිට ඕන ලබ්බවල් දෙන එක තමා කොරන්න තියෙන්නේ. . . දැක්ක ගමන් පේනවා ඇතිනේ. . 

මෙහි Type යටතේ අපිට කොයවගේ දෙයක්ද ඕනේ කියලා ‍තෝරන්න තමා තියෙන්නේ ඉතින් උබලා කැමති එකක් එතනින් ‍තෝරහල්ලා. . බුවා කොරන්න යන්නේ බුවාගේ බුකියේ පේජ් එකට ලයික් කොර ගන්න. .ඒ හින්දා බුවා කියන එක තේරුවා ඇ. . . ඇයි අප්සට්ද?

ඊට පස්සේ Countries යටතේ Worldwide කියන එකට ටික් එකක් දැමීමේන් මුලු මහත් ලෝකයෙන්ම උබලාට ලයික් ලැබෙයි. . එහෙම කැමති නැත්නම් යටින් ඕන රටකින් විතරක් ලයික් ලැබෙන්ට ‍තෝරා ගන්න පුලුවන් ඇ. . . .

Title කියන එකට කැමති නමක්ද,

Site/page URL කියන එකට උබලාගේ ලින්ක් එකද දෙන්න ඕනේ ඇ. . . ලින්ක් එක කිව්වේ බුකියෙනම් පෝස්ට් එකක් හෝ ස්ටේටස් එකක් හෝ පේජ් එකක්නේ. . ඕන් බුවා දුන්නා බුවාගේ පේජ් එකේ ලින්ක් එක ඇ. . . .

ඊට පස්සේ යට තියෙන Total Clicks, Daily Clicks කියන දෙක ඒ විදිහටම තියලා CPC කියන එකට යමුකෝ. . . 

ඉතින් කොල්ලනේ මේක තමා මේ සයිට් එකේ වැදගත්ම තැන නොහොත් ටර්නින් පොයින්ට් එක කිව්වාලු. . . . මේකෙන් කොරන්නේ උබලාගේ පෝස්ට් එකට ලයික් දාන්න එන උන්ට උබලා පොයින්ට් කීයක් දෙනවාද කියන එකයි. . .උන් උබලාට ලයික් වෙන සෑම විටම උබලාගේ එකතු කොර ගත්ත පොයින්ට් ගානින් මේ ලබාදෙන ගාන කැපෙනවා. . . අන්න ඒකයි වෙන්නේ.  . මුලින් බුවා කිව්වත් වගේ ලොබ කුම්මැහි කමට උබලා මෙතන 5ට අඩුවෙන් වගේ අගයක් දුන්නොත් උබලාට ලයික් අඩු වෙයි. .මොකද කවුරුත් කැමති නැ අඩු ලාබයක් උපයා ගන්න. .  ඒ හින්දා මෙතන 8,9ක් වගේ අගයක් දෙන්න. .එවිට උබලාගේ පෝස්ට් එක දකින ලෝවැසියෝ දෙපාරක් හිතන් නැතිව ලයික් කොරනවා. . . 

ඊට පස්සේ Save Changes කියන බට්න් එක ඔබ වැඩේ අහවර කොරන්න. . . .ඩෝං ගාලා. . . 




(5) දැන් My Sites ක්ලික් කොරලා බලහල්ලාකෝ අපේ සෙට්න්ස් පෙන්නන්නේ කොහොමද කියලා. . . . අපිට මෙතනින් මේක ඕන විදිහට හදාගන්න පුලුවන් ඇ. . . ඕන් නැත්නම් රිමූවු කොරන්නද තාවකාලිකව නවත්වන්ටද පුලුවන් ඇ. . . ඔතන තියෙන Clicks කියන තැනින් පෙන්වනේ උබලාගේ පෝස්ට් එකට මේ සයිට් එක මගින් ලයික් කීයක් වැටිලද කියලයි ඇ. . . .




(6) දැන් බලමු කොහොමද අපි පොයින්ට් ටිකක් හම්බ කොරගන්නේ කියලා . . . මේ සදහා උබලා සම්මාදම් වෙන්න කැමති එකක්තෝර ගනිල්ලාකෝ. . බුවානම් ඕන්තෝර ගත්තා Facebook Likes කියන එක. .  ඒකෙන් කොරන්නේ බුවාලා වගේ ලයික් නැති අසරන පේජ් වලට ලයික් දෙන එක . . ඉතින් උබලා කැමති එකක් තොරගනිල්ලාකෝ. . .


  
(8) දැන් එන්න ඇති නමක් එක්ක පොඩි ගැජට් එකක්. .ඉතින් අනුන්ට පොයින්ට් 9ක් දුන්න එකේ අපිත් පුලුවන් තරම් පොයින්ට් වැඩි පෝස්ට් වලට ලයික් කොරන්න ඕනේ . .කපටිකම් දන්නේ නැතුව මේක කොරන්න බැනේ. . . පොයින්ට් අඩු එකක් ආවොත් යට තියෙන Skip බට්න් එකෙන් ඉස්සරහට පලයන්ලා. . .  ගාන අවුලක් නැත්නම්  එතන තියෙන Like බට්න් එක ඔබහල්ලා. . ඔන්න දැන් පේජ් එක ලෝඩ් වෙනවා. . දැන් කොරන්න තියෙන්නේ ලෝබ නැතිව ලයික් කොරන එකයි. .  ලයික් කොරලා  බ්‍රවුසරේ  එන ටැබ් එක ක්ලෝස් කොරහල්ලා. . . . දැන් බලහල්ලාකෝ පොයිට් ගාන වැඩි උන හැටි. . 





ආවු ආවු කස්ටියගේ මල් හිනාව. .දැන් ඔය වගේ පොයින්ට් වැඩි පෝස්ට් වලට ඕනතරම් ලයික් කොරහල්ලා. . .ඒ සෑම ලයික් එකකටම උබලගේ පෝස්ට් එකට ලයික් වැටෙයි. . ඉතින් ඔය කියන ටිකට බුවාගේ මේ හදපු එකවුන්ට් එකෙත් පොයින්ට් ඉවර වුනා කියන්නකෝ. .  ඒ කියන්නේ බුවාට ලයික් වැටිලා. . . මේක ඒ තරමටම ෆට්ට සයිට් එකක්. . 


ඉතින් කොහොමද වැඩේ බ්ලොග් එක ලියද්දී හදාගත්ත එකවුන්ට් එකේ ඔක්කෝම පොයින් ටික බ්ලොග් එක ලියලා අහවර වෙද්දී ඉවරයි කියන්නකෝ. . .නිකන්ම ඉවර වෙලා නෙවෙයි ලයික් 7කුත් එක්ක. . . ඉතින් බුකියේ විතරක් නෙවෙයි යුටියුබ්, ට්විටර්, වගේ සයිට් වලටත් මේක යොදා ගන්න පුලුවන් ඇ. .  නිවාඩු පාඩුවේ කොරලා බලහල්ලාකෝ. . බුවා බුකිය ‍තෝරාගත්තේ කාගෙත් සිත පිනායන්න කියන්නකෝ. . . .

ඉතින් බුවාට මේක 1000% ක් සාර්තක උනා කියන්නකෝ. . .  ඉතින් බුවාට හරි ගිය එකක් අපේ කොල්ලෝ කෙල්ලන්ට ගේනවා කියලා කස්ටිය දන්නවා ඇතිනේ. . ඔන්න ඒ හින්දමයි බුවා මේ පෝස්ට් එක දෙන්න හිතුවේ. . . . මේක බුකිය කාලා ඉන්න කස්ටියට ඕන් ෆට්ට වැදගත්ලු ඇ. . . . 

ඉතින් මීට කාලෙකට ඉහතදී බුවා දාපු පෝස්ට් එකකට ලයික් වැටිලා තියෙන විදිහ බලන්න ආසයිනේ. . . . ඔය හැම Click එකක්ම ලයික්ලු ඇ. . .


ඉතින් බුවා හිතවතුනි අද පෝස්‍ටුව බුවාගේ ෆට්ට වැඩක්. .ඒක වැදගත් උනා කියලා බුවාට ලාවට හිතෙනවා. . මේක කොරලා බලහන්ලකෝ ඈ. . කිසිම අතුරු ආබාධයක් නැ ඕන්. . .  බුවා උනත් කොරලා බලලනේ දෙන්නේ. . . .

අහ් තව එකක් මේ සයිට් එකට රෙජිස්ටර් වෙලා ඉන්න ගොඩක් කස්ටිය පිටරට උන්. .  ඒ හින්දා උබලාගේ පේජ් එකට , පෝස්ට් එකට ලයික් කොරන්නේ එවුන්. . .  ඒ හින්දා එතන පොඩි කොස්සක් තියෙනවා.  . ඒ උනත් ලයික් ගොඩාරියක් පෙන්නන්න මරු වැඩක් තමා මේක ඇ. . . 

.තව දෙයක් මතක් කොරන්නම් බුවා දීලා තියෙන්නේ රෙෆරන්ස් ලින්ක් එකක්නේ. . ඉතින් උබලාත් කාටහරී මේ ගැන කියනවානම් උබලාගේ රෙෆරන්ස් ලින්ක් එක දියන්ලා ඈ.  එතකොට උබලාට පොයිට් ඉබේ ලැබෙනවා. . . රෙෆරන්ස් ලින්ක් එක උබලාගේ එකවුන්ට් එකෙන්ම ගන්ට පුලුවන් ඇ. . . .

ඉතින් කොල්ලනේ අද බුවාගේ පෝස්ට් එක එච්චරලු ඇ. කොරලා බලලා අවුලක් ආවොත් බුවාට කියහන්ලා. . . බුවා සැනින් එසැනින් එනවා උබලාගේ පිහිටට. . එහෙනම් මේ පෝස්‍ටුව ෆට්ටනම් හෝ ෆජාතනම් අනිවා කමෙන්ට් කොරන්න ඇ. . . . මේ වගේ ෆට්ට පෝස්ට් ගැන දැන ගන්න බුවාගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙක් වෙන්නකෝ ඇ එකෙන්ම. . .  එසේනම් අදට බුවා කැෆුනා  ඇ. . .  තවත් දවසක් මේ වගේ ෆට්ට සට ෆට පෝස්‍ටුවකින් ඔබ හමුවන තුරු ඔබලාට ෆට්ට සට ෆට සතියක් ඈ. . . .ජය ශ්‍රී!!! උම්ම්මා. . . . 

10 comments:

  1. Add Me Fast එකේ මගේ Coins 1500 ක් තියෙනවා. ඒවා Withdraw කරගන්නේ කොහොමද?

    ReplyDelete
  2. Withdraw කොරනවා කියලා අදහස් කොරේ ලයික් ගන්න විදිහද බන්

    ReplyDelete
  3. SL||KILLER>>>>>>>>>>[]October 21, 2013 at 10:04 PM

    Buwa meka 100% wadada

    ReplyDelete
    Replies
    1. 1000% ශුවර් බන් බුවා කොරලා බැලුවා හැබැයි ඉතින් ගොඩක්ම සුද්දොන්ගේ ලයික් තමා

      Delete
  4. To get free points by liking other's Facebook Pages click on the ''join'' button, then the group will be opened with popUp and after join the group CLOSE the popUp yourself. The users who don't close manually the popUp, will not receive points.


    මේම වැටෙනවා බං

    ReplyDelete
    Replies
    1. ලයික් කොරන්න එන පේජ් එක බන් ලයික් කොරලා තත්පර 2ක් 3ක් වගේ ඉදලා ක්ලෝස් කොරහන් එතකොට පොයින්ට් වැටෙනවා

      Delete
  5. Site/Page URL qiyana thanata ma link 1 https://www.facebook.com/photo.php?fbid=498106483619872&set=a.385176508246204.1073741825.100002615731216&type=1&theater add karama Facebook post url that you are trying to add is invalid, is not public or visible only for logged FB users. Or it contains permalink qiyala erro 1 annawa ne

    ReplyDelete

Blogger Template by Clairvo