Wednesday, May 22, 2013

ෆට්ටේ වගේ පෙන් එකෙන් වින්ඩෝස් - Command Prompt වලින් ඈ


ඔන්න ඉතින් බුවා අදත් ආවා කියන්නකෝ පෝස්‍ටුවකුත් කරගහන්. . බුවාගේ බ්ලොග් එක පාලුවට යන්න දෙන්නත් බැනේ . . නැද්ද මන් අහන්නේ. . . ඉතින් අසිරිමත් වෙසක් මංගල්‍යට කලින් බුවා දාන අන්තිම පෝස්‍ටුව මේක කියන්නකෝ. . . මොකද මේ ටිකේ කීයක් කියලා වැඩද බුවාලට. . . බුවාට විතරක් නෙවෙයි බුවාගේ කොල්ලෝ කෙල්ලෝ සැට් එකටත් එහෙමනේ. . . .කූඩූ හදන්නයි, දන්සල් දෙන්නයි, හොල්මන් මන්දිර ගහන්නයි. . . . කීයක් කියලා කොරන්නද ඇත්තටම. . . .

ඉතින් ඉතින් ඔහොම යද්දී පොඩි විවේකයකදී බුවා හිතුවා පොඩි පෝස්‍ටුවක් දාන්න කියන්නකෝ. .  මොකද ඒක බුවාගේ ආතල් එකනේ. . . බුවාට ආතල් එකක් වගේම අපේ කස්ටියටනම් ඒක මාරම වැදගත් වෙනවා කියලා බුවා දන්නවා ඕන් එකෙන්ම. . . ඉතින් ඒ හින්දා බුවා කොහොම හරි හදන්නේ අපේ කස්ටියට මොකක් හරි වැදගත් යමක් දෙන්න. . . .

ඉතින් වැඩිය දොඩන එක මේවගේ තුන්වැනි ලෝකේ රටකට ඔබින් නැනේ හත්තිලවුවේ. . . ඒ ගැන හිතපු බුවා ඕන් වැඩේට බැස්සා කියන්නකෝ ඩොන් ගාලා. . . ඉතින් කොල්ලනේ බුවා අද දෙන එක ගැනනම් කස්ටිය ගොඩක් දන්නවා ඇති. . . ඒත් බුවාගෙනුත් අහගත්තොත් වැඩිවෙන එකක්යැයි. . . බු හා හා. . .  හැමදාම කියනවා වගේ මේ පෝස්‍ටුවත් අපේ දන්නේ නැති කොල්ලෝ කෙල්ලන්ටයි ඇ. . . .

අහ් කියන්න බැරි උනානේ. .  බුවාගේ පෝස්‍ටු වලින් පාඩම්මාලාත් දෙනවනේ. .ඉතින් මේක තමා පලවෙනි එක කියන්නකෝ. . . අපේ සමහර කොල්ලෝ කෙල්ලෝ Microsoft Exam එහෙම කොරනවා ඇති. .  ඉතින් ඒ යටතේ MCTS කියන Exam එකේ මේකත් එක පාඩමක් කියන්නකෝ. .ඉතින් බුවානම් මේවා ඉගෙන ගත්තේ සල්ලි දීලා. . ඉතින් බුවා අපේ කස්ටියට මේවා දෙන්නේ නොමිලේ ඇ බුවා එහෙමයි. . . ඉතින් ඉදිරියටත් එක එක පාඩම් බුවා ගේනවා හොදේ. .  අපේ Exam කොරන් නැති කොල්ලෝ කෙල්ලෝ මේවා නිකමට කොරලා බලන්නකෝ ඇ. .ෆන් එකට. . . .

ඉතින් දැන් කියන්නම් වැඩේ. .  ගොඩක් කස්ටිය කම්පියුටර් එක ලෙඩ දුන්න ගමන් කොරන්නේ ඉස්සෙල්ලාම ෆෝමැට් කොරන එකනේ. . ඊට පස්සේ ඉතින් ආපහු වින්ඩෝස් දානවා. .අම්මේ බුවාටනම් මේක එපා කොරපුම වැඩක් කියන්නකෝ. . පැය ගානක් බලාගෙන ඉන්න එපැයි. . . අනික මේ වැඩේ හොදට වෙන්නනම් හොද වින්ඩොස් DVD එකකුයි DVD ROM එකකුයි තියෙන්නත් එපැයි. . මොකද පොඩි හෝ අවුලක් තිබ්බොත් වින්ඩෝස් දාන්න බැරිව එරර් මැසේජ් එනවා. . එතකොට ඉතින් බිල් ගේට්ස් අන්කල්ගේ අම්මා මුත්තනේ සිහි කොරන්නේ නේ අපේ කස්ටිය. . . . . ඉතින් ඔය වගේ අවුල් තියෙන මැශින් වලට කියාපු විදිහ තමා පෙන් ඩ්‍රයිව් එකකින් වින්ඩෝස් දාන එක කියන්නකෝ. . .මේකෙන් ගොඩක් ඉක්මන්ට වගේම කිසිම එරර් මැසේජ් එකක් නැතිව වැඩේ කොර ගන්න පුලුවන් ෆට්ටේ වගේ. . අය ෆට්ට ස්පීඩ් ඇ. . . . . 

ඉතින් ඔය වගේ කබල් මැශින් වලට එහෙම මේක කියපු බඩුව.. අය ෆට්ට ස්පීඩ් හින්දා අය මැශින් එකට වින්ඩෝස් දාද්දී මෙහම දාන්ට අමතක කොරන්න එපා ඇ. . . .එහෙනම් කොල්ලනේ අපි සැට් එක වැඩේට බහිමු ෆටාර් ගාලා. . . මේ වැඩේට ඕන වෙන්නේ වින්ඩෝස් DVD (බුවානම් දැන් දාන්නේ windows 7 ඇ) එකකුයි 4GB වලට වඩා ඉහල පෙන් ඩ්‍රයිව් එකකුයි ඇ. . . එහෙනම් ඒවත් ලන් කොරගෙන බුවාගේ සරල පියවර ඔස්සේ යමුකෝ ඇ. . . හරියට වැඩේ කොරොත් ඉතින් කාටද ආඩම්බරේ. . . . බු හා හා. . . . .


(1) ඉස්සෙල්ලාම කස්ටියගේ පෙන් ඩ්‍රයිව් වල තියෙන කුනුටික අහක් කොරලා හොද ෆෝමැට් පාරක් දෙමුකෝ. .  මෙන්න බුවානම් ෆට්ටේ වගේ ෆෝමැට් කොරා ඇ. . . .පේනවනේ දැකුම්කලු බව




(2) ඊලගට Start මෙනුවේ Search Bar එකේ CMD කියලා කොටා Command Prompt එක ගන්නකෝ
      හා හා ඔය එන්නේ දිලිසි දිලිසී බබා වගේ  


(3) පේනවා ඇතිනේ කොල්ලනේ Command Prompt වල දැන් ඉන්නේ ෆට්ටබුවාගේ යුසර් එකවුන්ට් එකේ කියලා. .  ඉතින් මෙතන ඉදලා බැ නොවැ. .මේ වැඩේ කොරන්න වෙනම තැනකට යන්න ඕන. . එහෙනම් යමු ඩෝන් ගාලා. .  වරෙල්ලා බුවා කියන විදිහට යමන්ලා. . . .

දැන් Command Prompt  එකෙහි බුවා කියන පිලිවෙලට ටයිප් කොරහල්ලා ඇ. . .

CD/
CD Windows
CD System32
අවුලක් නැනේ. . .මෙන්න මේ ෆොටෝ කැල්ලේ තියෙන විදිහට ඇ. . 




(4) අන්න හරි කියන්නකෝ. . . දැන් අපේ කස්ටිය ඇවිත් ඉන්නේ System32 කියන ෆෝල්ඩරය නොහොත් ඩිරෙක්ටරියට. .ඉතින් මේකේ තමා ඉන්නේ මේ වැඩේට ඕන කොරන වැඩ්ඩා කියන්නකෝ. . .ඒ වැඩ්ඩා ඇක්ටිවු කොර ගන්න Diskpart කියලා ටයිප් කොරලා එන්ටර් කොරන්න . .

දැන් පේනව ඇතිනේ Diskpartඑක open වුනා කියලා. .



(5) දැන් කොරන්න තියෙන්නේ කම්පියුටරේට අපි ගහපු පෙන් ඩ්‍රයිව් එක ‍තෝරන වැඩෙයි. . .මේ සදහා කම්පියුටරේ තියෙන සියලුම ඩ්‍රයිව් පෙන්නීම සදහා List Disk කියන කමාන්ඩ් එක ඩෝන් ගාලා ගහන්නකෝ. . .


(6) ඉතින් කොල්ලනේ මෙතනින් පෙන්වන්නේ දැනට කම්පියුටරේට ගහලා තියෙන ඩ්‍රයිව් ටික. ඒක ඉතින් එක එක පුද්ගලයාට වෙනස් වෙනවනේ. . මොකද බුවාගේ ෆජාත කම්පියුටරේ හාඩ් ඩිස්ක් තමා ඔය උඩින් තියෙන්නේ. . යටින් තියෙන්නේ බුවාගේ ෆට්ට පෙන් එක. . ඉතින් මෙතන ඉදන් උබලාගේ පෙන් ඩ්‍රයිව් එක ‍තෝරගන්න ඕනේ. .ඔය GB ගානෙන් ඒක ලේසියි නොවැ. . .එහෙනම් බුවාගේ පෙන් එක Disk 2 වන හින්දා බුවා මෙහෙම ටයිප් කොරනවා කියන්නකෝ. . ඇයි අප්සට්ද?

Select Disk 2  (උබලත් මේක ටයිප් නොකර පෙන් එකේ හරි ඉලක්කම බලලා ටයිප් කොරහල්ලා ඇ. .  බුවාගේ 2 හින්දා බුවා 2 දැම්මා එකෙන්ම)


(7) දැන් පෙන් එක තේරීමේ වැඩේ අහවරයි කියන්නකෝ. . . ඊලගට පෙන් එකේ සාමාන්‍ය සැකසුම් නැතිකොර මේ වැඩේට ඕන විදිහට ෆට්ට කිරීම සදහා Clean කියන කමාඩ් එක ගසපියවු. . .


ඉතින් කොල්ලනේ දැන් අපි සැට් එක ආවේ මේ අපේ පෙන් එක පාටිශන් කොර ගන්නයි. . කස්ටිය දන්නවා ඇති බූටබල් ඩිස්කයක් හදන්න නම් පාටිශන් එකක් අනිවා තියෙන්ට ඕනේ කියලා. . ඉතින් පල්ලෙහා තියෙන සරල පියවර ඔස්සේ යමුකෝ ඇ. . . 

(8) දැන් පාටිශන් එක හැදීම සදහා Create Partition Primary කියලා ටයිප් කොරමුකෝ. . 


(9) දැන් ෆට්ටේ වගේ පාටිශන් එකක් හැදුනා කියන්නකෝ. . . ඒක ‍තෝරාගැනීම සදහා Select Partition 1 කියලා ටයිප් කොරමු ඇ . .



(10) දැන් හදපු පාටිශන් එකත් ‍තෝරාගෙන හරි ඇ. . .දැන් මේ හදපු පාටිශන් එක ඇක්ටිව් කොර ගැනීමට Active කියලා ඩෝන් ගාලා ටයිප් කොරමුකෝ එහෙනම්. . .




එසේනම් කොල්ලනේ දැන් තියෙන්නේ අපිට මේ පෙන් කස්ට ෆෝමැට් කිරීමේ කාර්යයි. . ඒකත් කොරමුකෝ එහෙනම් එකෙන්ම. . .

(11) ඒ සදහා Format fs=ntfs quick කියලා ටයිප් කොරමු ඇ. . ntfs කියලා දැම්මේ ෆෝමැට් කොරන්න ඕන ෆයිල් ෆෝමැට් එක කියන්නකෝ. . . කරුමෙට මේ ෆෝමැට් එකෙන් ෆොමැට් කොරන්න බැ කිව්වොත් මේ ෆෝමැට් එකෙන් ට්‍රයි කොරලා බලන්නකෝ. .(Format fs=fat32) පස්සේ දවසක මේ ෆෝමැට් වලින් කොරන වැඩේත් කියලා දෙන්නම්කෝ හොදේ. .  දැනට මේකෙන් වැඩ කොරන එකක් දාලා බලන්න ඇ. . .

ඊට පස්සේ ඉතින් කටබලියගෙන බලන් ඉන්න වෙනවා 100% පිරෙන්ට ඇ. . මොනවා කොරන්නද ඉතින්. .හරියට කොරානම් මේ බුවාට වගේ මැසේජ් එකක් එයි ඇ. . .


(12) ඉතින් කොල්ලනේ මේ  ෆජාත Command Prompt එකෙන් සමු ගන්න ලගයි කියන්නකෝ දැන්. . . අවසාන වශයෙන් අපේ පෙන් එක අදුර ගැනීම සදහා ඩ්‍රයිව් ලෙටර් එකක් දෙන්න වෙනවා. .නැත්නම් අශෝබනයිනේ. . ඉතින් ඒ සදහා Assign කියා ටයිප් කොරහල්ලාකෝ. . .
අවසාන වශයෙන් මේ ෆජාත Command Prompt එකෙන් කැපෙන්ට Exit කියලා ටයිප් කොර හොද හුස්මක් ගනිල්ලා. . .


දැන් ඔබේ පෙන් එක මෙලෙස බැබලෙනවා ඇති. . .



(13) ඉතින් කොල්ලනේ දැන් කොරන්න තියෙන්නේ වින්ඩෝස් 7 DVD එක දමා ඒ DVD එකේ තියෙන සියලුම ෆයිල් පෙන් එකට කොපි කොර ගන්න එකයි. .  මේ එක ෆයිල් එකක් වත් හලන්නේ නැතිව පෙන් එකට කෙලින්ම දාන්න ඇ. . .


                                                        අෆේ අෆ්ෆෝ කොපි වෙනෝ. . . . .


කොපි කොරලා ඉවර වෙලා පෙන් එක ගලවලා ආපහු ප්ලග් කොරන්නකෝ. . . .ඇ බොලේ මාරයි නේ. . . . . මේන් පෙන් එක බූටබල් ඩිස්ක් එකක් වෙලා. . . . ඔව්වට ඉතින් බුවාලා ඉන්නම එපැයි. . . .නැද්ද. . . . ?


ඉතින් කොල්ලනේ මේ කස්ට කැවේ ඕක කොර ගන්නනේ. .  උබලට පේනවා ඇති පොඩි පියවර ටිකක් තියෙන්නේ. .  උබලට තේරෙන්ට කියලා ෆෝටෝසුත් එක්ක සරලව දැම්මේ. . .නැත්නම් බුවා කමාන්ඩ් ටික විතරක් දානවා. . එහෙම දැම්මා වගේ නෙවෙයිනේ ඊට පස්සේ එක එකා කෑමොර තියනට පටන් ගත්තොත් ඉවරනේ. .මේ පෝස්‍ටුව මොන්ටිසෝරි කොල්ලෙක්ට උනත් කියවලා තේරුම ගන්ට පුලුවන් ඇ. . . . ඒකයි බුවාගේ විශේෂත්වේ ඕන්. . . .


(14) දැන් ඉතින් BIOS වලට ගොහින් First Boot Device එක පෙන් ඩ්‍රයිව් එකට ‍තෝරහල්ලා ඇ. . එව්වා ඉතින් දන්නවනේ මගේ අම්මලා. . .ඒක ඉතින් බෝඩ් එකෙන් බෝඩ් එකට වෙනස් වෙන හින්දා හරියටම කියන්න බැ. . ගොඩක් දුරට Advanced BIOS Features / Hard Disk Boot Priority වල තමා හදන්න තියෙන්නේ. . අහ් තව එකක් පෙන් එක කෙලින්ම පෙන්නවුවේ නැති උනොත් USB-HDD වගේ ආසන්න නමක් දෙන්න ඇ. . . .

ඊට පස්සේ රීස්ටාට් කොරලා සුපුරුදු විදිහට වින්ඩෝස් ඉන්ස්ටොල් කොරහල්ලාකෝ. . . බලහල්ලා DVD එකකින් දානවා වගේද? කිසිම සද්දයක් නැ. . . බර බර නැ. . . එරර් මැසේජ් නැ. . . ෆට්ටේ වගේ ස්පීඩ්. . .ආසාවේ බැ අෆ්ෆා

ඉතින් කොල්ලනේ බුවාට ෆට්ට මහන්සි උනත් උබලා යම්කිසි දෙයක් දැනගත්තානම් එයයි බුවාගේ එකම සතුට ඇ. . .අනිවා කොරලා බලහන්. . .පොඩි පියවර ටිකක් තියෙන්නේ . . ඉතින් හැමදාම වගේ කියන්නේ මේ පෝස්‍ටුව ෆට්ටනම් හෝ ෆජාත නම් අනිවා කමෙන්ට් කොරහල්ලා ඇ. . .ඒකෙන් තමා බුවා පන්නරයක් ගන්නේ කියන්නකෝ. . . අහ් තව එකක් කැමති දේවල් තියෙනවනම් ඒවත් ඉල්ලපන්ලා ඇ. . පුලුවන් දෙයක්නම් බුවා අනිවා දෙනවා. . . .

එහෙනම් බුවා යන්න කියලා ඕන්. . . කොරලා බලලා අවුලක් ආවොත් අනිවා කියහන්ලා ඇ. . . එහෙනම් මේ වගේ පෝස්ට් ගැන ඉක්මනට දැන ගන්න බුවාගේ බ්ලොග් එකට ජොයින් වෙමු ඇ. . .එසේනම් කස්ටියටම ෆට්ට සට ෆට සතියක් වේවා එකෙන්ම ඕන් . . . .බුවා ගියෝ. . .තවත් දවසක එනෝ. . . . . . .උම්මා. . .!




6 comments:

  1. ade ela bn... pahara speed.. xp th mahema danna puluwanda?

    ReplyDelete
  2. මෙ විදියට XP දාන්න නම් බැරි උනා.අනික මෙ ඩිස්ක් පාට් වලින් පෙන් ඩිටෙක්ට් කරන්නේ 7 වලදී විතරයි.
    කෙලින්ම ස්ටාට් මෙනු එකේ diskpart.exe රන් කරත් හරි.
    :)

    ReplyDelete
  3. තැන්ක්ස් කොල්ලෝ. . නැ බන් XP එකට මේක හරියන් නැ ඒකට සොෆ්ට්වෙයාර් තියෙනවා බුවා මේ කිව්වේ සොෆ්ට්වෙයාර් නැතුව අපිටම වින්ඩොස්7 දාගන්න හැටි බන්

    ReplyDelete
  4. ආඩම්බරයි ලොවෙත්

    ReplyDelete

Blogger Template by Clairvo