Wednesday, June 12, 2013

SLT ලිමිට් පැකේජ් අන්ලිමිට් කීරීම නොහොත් ෆජාතය ෆට්ට කිරීම (1000% ශුවර් ඈ)


(මෙය කියලා දීම බුවාගේ අතේ නමුත් මෙය කීරීම ඔබ අතේය. . .එමනිසා මේ පිලිබද කිසිදු වගකීමක් බුවා මහතා නොදරන බව පවසන්නේ දැඩි නිහතමානීවය)

බු හා හා. . . ඔන්න ඉතින් බුවා නැවතත් බ්ලොග් එක පැත්තේ ආවා කියන්නකෝ. . . එකෙන්ම. . මේ විවේකයක් තියෙන හැම වේලාවෙම බුවා හිතාන ඉන්නේ බ්ලොග් එකක් ලියන්න. .  මොකද කනාවට වගේ බුවාට ජොබක්වත් සැට් උනොත් අය බ්ලොග් ලියලත් ඉවරනේ. . . . ඉතින් මේ ගෙදර සුරතලේට හැදීවැඩෙන බුවා ඔන්න අදත් බ්ලොග් පෝස්‍ටුවක් කර ගහන් ආවා කියන්නකෝ. . .

ඉතින් කොල්ලනේ. . කෙල්ලනේ බුවා අද ගෙනාවා පොඩි ෆට්ට වැඩක්. . . තව අතකින් මේක පොඩි ට්‍රික්ස් එකක්. . . දන්නවනේ ඉතින් බුවා දන්න දේවල් ඔක්කෝම බුවාගේ සැට් එකට බුවා කියනවා කියලා. . .ඒකනේ බුවාට ෆට්ට බුවා කියන්නේ. . . ඉතින් මේ ගුරුමුස්ටි නැති බුවා හිතුවා අද උබලට ෆට්ටම ෆට්ට වැඩක් කියලා දෙන්න. . . හැබැයි ඉතින් මේ වැඩේ දන්න අය ඕනතරම් ඉන්නවා. . . ඒත් පොරවල්ලා මේවා කුහක කමට කාටවත් කියන් නැ. .ඒත් ඉතින් මේ බුවා ගාව ඔය ජරා වැඩ නැති හින්දා අද බුවා ඒ ගැන කියලා දෙනවා. . . .

ඉතින් මොකක්ද මේ වැඩේ. . . ෆොටෝ එක බලපුවාම තේරෙන්ටත් ඇතිනේ. . . ඔව් ඔබ හරී. .  මේක පොඩි හැක් පාරක්. . . ඒත් ඒකට බුවා හැක් එක කියනවාට වඩා කියන්නම් ෆට්ට වැඩේ කියලා ඇ. . ඇයි අප්සට්ද?

ඉතින් කෙලින්ම කතාවට බහිමුකෝ. . . අද ලංකාවේ ගොඩක් කස්ටිය පාවිච්චි කොරන අධිවේගිම ඉන්ටර්නෙට් දෙන්නේ කවුද කියලා ඇහුවොත් උත්තරේ ශ්‍රී ලංකා ටෙලිකොම් නේ. . . ඔය ඉතින් ෆජාත අවුල් තිබ්බාට ෆට්ට ඉන්ටර්නෙට් ස්පීඩ් එකක් තියෙන්නේ ටෙලිකොම්ලගේ. . ඉතින් අද බුවාගේ පෝස්‍ටුව මේ SLT පැකේජ් තියෙන අයටයි ඇ. . . . අනිත් අයට ඉතින් සොරි වෙන්ට ඕනේ. . උබලට කොච්චර කිව්වාද බුවා SLT ලාට මාරු වෙන්න කියලා. . කොයි කනකටවත් ගත්තාද. .?එහෙම උනානම් අද උබලත් බුවා වගේ පන් එකේ ඉන්නවනේ සයිබර් අවකාශයේ. . . . බු හා හා

ඉතින් කොල්ලනේ මේක බුවාගේ සොයා ගැනීමක්. . . කියන්නකෝ. . .ඒ කිව්වේ කවුරුත් මේක මිට කලින් බුවාට කියලා නැ. . . ඔය එක එක එවා කොරනකොට තමා බුවාට මේක හම්බුනේ. ඒත් බුවාට ආරන්චි උනා දැන් මේක ගොඩක් කස්ටිය කොරනවා කියලා. . . එහෙනම් ඕන් බුවා කියන්නම් වැඩේ. . .

SLTලාගේ දැන් තියෙන අන්ලිමිට් පැකේජ් ඔක්කෝම තියෙන්නේ GB ගානකින් සීමා කොරලා. . ඉස්සර වගේ ෆට්ට අන්ලිමිට් පැකේජ් දැන් නැනේ. . . දැන් තියෙන්නේ 5GB 9GB 25GB වගේ ඒවා. . අන්න ඒ පැකේජ් වලට තමා මේ බුවාගේ ෆට්ට වැඩේ ඇ. . . .කවුරුත් දන්නවා ඇතිනේ මේ පැකේජ්වල GB ගාන පැනපු ගමන් SLTලා මේ පැකේජ් එක ෆට්ට ස්ලොව් කොරනවා කියලා. . එතකොට ඉතින් SLT සභාපතිගේ අම්මා මුත්තනේ අපේ ඇයෝ සිහි කොරන්නේ. . . ඒත් බුවාගේ මේ ෆට්ට වැඩේ කෙරුවොත් උබලා සභාපතීට මල් තියලා වදියි ඇ එකෙන්ම. . . .

ඉතින් මොකක්ද ඔය කියන බුවාගේ ෆට්ට වැඩේ. .?

ඉතින් කොල්ලනේ මෙන්න මේකයි වැඩේ. . .ඔය වගේ පැකේජ් තියෙන උන්දලා හෙන බයෙන්නේ අන්තර්ජාලයේ උනත් සැරිසරන්නේ. . කොයි වේලේ ලිමිට් එක පනිද කියලා දන්නැනේ. . . . ඉතින් ලිමිට් එක පැන්න ගමන් ෆුල් හින්දුස්තාන්. . ඉතින් එහෙම වෙලාවට බුවා කොරන්නේ මෙන්න මේකයි ඇ. . කොරලම බලහන්කෝ වෙනවද කියලා. . .

ඉස්සෙල්ලාම බල්ලන්න වෙනවා උබලාගේ ADSL පැකේජ් එකේ මේ මාසේ Usage එක කීයද කියලා. . . මේ වැඩේ කොරන්න පුලුවන් ලිමිට් එක පනින්න කලින් ඇ. . . නැතුව පැන්නයින් පස්සේ කොරලා වැඩක් නැ. . .

අපි උදාහරනයකට ගමු 5GB පැකේජ් එක. . ඒ කියන්නේ ආසන්න වශයෙන් 5000MBක් වගේනේ. .මේ වගේ පැකේජ් එකක 4500MB වගේ පාවිච්චි කොරපුවන් පස්සේ මේ වැඩේ කොරන්න කියලා බුවා කියනවා. . නැතුව මාසේ මුලම කොරලා ඇන ගත්තොත් අන්තිමේට වෙන්නේ මේ අහින්සක බුවාට බැනුම් අහන්නනේ. .ඒ හින්දා මේන් වැන්දා ලිමිට් එක පනින්ට ඔන්න මෙන්න කියලා වැඩේ කොරහල්ලා ඇ. . .

එහෙනම් 5GB පැකේජ් එක ගැනනේ අපි දැන් කතා කොරන්නේ. .  4500MBක් විතර පැන්න ගමන් අපේ  රව්ටරේ ඕෆ් කොරලා ඒකට UPS එකක් හරහා කරන්ට් එක ගනිල්ලා ඇ. . . මොකද අපි ඩව්න්ලෝඩ් කොරන අතරවාරයේ පොඩි පොඩි කරන්ට් යැමවල් තියෙන්ට පුලුවන්නේ ඒකයි. . මොකද ඉතින් මේ ආසියාවේ ආශ්චර්යනේ. . නැද්ද. . . ඉතින් හදිසියේම කරන්ට් ගියොත් ඔක්කෝම හබක් මොකද ආපහු අපි කනෙක්ට් වෙද්දී අලුත් IP Address එකක් ලැබෙන හින්දා වැඩේ මාට්‍ටු වෙනවා. . .

ඉතින් UPS එක හරහා කරන්ට් එක අරන් තියෙන හැම ජහ ජරාවකම බයක් නැතිව ඩවුන්ලෝඩ් කොරහල්ලා ඇ. . . . කිසිම වේලාවකවත් ඩවුල්ලෝඩ් වීම නවත්තන්න එපා . . මොනවා හරි ගනිල්ලා. . . ඔය ඕන තරම් ටොරන්ට් එහෙම තියෙන්නේ. . ..

ඉතින් මේ ඩවුන්ලෝඩ් කිරීම උබලට කැමති වේලාවක් දාගනිල්ලා. . . නෙට් කචල් නැති වෙලාවක දාගන්ට අමතක කොරන්න එපා ඇ. . . කරන්ට් එකත් යහමින් තියෙන වෙලාවල් ඉතින් උබලමනේ දන්නේ. . . .

ඉතින් කොල්ලනේ උබලගේ ලිමිට් එක දැන් සුනු විසුනු වෙලා යනවා අනිවා. . . ඒත ලිමිට් එක පැන්නා කියලා උබලගේ පැකේජ් එකේ ස්පීඩ් එක අඩු කොරන් නැ. .මොකද උබලා දැන් ඉන්න IP Address  එක ලිමිට් එක පනින්න කලින් තිබුන එකනේ. . ඉතින් ඔය IP Address ක ලිමිට් එක පැන්නා කියලා දැන ගන්න තවම මේ ලංකාවේ සුපිරිම කියාගන්නා SLTලාට බැ ඇ. .  අප්සට්නේ. . .හැබයි ඉතින් කරුමෙට ලිමිට් එක පැනපු වෙලාවේ කරන්ට් හෝ ADSL කෙල උනොත් එතන ඉදන් උබලට ෆට්ට ෆජාත අන්තර්ජාලේ අසිරිය ලැබිය හැකියි. . ඒකට ඉතින් බුවාට කොරන්ට දෙයක් නැනේ. . . .

ඔය ආකාරයට රවුටරය අප් එකේ තියන තාක් කල් ඉන්ටනෙට් ස්ලොව් වෙන්නේ නැ ඇ. . . ආසයි නේ. .  ඒත් දවස දෙක තුන යද්දී රවුටරය ගිනිගන්ට තරම් ගිනියම් වෙලා තියෙයි ඇ. . . එහෙම වෙලාවට තීරනය උබලා අතේ. . . .

අහ් තව දෙයක් කියන්න ඕන SLTලා පැය 10න් දහයට ADSL එක කඩනවා. .  එතකොට ඉතින් පොඩ්ඩක් කේස් යන්න පුලුවන්. . .ඒත් තවම බුවාටනම් එහෙම කියලා ස්ලොව් උනේ නැ ඇ. . . සමහර වෙලාවට වෙන්ටත් පුලුවන් කොහොම උනත් නිතර සූදානමින් ඉන්න එක අපේ අයට හොදයිනේ නේ. . .

ඉතින් ADSL , කරන්ට් එක ගැන ශුවර් කොරන්න ලංකාවේ අපිට බැරි හින්දා බුවානම් කියන්නේ මේ ක්‍රමේ මාසේ අන්තිමේට කොරන්න කියලා ඇ. . .නැත්නම් ඉතින් දවසින් පැකේජ් එක ඉවරවෙලා ලිමිට් උනොත් කාට කියන්නද. . ඉතින් අවසාන වශයෙන් මේ ටික මතක් කොර ගනිල්ලාකෝ. . . . ..

(1) හැම විටම රවුටරයට UPS එකෙන් කරන්ට් එක දියල්ලා ඇ. . 

(2) ලිමිට් එක පනින්න මොහොතකට කලියෙන් කොරන්න මතක තබා ගනිල්ලා ඇ

(3) හැම විටම කුමක් හෝ ඩවුන්ලෝඩ් කොරහල්ලා ඇ. . 

(4) ලිමිට් එක පැන්නා කියලා කොක් හඩලා සිනාසීමෙන්ද. .  බියෙන් ගල්ගැසීමද නොවිය යුතුයි ඇ.

(5) තමන්ට එපා වෙනකල් රවුටරය ඕෆ් කීරීම නොකල යුතුයි ඇ. . .

(6) ඩවුන්ලෝඩ් කොරන් නැති වේලාවක කම්පියුටරේ ෂට්ඩවුන් කොරනවානම් කොරන්න ඇ. . . ඒ ගැන කහටක් තියා ගන්න එපා. .  එහෙම ෂට්ඩවුන් කොරා කියලා රවුටරයේ Internet බල්බ් එක නිවෙන් නැ. .ඒ කියන්නේ අලුත් කනෙක්ශන් එකක් හැදෙන් නැ. . . . ඒ කියන්නේ නෙට් ස්ලොව් වෙන්නැ කියන එකනේ. . . 

සැ.යු: රවුටරය ඕෆ් නොකරන තාක් කල් පැකේජය ස්ලොව් නොවෙයි. . . 50GB, 100GB පැනිය හැකිය. .බුවානම් අනිවා ඕය ගානට ලන්කොරයි. . එහෙත් කනෙක්ශන් එකේ අවුල් තිබේනම් මෙය කල නොහැකි බව කියන්නේ ඉතාමත් අප්සට්වය. . .

ඉතින් කොල්ලනේ අන්තීමේට මේ කෙරුවාව උබලාටම එපා උන දවසක රවුටරයට විවේකයක් දියහලාලාකෝ ඇ. . . . එදා වෙනකන් බුවා කියපු විදිහට කොරානම් අනිවා  ස්ලොව් නොවනු ඇත. .බුවා ගාව තිබුන 5GB පැකේජ් එක බුවා මාසේට 60GB, 70GB දක්වා පාවිච්චි කොරා කිව්වොත් උබලා පුදුම වෙන එකක් නැ නේද දැන්. . . බුවා එහෙම පාවිච්චි කොරපු ඒවාගේ ස්ක්‍රීන් ශොට් ටිකක් දාන්න හිටියේ ඒත් කරුමෙට දැන් SLT ලාගේ පරන Usage බලන්න දෙන්නේ නැ. . . . කමක් නෑ මේ මාසේ ඒකට දෙන්නනම්කෝ ජම්බු. . . .

ඉතින් කොල්ලනේ මේවා තමා SLTලාගේ ටොප් රහස් නොහොත් ටොප් අවුල්. . . . මේවා වැඩිය කස්ටිය කියලා දෙන්නේ නැත්තේ කුහක කමටනේ. . බුවා ගාව ඕවා නැති හින්දා ඕන් බුවාගේ සැට් එකට කියලා දැම්මා. . . බුවා හොද එකා කියලා නිකමට කියනවැයි. . . .

සැ.යු.
මෙය රු.390 අභිමාන පැකේජ් එකට සහ රු.499 එන්ට්‍රි පැකේජ් එකට නොකරන්න. .මොකද එම පැකේජ් ලිමිට් එක පැන්න සැනින් එක්ස්ට්‍රා අය වෙන බැවිනි. . . 

ඉතින් කොල්ලනේ පේනවනේ මේ වගේ පැකේජ් වල කොච්චර බැවත් බිලට එන්නේ නැ කියලා. . මොකද මේවා අන්ලිමිට් පැකේජ්. . . මේවාගෙන් කොරන්නේ ලිමිට් එක පැන්න ගමන් ස්පීඩ් එක 64kbps වලට අඩු කොරන එක ඇ. . . නැතුව ෆට්ට බිලක් ඇවිත් අපිව මුලා කොරන එක නෙවෙයි ඇ. . . පවුනේ SLT . . . 

ඉතින් කොල්ලනේ මේ බුවාගේ ෆට්ට වැඩේ කොරලා බලහල්ලාකෝ ඇ. . . අනිවා ලිමිට් එක පනින්න ඔන්න මෙන්න කියලා කොරහල්ලා ඇ. . .සමහර දවස් වල රවුටරය ඕෆ් උනත් ස්ලොව් වෙන්නැ. .ඒත් හැමදාම එහෙම වෙන්නේ නැති  හින්දා මේ බුවා කියපු විදිහටම වැඩේ කොරහල්ලාකෝ ඇ. . . .

ඉතින් ඔන්න අද බුවා දුන්නේ ෆට්ටම ෆට්ට වැඩක්. . ඒක ඉතින් වටින්නේ අපේ SLTලාගෙන් පැකේජ් ගත්ත අයටයි ඉතින්. . ඉතින් ඉදිරියට තවත් ෆට්ට සට ෆට අලුත් දේවල් බුවා අනිවා දානවා ඇ. . .  මොකද බුවා එක්ක ඉන්න කොල්ලෝ කෙල්ලන්ට බුවා කවදාවත් අසාධාරනයක් කොරන් නැති හින්දා. . .ඉතින් මේ පෝස්‍ටුව ෆට්ටනම් හෝ ෆජාතනම් අනිවා කමෙන්ට් කොරහල්ලා  ඇ. . මේ වගේ ෆට්ට පෝස්ට් ගැන බුවාටත් කලින් දැන ගන්න ඕනමනම් බුවාගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙක් වියල්ලාකෝ. . . . .  එහෙනම් ඕන් බුවා කැෆෙනවා ඇ. . . . තවත් ෆට්ට දවසක ෆට්ට පෝස්‍ටුවකින් හමුවෙමු. . . එතකන් උබලාට ෆට්ට සට ෆට සතියක් ඇ එකෙන්ම . . . . උම්ම්මා



68 comments:

  1. Angry bird, pattay yako....

    ReplyDelete
  2. අපි දැන්. ලිමිට් එක පන්නුවා කියමු,සාමාන්යෙන් අපි ලිමිට් එක පන්නලා පාවිච්චි කරපු ගානට අදාල මුදල බිලට වටෙනවානෙ, නේ,මේ විදියට කලොත් එහෙම ගානක් සෙට් වෙන් නතිවෙය්ද?

    ReplyDelete
  3. Ahuwata tharaha wenna epa. Bill eka kiyada?

    ReplyDelete
    Replies
    1. අන්ලිමිට් පැකේජ් වලින් විතරක් කොරහන් ඈ නැත්නම් බිල එයි ඕන්

      Delete
  4. router ekata kelawenne nadda bn eka digata dawas 5 6k on karan iddi

    ReplyDelete
    Replies
    1. අඩේ කොල්ලෝ. .බුවත් දවස් 2,3 දානවා. . . .තවමත් හොදට වැඩ. . . SLT ZTE රවුටර් වලට වඩා TP-LINK, D-LINK වගේ ඒවා ලොවෙත් ෆට්ට. .ඒව තියෙනවනම් බය වෙනට එපා. . . . කොහොමත් රවුටර් කියන්නේ හැම වෙලාවෙම වැඩ කොරන එකක්නේ. . බ්‍රැන්ඩ් එක හොදනම් අවුලන් නැ. . . ඒත් ඉතින් රත් වෙද්දී උබලට දුක හිතෙයි අනීවා. . .බු හා හා. . . . .

      Delete
  5. අඩේ බිල් එන්නේ කොහොමද බන්. . .? අන්ලිමිට් කියලා තියෙන පැකේජ් වල GB ගාන පැනපු ගමන් නෙට් ස්ලොව් විතරයි කොරන්නේ. . .නැතුව බිලක් එන්නේ නැ. . හැබයි අර 499ට තියෙන එකට මේක කොරන්න එපා කොල්ලෝ. . ඒක අන්ලිමිට් නෙවෙයිනේ. . . . .

    ReplyDelete
  6. එල එල වැඩේ නං එල........
    ඒත් මචං අපි ඩොංගල් තාක්ෂණය භාවිතා කරන එවුන්නේ... අපි වගේ එවුන්ටත් ඔය වගේ යූසේජ් එක පන්නන සිස්ටම් එකක් දන්නවනං දාන්න ඈ...
    (බුකියේ ළාමක ටිං ටිං වෙනුවෙන් මා ෂර්ලොක් හෝම්ස්)

    ReplyDelete
    Replies
    1. මචෝ හෝම්ස් අනිවා කොල්ලෝ. . .බුවා හැම දෙයක් පිලිබදව ඇහ දාගෙන ඉන්නේ. . . එහෙම අටමගලක් හම්බුන වහාම අනිවා දානවා ඇ. . . . බුවා එහෙමයි. . . එතකන් බුවත් එක්ක හිටපන්කෝ. . .

      Delete
  7. 999ta thyna packeage ekata keruwa kiyamuko.eka 9 GB neh. ethkota ban extra data usage ekata Bill eka enawane?? meken wenne slow wena eka nawaththana eka wthrada?

    ReplyDelete
  8. අඩේ ඔය පැකේජ් එකත් අන්ලිමිට්නේ බන්. . . 9GB පැන්න ගමන් කරන්නේ ස්පීඩ් එක 64kbps වලට අඩු කොරන එක.. ඉතින් උබ මේකට ඒක කොරොත් උබට එහෙම බිලක් එන්නේ නැ. . . මොකද ඔය පැකේජ් එකට එක්ට්‍රා අය කොරන් නැ. . . ස්පීඩ් එක විතරයි කපන්නේ. . .උබ කොරලම බලලා කියහන්කෝ කොහොමද වැඩේ කියලා. . . .

    Eg:- Usage on Demand (Web pal Rs 990/=)
    Download and upload speed will be reduced to 64 kbps after reaching either maximum peak download volume or the total usage volume.

    ReplyDelete
  9. aniwa buwa. mamth 5gb package eken 40gb wage banawa ban. paya10n 10ta update karata passe api paya bagayak withara download kare naththam thamai slow wenne ban.

    ReplyDelete
    Replies
    1. ඕව් බන් පැය දහයෙන් දයට අප්ඩේට් කොරන් එක තමා අවුල නේ ඒත් දිගටම ඩවුන්ලෝඩ් කොරානම් ඒකත් හරී ඕන්

      Delete
    2. buwa wade nam patta machan .. dan mata kiyapallakoo oya GB ganan download korala ubala mokeda thiyaganne kiyala

      Delete
    3. මචන් ශෙහාර. . හොද ප්‍රස්නයක් බන්. . බුවා මේ දවස් ටිකේ සල්ලී එකතු කොරනවා බන් හාඩ් එකක් ගන්න. . ඊට පස්සේ ජයටම කොරන්න තමා හිතාන ඉන්නේ. . . . බු හා හා. . . :)

      Delete
  10. meka dialog 1kta kranna baridoooooo????

    ReplyDelete
    Replies
    1. සමාවෙයන් කොල්ලෝ. . . බුවා දන්නේ නැති ඒවා කියන් නෑ. . බුවා ඩයලොග් යූස් කොරන්නෑ අඩේ. . . ඒ හින්දා ඒ සබ්ජෙක්ට් එක ගැන දන්නේ නෑ. . . . . ඉස්සර ඩයලොග්ලාගේ ඔය වගේ කේස් එකක් තිබිලා හැදුවලු බන්. .උබලටත් බිලක් එන්නේ නැත්නම් මේකත් ටෙස්ට් කොරලා බලහන්. .කරුමෙට හරියයි. . . .

      Delete
  11. wade nn patta....eth machan DSL down wenwane saren sare.....ethkota ithin kela thama :p

    ReplyDelete
    Replies
    1. අන්න ඒකයි බුවත් කලින්ම කිව්වේ. .බන්. . DSL කැඩුනොත් සුම්මා තමා. . ගොඩක් වෙලා කැඩිලා තිබ්බොත් අනිවා ස්ලොව් වෙනවා. . . කොයි වෙලෙත් කැඩෙනවානම් අනිවා SLTලාට රිපෝට් කොරපන්. . . ගෙදරටම ඇවිත් හදලා යනවා බන්. . . .ෆට්ටේ වගේ. . . .

      Delete
  12. meka bn last 5 days wala edala patan gattanum hari mase ewara wenda yana....machan sure neh 25Gb ta wadya gattata charge karanne na kiyala?

    ReplyDelete
  13. ‍ෆික්ශුද බන්. . . බුවා මාස ගානක් 25 පැන්නුවා. . . එහෙම චාජ් වෙන්නේ නැ බන්. . මේක උන්ගේ අවුලක් මිසක් අපේ අවුලක් නෙවෙයිනේ. . . . අන්ලිමිට් පැකේජ්නම් ගොඩ. . . ඔව් අඩේ DSLගැන ශුවර් කොරන්න බැරි හින්දා මාසේ අන්තිමේට කොරන එක තමා හොද. . . නැත්නම් අයියෝ නෙට් ස්පීඩ් කිව්වාලු. . . :).

    ReplyDelete
  14. අප්පා කිව්වා විදිහට වැඩේ කරා මුන් පැය 10 ip එක වෙනස් කරානේ රෙද්ද... 29gb උස්සල තිබ්බේ සැක්

    ReplyDelete
  15. පුලුවන්නම් මෙන්න මේ වැඩෙන් මොකක්ද වෙන්නේ කියල දැනුවත් කොරහන්කෝ බං

    ReplyDelete
  16. පුලුවන්නම් මෙන්න මේ වැඩෙන් මොකක්ද වෙන්නේ කියල දැනුවත් කොරහන්කෝ බං

    http://infinitityzone.blogspot.com/2011/07/tutorial-how-to-bypass-broadband-limit.html

    ReplyDelete
  17. ඔය වැඩේ සාර්තක නැ බන් බුවා කොරලා බැලුවා

    ReplyDelete
  18. mage thinne modem ekak ne ban mage thinne 5gb packge eka mama 4800mb unama down wenna damma athata auwena hamadema 7gb withara unama slow unane buwa

    ReplyDelete
  19. eka digatama down wenna damma eth slow una

    ReplyDelete
  20. මචන් ගොඩක් වෙලාවට පැය 10න් 10ට උන් සිස්ටම් එක අප් කොරනවා . . . එතකොට ගොඩක් වෙලාවට කෙලවෙන්ට පුලුවන්. . . උබ 4800 ඉදන් බය නැතිව පැය 10ක් එක දිගට ඩවුන්ලෝඩ් කොරහන්. . නෙට් හොදනම් ඊටත් වඩා පුලුවන්. .ඒත් අතර මගදී ADSL කැඩුනොත් අනිවා ස්ලොව් වෙන්න පුලුවන් බන්

    ReplyDelete
  21. buwa ela kollekne..................puluwannam oyawage dongal walata danna jilmat ekak danna.mokada mechchara dawas slt use karala den dongal ekata behela thiyenne

    ReplyDelete
  22. ඇයි අෆ්ෆා SLT අත ඇරියේ අෆරාදෙනේ බන් බුවාගේ ඊලග පෝස්ටුත් මුන් ගැනම් තමා මොකද බුවා යූස් කොරන්නේ ටෙලිකොම්නේ . . . හිටහන්කෝ ඩොන්ගල් ගැනත් මොකක් හරි ෆට්ට වැඩක් හොයා ගන්නම් කොල්ලෝ ඇ උම්ම්මා

    ReplyDelete
  23. උබනම් දේයියෙක් බන් පට්ට පටපට

    ReplyDelete
    Replies
    1. බුවා එහෙමයි ඇ තවත් ෆට්ට හැක් එකක් ඊලගට දෙනවා ඇ සූදානමෙන් හිටහන්කෝ

      Delete
  24. meka rs390/=, student package 1kata karanna barida?

    ReplyDelete
    Replies
    1. ඒකට කොරහන් ගින්දර

      Delete
  25. කොල්ලෝ ඒක ලිමිට් පැන්නාම චාජ් වෙනවා නේ ඒවාගේ ඒවාට කොරොත් බිල එනවානේ බන් අන්ලිමිට් එක්කටම් තමා හරී අර 740එක ලොවෙත් වැඩ

    ReplyDelete
  26. සිරාවට ? පදිරි. කරල බලන්නම්

    ReplyDelete
  27. mchan buwa slt 1e tiyena aluth unlimited package 1 tath ( a/l karana eunta dena eka) ube gilmat eka danna puluwanda????

    ReplyDelete
  28. පුලුවන් බන් ඒකෙත් එක්ට්‍රා චාජ් වෙන්නේ නැනේ චාජ් උනොත් තමා අවුල්

    ReplyDelete
  29. macho router ekata machine dekakin conect wenawanm awlak yaida

    ReplyDelete
    Replies
    1. නැ බන් වැදගත් රවුටර් එකේ DSL එක තමා කැඩුනොත් කචල්

      Delete
  30. බුවා, ඔය එක්කම ip address එකත් වෙනස් කරගන්න ක්‍රමයකුත් කියලා දෙන්න... සමහර සොෆ්ට්වෙයාර් කෑලි මෙලෝ සුගතියක් නැ,,,,,

    ReplyDelete
  31. බුවා, ඔය එක්කම ip address එකත් වෙනස් කරගන්න ක්‍රමයකුත් කියලා දෙන්න... සමහර සොෆ්ට්වෙයාර් කෑලි මෙලෝ සුගතියක් නැ,,,,,

    ReplyDelete
    Replies
    1. ඕක සාර්තකනම් නැ බන්..IP හන්ගගෙන ගියත් වැඩ මාට්‍ටු හිටහන් හොද එකක් හම්බුනොත් අනිවා බ්ලොග් එකේ දානවා

      Delete
  32. දැන් ඕක වැඩ නෑ නේද බන්. මගේ ඩවුන්ලෝඩ් වෙනකොට එක පාරටම ඩිස්කනෙක්ට් වෙලා ස්ලෝව් උණා බන් අද

    ReplyDelete
    Replies
    1. ඇ DSL කැඩෙන්නේ නැතිව. .හිටහන් මේ මාසේ අග දාලා බලන්නම් බන්. . මේ ටිකේම තිබ්බා බන්. . උන් අවුල හදලාද දන්නේ නැ. . එහෙනම් කාලා වරෙන්කෝ. . . :(

      Delete
  33. meka hariyana ekak nemei, ip address lease time ekak thiyenawa, ae time eka pannama ip address eka renew wenawa.

    ReplyDelete
    Replies
    1. ඒක තමා බන් කිව්වේ පැය 10න් 10ට අලුත් එකක් හැදෙනවා කියලා. . උබ කියෙව්වේ නැද්ද

      Delete
  34. මචං උබ කියන්නේ තියෙන්නේ 5gb නම් 4.9 gb යෙදී adsl off නොකරත් 20gb වත් බාන්න පුළුවන් කියලද?

    ReplyDelete
    Replies
    1. ඔව් බන් බුවා එහෙමයි කොරේ. . එක දිගට බාපන් ඇ. . .

      Delete
  35. wadak na ban.session eka reset una gaman aye slow wenawa...session eka eka digata thiya gatta nm hari..eth slt session eka eka digata thiyenne na..router eka on krla tibbath...ekata kramayak one.meka hariyanne na..session eka reset nowena thak kal plwn...

    ReplyDelete
    Replies
    1. උන් පැය 10න් 10ට බන් රිසෙට් කොරන්නේ. . පේන විදිහට උන් මේ ෆෝල්ට් එක අල්ලගෙන වගේ බන්

      Delete
  36. buwa ada rauter eka on karala tiyeddima slow una bn.

    ReplyDelete
    Replies
    1. එකට ගහපන් මල්ටියකින් . . .මේ අන්තිම ටිකේ කොරහන් බන්. . ඒ කිව්වේ 26.27,28, වගේ. . . බන් :(

      Delete
  37. machn mnge 25gb man gb kiyak thiyeddida me wade karanna one??mage tp- link thiyenne,kohamada ups ekata router eka set karanne??mase daws kiyak giyawa wageda meka karnne?

    ReplyDelete
    Replies
    1. ups එකට ගහපන් මල්ටියකින් . . .මේ අන්තිම ටිකේ කොරහන් බන්. . ඒ කිව්වේ 26.27,28, වගේ. . . බන්

      Delete
    2. blnnm bnn,,uba 50 gb da bawe hehe mage yaluwek banawa ambanaka giya mase 167 gb ita kalin 192gb scrreen shot dala ehema thiyenne,,ubta kalin da koheda pora dwsk kiwa oka,bt karana widiha kiwe na,,ube eka dakala ahuwama pora kiwe e widiha,ela ela,,maltiyk arn blnna one,,ado light giyath ups eken red ligt enawne,ethakota mokada wenne?off kranna wei ne

      Delete
  38. ගොඩක් එවුන් කියනවා බන් දැන් රවුටර් එක ඔන් කොරලා තියෙද්දීම ස්ලොව් උනා කියලා. . .එහෙනම් කෙලියා හුටා ඇ. . ඉස්සර බුවාගේ 5GB එකෙන් 50GBත් ගත්තා බන්. . හිටහන් මේ මාසේ කොරලා සීන් එක බලලා කියන්නම්. . පේන විදිහට ටෙලික්ම්ලා වැඩේ අල්ලගෙන වගේ බන් . . .

    ReplyDelete
    Replies
    1. නැහැ බුවා තාම වැඩ.

      Delete
  39. dan mehema download karanda barida buwo???????????????????

    ReplyDelete
  40. 13 GB package ekata mokakda karanna one kiyala kiyannakooo machan

    ReplyDelete
  41. මේක වැඩද බං තාම 1490 පැකේජ් එකටත්

    ReplyDelete
  42. meka 7GB student package ekata wada karanawada

    ReplyDelete
    Replies
    1. දැන් වැඩ නැතෝ.........
      උන් ඒක හදලා.

      Delete
  43. meka 7GB student package ekata wada karanawada

    ReplyDelete
  44. ෆට්ට බුවා ඇතුළු අනේක් සහෝදරයන් වෙත කෙරෙන කාරුණික දැනුම් දීමයි. අපේ ශ්‍රී ලංකාවේ ඉන්න බුවාලා ඔක්කෝටම දන්න සිංහලෙන් පරිගණක ආරක්ෂාව සහ හැකින් ගැන ඉගෙන ගන්න අලුත්ම ෆෝරමයක් හැදුවා. වැඩ කෑලි දන්න නොදන්න හැමෝම ලියාපදිංචි වෙලා බලන්න. (ලියාපදිංචි නොවී හැකින් පෝසට් බලන්න බෑ.) අපේ මරදන්කඩවල යකඩයා ෆෝරමයත් සමඟ.

    http://www.yakadaya.com/

    ReplyDelete

Blogger Template by Clairvo