හායි. . . . . කොල්ලනේ. . . . . ඔන්න ඉතින් බුවා අදත් ආවා කියන්නකෝ. . . .. පෝස්‍ටුවකුත් කර ගහන්. . . . ඉතින් අද බුවා දෙන්න යන්නේ පොඩි ට්‍රික්ස් එකක්. . .. අපේ කම්පියුටර් කාලා ඉන්න කොල්ලෝ කෙල්ලන්ටනම් මේක වැඩක් නෙවෙයි ඕන් එකෙන්ම. . . ඒත් ඉතින් බුවා මේක දෙන්න හිතුවේ අපේ දන්නේ නැති කොල්ලෝ කෙල්ලන්ටයි ඈ. . . .
මොකක්ද මේ ට්‍රික්ස් එක???? මේක ඇවිත් අපේ වින්ඩෝස් එක ලස්සන කොරන පුංචි පහේ වැඩක්. . . දන්නවා ඇතිනේ කොල්ලනේ, වින්ඩෝස් වල අපේ කම්පියුටරේ හාඩ් ඩිස්ක් පෙන්නන්නේ ෆට්ට ෆජාත විදිහටනේ. . . .ඉතින් මේ ට්‍රික්ස් එකෙන් පුලුවන් අපේ හාඩ් ඩිස්ක් එකේ පාටිශන් වලට අපිට කැමති අයිකන් දාගන්න. . . කොහොමද වැඩේ. . . .ආසයි නේ. . ?
ඉතින් කොල්ලනේ මේක කොරන්ට එක එක සොෆ්ට්වෙයාර් තියෙනවා කියලා දන්නවා ඇතිනේ. . ඒත් ඒ හැම එකක්ම අපිට කැමති විදිහට කොරගන්න අමාරුයි. . . .අනික පස්සට යද්දී ලෙඩ. . . . ඉතින් සොෆ්ට්වෙයාර් නැතිව මේක කොරගන්න විදිහ ගැන තමා අද බුවා කියලා දෙන්න යන්නේ ඕන්. . . . අහ් එක කොරන්නේ වින්ඩෝස් වල තියෙන රෙජිස්ට්‍රි එකේ පොඩි එඩිට් කිරීමකින්. . . අම්මෝ බය උනාද??? ගනන් ගන්න එපා කොල්ලනේ බුවා කියන පිලිවෙලට ගියොත් උබලාටත් ලස්සන හාඩ් ඩිස්ක් පාටිශන් එකක් බලා ගන්න පුලුවන් වෙයි ඈ. . .
මතක තියා ගනින් කොල්ලනේ. . .වින්ඩෝස් වල රෙජිස්ට්‍රිය කියන්නේ හදවත වගේ තැනක්. . පොඩි හෝ අවුලකින් මුලු වින්ඩෝස්ම අවුල් වෙන්න පුලුවන්. . ඒ හින්දා බුවා කියන ඒවට පිටින් ගිහින් ෆඩ වැඩ එහෙම කොරනවා නෙවෙයි ඈ. . . .එහෙම උනොත් උබලා අන්තිමේදි මතක් කොරන්නේ බුවාගේ දෙමාපියන්නේ. . . . බු හා හා. . . ඒ හින්දා බුවා මේක කොරන හැටි සරලව කියලා දෙන්නම් . . . ඒ විදිහටම කොරමු ඈ . . .
මේ පියවර ඔස්සේ යමුකෝ එහෙනම්. . . . .
(1) Start මෙනුවේ Search Box එකේ REGEDIT කියලා ටයිප් කොරන්නකෝ
(2) ඔය බබා වගේ ආවේ රෙජිස්ට්‍රි එඩිටර් එක කියන්නකෝ
(3) දැන් පරිස්සමට බුවා කියන පිලිවෙලට යන්න ඕනේ හොදේ
HKEY-LOCAL MACHINE > SOFTWARE > MICROSOFT > WINDOWS > CURRENT VERSION > EXPLORER
(4) දැන් කස්ටියම බුවාට ඕනේ තැනට ඇවිත් ඇති කියලා බුවා හිතනවා. මෙතන තමා කොල්ලනේ පොට් එක කියන්නකෝ. . ඔය හදන හැම ජන්ජාලයක්ම මෙතන තමා හදන්න ඕනේ . . .
එහෙනම් දැන් ෆටන් ගමු වැඩේ. . .ඉස්සෙල්ලාම ඔය Explorer කියන ෆෝල්ඩරය රයිට් ක්ලික් කොරලා New ගිහින් Key කියන එක තොර ගන්න. . .
(5) දැන් කස්ටියට පේනවා ඇති Explorer ෆෝල්ඩරයෙම යටින් New Key #1 කියලා ෆෝල්ඩරක් හැදෙනවා. . අන්න ඒක අපිට රීනේම් කොරන්න වෙනවා මේ වැඩේට. . .අන්න ඒ හින්දා මේ අලුතින් හදපු ෆෝල්ඩරය රයිට් ක්ලික් කොරලා Rename තෝරන්න. . . ඒක රිනේම් කොරන්න DriveIcons කියන නමින්. . .
ඉතින් කොල්ලනේ දැන් බලන්න වෙනවා උබලාගේ හාඩ් ඩිස්ක් එක කීයකටද පාටිශන් කොරලා තියෙන්නේ කියලා. . . .බුවාගෙනම් 7කට තියෙනවා කියන්නකෝ. . . ඒ කියන්නේ බුවාට මේ DriveIcons කියන ෆෝල්ඩර් එකේ තවත් සබ් ෆෝල්ඩර් 7ක් හදන්න වෙනවා. . . තේරෙනවා ඇතිනේ උබලගේ තියෙන පාටිශන් ගානට උබල සබ් ෆෝල්ඩර් හදන්න ඕනේ. . . .
(6) ඒක හදන්න දැන් දන්නවා ඇතිනේ. . . DriveIcons කියන එක රයිට් ක්ලික් කොරලා New වලින් Key කියන එක තෝරලා New Key #1 එක රීනේම් කොරන්න වෙනවා උබලාගේ තියෙන ඩ්‍රියිව් එකට. . .ඔන්න බුවා C කියලා දැම්මා ඈ. . .
ඔක්කෝම එක වර කරනවාට වඩා ඉස්සෙල්ලාම එක පාටිශන් එකකට අයිකන් එකක් දාගෙන ඉමුකෝ. . . .නෙහ්?
(7) දැන් අපේ කස්ටිය DriveIcons වල C කියලා සබ් ෆෝල්ඩරයක් හදාගන්න ඇති. . . අන්න ඒකෙත් තවත් සබ් ෆෝල්ඩරයක් හදන්න වෙනවා. . . දැන් කස්ටිය දන්නවා ඇතිනේ විදිහ. . . එකක් හදලා ඒක රීනේම් කොරන්න DefaultIcon කියලා හොදේ. . . . වරද්ද ගන්න එහෙම එපා හොදේ. . . බුවා මේ කියලා දෙන්නෙ පෙර පාසල් පොරවල්ලාට වගේ. . .ඕන්. . .
දැන් කස්ටියට පේනවා ඇති DefaultIcon ෆෝල්ඩරය සිලෙක්ට් කොරද්දී එහා බාර් එකේ (Default) කියලා ෆයිල් එකක් තියෙනවා කියලා. . .
(8) අන්න කොල්ලනේ ඒ ෆයිල් එක ඩෝන් ගාලා ඩබල් ක්ලික් කොරන්න. . . ඊට පස්සේ එන Edit String බොක්ස් එකේ Value Data කියන එකට දෙන්න වෙනවා උබලාගේ පාටිශන් එකට දාන්ට ඕන අයිකන් ෆයිල් එක තියෙන ලින්ක් එක. . . තේරුනාද දන්නෑ. . . ඔය බුවා දාලා තියෙන්නේ බුවාගේ අයිකන් ෆයිල් එක තියෙන තැන ඈ. . මතක තියා ගනිල්ලා මේකට ".ICO"කියන අයිකන් ෆයිල් එකක්ම ඕනේ ඈ
දැන් ඉතින් කොල්ලනේ වැඩේ අහවරයි කියන්නකෝ. . . . දැන් මයි කම්පියුටර් ගිහින් රිෆ්‍රෙශ් පාරක් එහෙම දීලා බලන්නකෝ කොහොමද කියලා. . .ආසයි නේ. . . බිල් මාමා දුන්න අයිකන් එකට ආයුබෝවන් කියලා අපේම අයිකන් එකක් බැබලෙනවා ඇති නේහ්. . . . ඉතින් කොල්ලනේ C ඩ්‍රයිව් එකට ඒ අයිකන් එක ආවාට අනිත් ඒවට තවම නෑ කියන්නකෝ. . . ඉතින් අපි ඒවටත් අර පරන විදිහටම අයිකන් දෙන්න ඕනේ එකෙන්ම. . .
ඉතින් ඒවා ගැන ආපහු පොඩි එවුන්ට වගේ කියලා දෙන්න ඕන නෑනේ. . . මොකද බුවාගේ බ්ලොග් එකට එන්නේ ලොකු ලමයිනේ. . . කොල්ලොනම් ගැටවරයෝ. . . කෙල්ලෝ නම් ජම්බු ගහෙන් පැනපු එවුන්. . . ඉතින් ඒ හින්දා බුවා සරලව ෆොටෝ වලන් පෙන්වන්නම් කොරන් හැටි. . .
(9) තමාගේ හාඩ් ඩිස්ක් එකේ පාටිශන් ගානට මේ ආකාරයට DriveIcons වල ෆොල්ඩර්ස් හදා ගන්න. මතක තියා ගනිල්ලා තමාගේ පාටිශන් වල ඉන්ගිරීසී අකුරම තියෙන්ට ඕනේ ඈ. . . .
(10) ඒ හැම එකකම DefaultIcon කියලා සබ් ෆෝල්ඩරයක් හදපියව්. . . .හදල එවා එකින් එකේ ඇති (Default) ෆයිල් එක ඩබල් ක්ලික් කොරලා Value Data වලට තමා කැමති අයිකන් වල ලින්ක් දීපියවු. . . .
ඉතින් හත්තිලව්වේ බුවා කියපු විදිහට කොරානම් මේවගේ ෆට්ට සට ෆට විදිහට අයිකන් ටික වෙනස් වෙලා තියෙනවා ඇති ඕන්. . . . .
ආසයි නෙහ්. . . ? ඉතින් කොල්ලනේ බුවා අද ෆට්ට මහන්සියක් උනා මේක කොරන්න කියන්නකෝ. . . . පේනවා ඇතිනේ. . . ඉතින් බුවා මේ ඔක්කොම කොරන්නේ බුවාගේ සැට් එකට යහපතක් කොරන්නනේ. . . . . ඉතින් කොල්ලනේ මේ පෝස්ට් එක උබලට වැදගත් උනානම් අනිවා කමෙන්ට් කොරලා යන්න ඈ. . . . අහ් හැමදාම කියනවා වගේ පෝස්‍ටුව ෆට්ටනම් හෝ ෆජාතනම් අනිවා කමෙන්ට් කොරන්න ඈ. . . ඒක බුවාට ෆට්ට ආතල් ඕන්. . . .
ඉතින් කොල්ලනේ අද පෝස්ට් එකට බුවා බාගෙට මැරුනා කියන්නකෝ. . . . .මේක කොරන්න ගිහින් මොකක් හරි අවුලක් උනානම් අනිවා කියන්න ඈ. . . එහෙන්ම් බුවා කැෆෙන්ට කියලා. . . . . තවත් මේ වගේ ෆට්ට පෝස්‍ටුවකින් හමුවෙනකන් බුවාගේ කොල්ලෝ කෙල්ලෝ නඩයට ෆට්ට සතියක් ඈ. . . එකෙන්ම් ඕන්. . . . . . . උම්මා. . . . . .
Join Buwa on FACEBOOK