Saturday, May 18, 2013

ෆජාත ෂෝට්කට් පෙනුමෙන් ෆට්ට අයිකන් කොරගමු - Registry Edit



හායි කොල්ලනේ. . . . කොහොමැයි ඉතින්. . . ටික දවසක් යනකන් බ්ලොග් එකට ගොඩවෙන්නත් බැරිවුනා කියන්නකෝ. . . ඒත් ඉතින් ඒ ටිකේ බුවා බුකියෙමයි කරක් ගැහුවේ. . . . කරක් ගහනකොට චැට් එකේ ඉන්න අපේ කස්ටිය අහන්නෙම "බුවා බ්ලොග් එකක් ලිව්වේ නෑ?" කියලා. . . ඉතින් බුවාට ෆට්ට හැපි අපේ කොල්ලෝ බුවත් එක්ක ඉන්න එක ගැන. . . . ඉතින් ඒ ගැන ගැබුරෙන් හිතපු මේ බුවා අද හිතුවා ඕන් බ්ලොග් පෝස්‍ටුවක් ලියන්න. . . ඒක ඉතින් බුවාගේ ආතල් එකක් වගේම අපේ කොල්ලෝ කෙල්ලන්ටත් මොනවහරි දැන ගන්නත් පුලුවන්නේ. . . . නැද්ද මන් අහන්නේ. . . . .

කිවුවත් වගේ බුවා අදත් පෝස්‍ටුවක් කර ගහන් ආවා. . ගොඩක් කස්ටිය කැමතිනේ ට්‍රික්ස් වලට. . .ඉතින් බුවත් බ්ලොග් එකේ ට්‍රික්ස් දෙනවා කියලා දන්නවා ඇති මගේ කොල්ලෝ ටික. .බුවා ගිය පාර දුන්න ට්‍රික්ස් එකට ගොඩාක් කස්ටිය හොද කිව්වා. . ගොඩක් අය ඉල්ලන්නෙත් ට්‍රික්ස්නේ බුවාගෙන්. .ඉතින් ඔන්න අද දෙන ට්‍රික්ස් එක ගොඩක් කස්ටිය දන්නවත් ඇති. . . ඒත් ඉතින් බුවා මේ පුංචි පහේ ට්‍රික්ස් එක දෙන්න හිතුවේ අපේ මෙලොව දෙයක් දන්නේ නැති බුවාගේ සැට් එකටයි ඇ. . . . .

වැඩි කතා නොහොත් ෆොයිය ඕන නැනේ. . . බුවා අද ගෙනාවේ අපේ ඩෙස්ක්ටොප් එක ලස්සන කොර ගන්න පුලුව්න් පොඩි වැඩ කෑල්ලක් අරගෙන. . . ගොඩක් අය දැකලා ඇති එක එක කස්ටිය කම්පියුටර් ඩෙස්ක්ටොප් එක ෆට්ට ෆජාත කොරගෙන ඉන්නවා. . හැම තැනම ෂෝට්කට් අයිකන් පිරිලා. . කොටින්ම කියනවනම් බුවාගේ රීසයිකල් බින් එක වගේ. . . . බු හා හා. . . . ඉතින් මේ ගැන හිතපු බුවා අද උබලට දෙනවා මේ ෆජාත ඩෙස්ක්ටොප් එක ෆට්ට කොර ගන්න පොඩි ට්‍රික්ස් එකක්. . .ඒ මොකක්ද ඒ. . . ? මේකෙන් පුලුවන් අපේ ෂෝට්කට් අයිකන් එකක් වගේ හදා ගන්න. . ගොඩක් අය දැකල ඇති මේ ෂෝට්කට් තමා ඩෙස්ක්ටොප් එකේ හෝ කොහේහරි ෆට්ට ෆජාත කොරන්නේ. . . මොකද ඒකේ අර ඊතල මාක් එකක් තියෙනවනේ. . අද බුවා කියලා දෙන්නේ මේ මාක් එක නැති කොරලා ෂෝට්කට් එකකට අයිකන් එකක පෙනුම දෙන්නේ කොහොමද කියලා ඇ. . . . .

ඉතින් මේකට නෙට් එකේ එක එක සොෆ්ට්වෙයා තියෙනවා. . . ඒවා අරන් ෆජාත වෙන්නේ මොකටද මේ බුවා ඉන්නකන්... . ඉතින් බුවා මේක කොරන්නේ වින්ඩෝස් වල රෙජිස්ට්‍රියට පොඩි එඩිට් පාරක් දීලා ඕන්. . . කස්ටිය දන්නවා ඇති රෙජිස්ට්‍රිය තමා වින්ඩෝස් වල හදවත කියලා. .පොඩි හෝ වැරදීමකින් ෆට්ට ෆජාත වෙන්න පුලුවන් ඔක්කෝම.. .  ඒ හින්දා බුවා කියන විදිහටම වැඩේ කොරන්න ඇ. . . නැත්නම් ෆඩ වැඩ කොරන්න ගිහින් අන්තිමේදි කෙලවගෙන මේ අහින්සක බුවා අහන්න එපැයි බැනුම්. . . . එහෙනම් කොල්ලනේ බුවා සරලව කියන්නම්. . .ඒ විදිහටම කොරන්න ඇ. . . . .

(1) Start මෙනුවේ Search Bar එකේ Regedit කියලා ටයිප් කොරහල්ලාකෝ

      ඔය ආවේ බබා වගේ Registry Editor එක



 (2) දැන් වරද්දවා ගන්නේ නැතිව මෙන්න මේ කියන පිලිවෙලට යන්නකෝ. . . . ඔය රෙජිස්ට්‍රියේ ෆෝල්ඩර්      ඕපන් කොරගෙන

HKEY_LOCAL_MACHINE > SOFTWARE > Microsoft > Windows > CurrentVersion > Explorer


(3) ඔන්න කොල්ලනේ දැන් තමා පොට් එකට ආවේ කියන්නකෝ. . . දැන් ඔය Explore කියන ෆෝල්ඩර් එක රයිට් ක්ලික් කොරලා New වල Key කියන එක ‍තෝරහල්ලා ඩබල් එකේ. . . දැන් උබලා හදා ගත්ත Key  එක Rename කොරන්න ඕනේ Shell Icons කියන නමින්. .  වරද්දවා ගන්න එපා හොදේ ෆොටෝස් බලලා ගානට කොර ගන්න ඇ. . .


(4) ඉතින් කොල්ලනේ දැන් කොරන්න තියෙන්නේ ඔය අලුතින් හදාගත්ත Shell Icons කියන ෆෝල්ඩර් එක සිලෙක් කොරලා දකුනු පැත්තේ හිස් ඉඩේ රයිට් ක්ලික් කොරලා New වල String Value කියන එක ‍තෝරන එකයි. . . අන්න එතකොට New Value #1 කියලා  ෆයිල් එකක් හැදෙයි ඩෝන් ගාලා. . . ඒක මගේ අම්මලා Rename කොරගනියවු 29 කියලා ඇ. . . .


(5) දැන් ඔය 29 කියන ෆයිල් එක රයිට් ක්ලික් කොරලා Modify කියන එක ‍තෝරහල්ලාකෝ


(6) දැන් Edit String කියලා පොටි පෙට්ටියක් එන්ට ඇතිනේ. . .  අන්න එතන තමා තැන කොල්ලනේ. . . මෙතන Value Data කියන තැනට අපේ කම්පියුටරේ බ්ලැන්ක් අයිකන් එකක් තියෙන ලින්ක් එකක් දුන්නනම් වැඩේ ෆට්ටේ වගේ ගොඩ ඕන්. . . කවුරුත් දන්නවා ඇතිනේ කම්පියුටරේ අයිකන් ෆයිල් තියෙන්නේ System32 ෆෝල්ඩරයේ කියලා. . අන්න එතන තමා මේ අයිකන් තියෙන්නේ. . . අන්න ඒ ලින්ක් එක තමා බුවා මෙතන කොටලා තියෙන්නේ. .  ඕන් බුවා පල්ලෙහායින් ඒක දැම්මා කොපි කොරලා ඔය පෙට්ටියේ Value Data කියන එකට ඔබහන්ලා ඇ. . . .


මෙන්න මේකයි ලින්ක් එක ඇ. . හලන් නැතිව ඩබල් එකේ කොපි කොර ගනින්ලකෝ. . .

                           >>>>>>    %SystemRoot%\system32\SHELL32.dll,52    <<<<<<




(7) අන්තිමේට මෙන්න මෙහෙම අපේ ලින්ක් එක ඇඩ් වෙලා තියෙනවනම් වැඩේ ගොඩ ඇ. .


(8) ඉතින් කොල්ලනේ වැඩේ අහවරයි ඕන්. . . .දැන් ඉතින් මැශින් එක රිස්ටාට් කොරලා බලහල්ලාකෝ . . . ෆට්ටේ වගේ ඇ. . අර ෂෝට්කට් ටික කොහෙන් ගිහින්ද දන්නැ. . .ඔක්කෝම අයිකන් වගේ. . . දැන් ඉතින් බිල් ගේට්ස් අන්කල්ටවත් බැ මෙව්වා ෂෝට්කට් කියලා අදුර ගන්න. . . . කොහොමද ෆට්ටයි නේ කොල්ලනේ. . . දැන් කොහොමද ඩෙස්ක්ටොප් එක ෆට්ටේ වගේ නේ. . . .

2 ක්‍රමය (ආතල් එකට කොර බලන්න)

ඉතින් කොල්ලනේ මේවැඩේට අපේම කියලා අයිකන් එකකුත් දෙන්න පුලුවන් ඇ. . . නිකන් ඉන්නකොට ඒකත් කොරලා බලහල්ලා. . . බුවා ඔන්න ඩවුන්ලෝඩ් කොරගන්න දැම්මා බ්ලැන්ක් අයිකන් එකක්. . . ඉතින් ඒක අපේ හාඩ් ඩිස්ක් එකේ තියෙන තැනේ ලින්ක් එක දුන්නනම් ඒත් හරි ඇ. . . මේ තියෙන්නේ එහෙම කරොත් දාන විදිහ ඇ. . .



ඉතින් අය බබාලට වගේ කියලා දෙන්න දෙයක් නැනේ කොල්ලනේ මේකත් කොරොත් අනිවා රීස්ටාට් කොරලා බලන්නකෝ. . . කොහොමද වැඩේ කියලා. . . .

මෙන්න බලාගනිල්ලා කොරන්න කලින් හා කෙරුවට පස්සේ පෙනෙන විදිහ. . .



මෙන්න දැන් බුවාගේ ඩෙස්ක්ටොප් එක ඇ. . මේ ඔක්කොම අයිකන් එහෙම නෙවෙයි ඕන්. . . මෙව්වා ෂෝට්කට් ඇ ඔක්කෝම. . . .ආසයි නේ. . . .


මතක තියා ගනියවු : නැවත පෙර තිබූ ආකාරයට ෆජාත ෂෝට්කට් ටික ලබාගැනීමට අවශ්‍ය නම් කරුනාකොර Shell Icons වල තිබෙන 29 කියලා හදපු ෆයිල් එක ඩිලීට් කොරනු මැනවි. .නැවත රීස්ටාට් කිරීමෙන් පෙර තිබූ ෆට්ට ෆජාත ෂෝට්කට් ටික ලැබි තිබෙනු ඇත. .

ඉතින් කොල්ලනේ බුවා අද හිතනවා බුවාගේ පෝස්‍ටුව ලාවට හරි වැදගත් වෙන්ට ඇති කියලා ඕන්. . .ඒ ගැන ඉතින් බුවා දන්නේ උබලගේ කමෙන්ට් වලින් කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැනේ කොල්ලනේ. . .ඉතින් මේ පෝස්‍ටුව ෆට්ටනම් හෝ ෆජාතනම් අනිවා කමෙන්ට් කොරන්න ඇ. . . . ඒකෙන් තමා බුවා අලුත් පෝස්‍ටුවකට පන්නරයක් ලබාගන්නේ එකෙන්ම ඇ. . . . ඉතින් කොල්ලනේ බුවා ඕන් කැෆෙන්ට කියලා. .  මේක කොරලා බලලා අනිවා බුවාට කියමුකෝ ඇ. .  ගැටලු වලට බුවා උත්තර බදින්න සැදී පැහැදී ඉන්නවා කියන්නකෝ. . . .ඉතින් බුවා යනෝ. . .තවත් දවසක එනෝ. . . එන්නේ නිකන් නෙවෙයි අලුත් දෙයක් කර ගහන් ඇ. . . ඉතින් බුවාගේ බ්ලොග් එකට ජොයින් උනේ නැති අය ජොයින් වෙමු. . . ඒකෙන් අලුත් පෝස්ට් ගැන ඉක්මනටම දැන ගන්න පුලුවන් වෙයි ඇ. .  එහෙන්ම් නැවත බුවා එනකන් කස්ටියට ෆට්ට සට ෆට සතියක් ඇ. . . . .උම්මා. . . .


Download Icon File =====>>>> DOWNLOAD NOW

7 comments:

  1. උම්මා ඇ ඉස්සරහට තව ඒවා එනවා ඇ බුවා එක්ක එතකන් ඉදහල්ලාකෝ

    ReplyDelete
  2. එල එල. බලමු රීස්ටාට් කරලා

    ReplyDelete
  3. හා හා හරි ගියේ නැතනම් කියහන්කෝ ඇ

    ReplyDelete

Blogger Template by Clairvo