Friday, May 3, 2013

හාඩ් ඩිස්ක් පාටිශන් වලට ෆට්ට සට ෆට අයිකන් දාගමු එකෙන්ම - Registry Edit


හායි. . . . . කොල්ලනේ. . . . . ඔන්න ඉතින් බුවා අදත් ආවා කියන්නකෝ. . . .. පෝස්‍ටුවකුත් කර ගහන්. . . . ඉතින් අද බුවා දෙන්න යන්නේ පොඩි ට්‍රික්ස් එකක්. . .. අපේ කම්පියුටර් කාලා ඉන්න කොල්ලෝ කෙල්ලන්ටනම් මේක වැඩක් නෙවෙයි ඕන් එකෙන්ම. . . ඒත් ඉතින් බුවා මේක දෙන්න හිතුවේ අපේ දන්නේ නැති කොල්ලෝ කෙල්ලන්ටයි ඈ. . . . 

මොකක්ද මේ ට්‍රික්ස් එක???? මේක ඇවිත් අපේ වින්ඩෝස් එක ලස්සන කොරන පුංචි පහේ වැඩක්. . . දන්නවා ඇතිනේ කොල්ලනේ, වින්ඩෝස් වල අපේ කම්පියුටරේ හාඩ් ඩිස්ක් පෙන්නන්නේ ෆට්ට ෆජාත විදිහටනේ. . . .ඉතින් මේ ට්‍රික්ස් එකෙන් පුලුවන් අපේ හාඩ් ඩිස්ක් එකේ පාටිශන් වලට අපිට කැමති අයිකන් දාගන්න. . . කොහොමද වැඩේ. . . .ආසයි නේ. . ?

ඉතින් කොල්ලනේ මේක කොරන්ට එක එක සොෆ්ට්වෙයාර් තියෙනවා කියලා දන්නවා ඇතිනේ. .  ඒත් ඒ හැම එකක්ම අපිට කැමති විදිහට කොරගන්න අමාරුයි. . . .අනික පස්සට යද්දී ලෙඩ. . . . ඉතින් සොෆ්ට්වෙයාර් නැතිව මේක කොරගන්න විදිහ ගැන තමා අද බුවා කියලා දෙන්න යන්නේ ඕන්. . . . අහ් එක කොරන්නේ වින්ඩෝස් වල තියෙන රෙජිස්ට්‍රි එකේ පොඩි එඩිට් කිරීමකින්. . . අම්මෝ බය උනාද??? ගනන් ගන්න එපා කොල්ලනේ බුවා කියන පිලිවෙලට ගියොත් උබලාටත් ලස්සන හාඩ් ඩිස්ක් පාටිශන් එකක් බලා ගන්න පුලුවන් වෙයි ඈ. . .

මතක තියා ගනින් කොල්ලනේ. . .වින්ඩෝස් වල රෙජිස්ට්‍රිය කියන්නේ හදවත වගේ තැනක්. . පොඩි හෝ අවුලකින් මුලු වින්ඩෝස්ම අවුල් වෙන්න පුලුවන්. .  ඒ හින්දා බුවා කියන ඒවට පිටින් ගිහින් ෆඩ වැඩ එහෙම කොරනවා නෙවෙයි ඈ. . . .එහෙම උනොත් උබලා අන්තිමේදි මතක් කොරන්නේ බුවාගේ දෙමාපියන්නේ. . . . බු හා හා. . . ඒ හින්දා බුවා මේක කොරන හැටි සරලව කියලා දෙන්නම් . . . ඒ විදිහටම කොරමු ඈ . . .

මේ පියවර ඔස්සේ යමුකෝ එහෙනම්. . . . .

(1) Start මෙනුවේ Search Box එකේ REGEDIT කියලා ටයිප් කොරන්නකෝ

(2) ඔය බබා වගේ ආවේ රෙජිස්ට්‍රි එඩිටර් එක කියන්නකෝ 

                                             

(3) දැන් පරිස්සමට බුවා කියන පිලිවෙලට යන්න ඕනේ හොදේ 

HKEY-LOCAL MACHINE  > SOFTWARE > MICROSOFT > WINDOWS > CURRENT VERSION > EXPLORER 


(4) දැන් කස්ටියම බුවාට ඕනේ තැනට ඇවිත් ඇති කියලා බුවා හිතනවා. මෙතන තමා කොල්ලනේ පොට් එක කියන්නකෝ. . ඔය හදන හැම ජන්ජාලයක්ම මෙතන තමා හදන්න ඕනේ . . .
එහෙනම් දැන් ෆටන් ගමු වැඩේ. . .ඉස්සෙල්ලාම ඔය Explorer කියන ෆෝල්ඩරය රයිට් ක්ලික් කොරලා New ගිහින් Key කියන එක තොර ගන්න. . .


(5) දැන් කස්ටියට පේනවා ඇති Explorer ෆෝල්ඩරයෙම යටින් New Key #1 කියලා ෆෝල්ඩරක් හැදෙනවා. . අන්න ඒක අපිට රීනේම් කොරන්න වෙනවා මේ වැඩේට. . .අන්න ඒ හින්දා මේ අලුතින් හදපු ෆෝල්ඩරය රයිට් ක්ලික් කොරලා ‍Rename තෝරන්න. . . ඒක රිනේම් කොරන්න DriveIcons කියන නමින්. . .

ඉතින් කොල්ලනේ දැන් බලන්න වෙනවා උබලාගේ හාඩ් ඩිස්ක් එක කීයකටද පාටිශන් කොරලා තියෙන්නේ කියලා. . . .බුවාගෙනම් 7කට තියෙනවා කියන්නකෝ. . . ඒ කියන්නේ බුවාට මේ DriveIcons  කියන ෆෝල්ඩර් එකේ තවත් සබ් ෆෝල්ඩර් 7ක් හදන්න වෙනවා. . . තේරෙනවා ඇතිනේ උබලගේ තියෙන පාටිශන් ගානට උබල සබ් ෆෝල්ඩර් හදන්න ඕනේ. . . .

(6) ඒක හදන්න දැන් දන්නවා ඇතිනේ. . .  DriveIcons කියන එක රයිට් ක්ලික් කොරලා New වලින් Key කියන එක ‍තෝරලා New Key #1 එක රීනේම් කොරන්න වෙනවා උබලාගේ තියෙන ඩ්‍රියිව් එකට. . .ඔන්න බුවා කියලා දැම්මා ඈ. . .

ඔක්කෝම එක වර කරනවාට වඩා ඉස්සෙල්ලාම එක පාටිශන් එකකට අයිකන් එකක් දාගෙන ඉමුකෝ. . . .නෙහ්?

(7) දැන් අපේ කස්ටිය DriveIcons වල කියලා සබ් ෆෝල්ඩරයක් හදාගන්න ඇති. . . අන්න ඒකෙත් තවත් සබ් ෆෝල්ඩරයක් හදන්න වෙනවා. . . දැන් කස්ටිය දන්නවා ඇතිනේ විදිහ. . . එකක් හදලා ඒක රීනේම් කොරන්න DefaultIcon කියලා හොදේ. . . . වරද්ද ගන්න එහෙම එපා හොදේ. . . බුවා මේ කියලා දෙන්නෙ පෙර පාසල් පොරවල්ලාට වගේ. . .ඕන්. . .



දැන් කස්ටියට පේනවා ඇති DefaultIcon ෆෝල්ඩරය සිලෙක්ට් කොරද්දී එහා බාර් එකේ (Defaultකියලා ෆයිල් එකක් තියෙනවා කියලා. . .

(8) අන්න කොල්ලනේ ඒ ෆයිල් එක ඩෝන් ගාලා ඩබල් ක්ලික් කොරන්න. . . ඊට පස්සේ එන Edit String බොක්ස් එකේ Value Data කියන එකට දෙන්න වෙනවා උබලාගේ පාටිශන් එකට දාන්ට ඕන අයිකන් ෆයිල් එක තියෙන ලින්ක් එක. . .  තේරුනාද දන්නෑ. . . ඔය බුවා දාලා තියෙන්නේ බුවාගේ අයිකන් ෆයිල් එක තියෙන තැන ඈ. . මතක තියා ගනිල්ලා මේකට ".ICO"කියන අයිකන් ෆයිල් එකක්ම ඕනේ ඈ


දැන් ඉතින් කොල්ලනේ වැඩේ අහවරයි කියන්නකෝ. . . . දැන් මයි කම්පියුටර් ගිහින් රිෆ්‍රෙශ් පාරක් එහෙම දීලා බලන්නකෝ කොහොමද කියලා. . .ආසයි නේ. . . බිල් මාමා දුන්න අයිකන් එකට ආයුබෝවන් කියලා අපේම අයිකන් එකක් බැබලෙනවා ඇති නේහ්. . . . ඉතින් කොල්ලනේ ඩ්‍රයිව් එකට ඒ අයිකන් එක ආවාට අනිත් ඒවට තවම නෑ කියන්නකෝ. . . ඉතින් අපි ඒවටත් අර පරන විදිහටම අයිකන් දෙන්න ඕනේ එකෙන්ම. . . 

ඉතින් ඒවා ගැන ආපහු පොඩි එවුන්ට වගේ කියලා දෙන්න ඕන නෑනේ. . . මොකද බුවාගේ බ්ලොග් එකට එන්නේ ලොකු ලමයිනේ. . . කොල්ලොනම් ගැටවරයෝ. . . කෙල්ලෝ නම් ජම්බු ගහෙන් පැනපු එවුන්. . . ඉතින් ඒ හින්දා බුවා සරලව ෆොටෝ වලන් පෙන්වන්නම් කොරන් හැටි. . .

(9) තමාගේ හාඩ් ඩිස්ක් එකේ පාටිශන් ගානට මේ ආකාරයට  DriveIcons වල ෆොල්ඩර්ස් හදා ගන්න. මතක තියා ගනිල්ලා තමාගේ පාටිශන් වල ඉන්ගිරීසී අකුරම තියෙන්ට ඕනේ ඈ. . . .



(10) ඒ හැම එකකම DefaultIcon කියලා සබ් ෆෝල්ඩරයක් හදපියව්. . . .හදල එවා එකින් එකේ ඇති  (Defaultෆයිල් එක ඩබල් ක්ලික් කොරලා Value Data වලට තමා කැමති අයිකන් වල ලින්ක් දීපියවු. . . .




ඉතින් හත්තිලව්වේ බුවා කියපු විදිහට කොරානම් මේවගේ ෆට්ට සට ෆට විදිහට අයිකන් ටික වෙනස් වෙලා තියෙනවා ඇති ඕන්. . . . .

ආසයි නෙහ්. . . ? ඉතින් කොල්ලනේ බුවා අද ෆට්ට මහන්සියක් උනා මේක කොරන්න කියන්නකෝ. . . . පේනවා ඇතිනේ. . . ඉතින් බුවා මේ ඔක්කොම කොරන්නේ බුවාගේ සැට් එකට යහපතක් කොරන්නනේ. . . . . ඉතින් කොල්ලනේ මේ පෝස්ට් එක උබලට වැදගත් උනානම් අනිවා කමෙන්ට් කොරලා යන්න ඈ. . . . අහ් හැමදාම කියනවා වගේ පෝස්‍ටුව ෆට්ටනම් හෝ ෆජාතනම් අනිවා කමෙන්ට් කොරන්න ඈ. . . ඒක බුවාට ෆට්ට ආතල් ඕන්. . . .

ඉතින් කොල්ලනේ අද පෝස්ට් එකට බුවා බාගෙට මැරුනා කියන්නකෝ. . . . .මේක කොරන්න ගිහින් මොකක් හරි අවුලක් උනානම් අනිවා කියන්න ඈ. . . එහෙන්ම් බුවා කැෆෙන්ට කියලා. . . . . තවත් මේ වගේ ෆට්ට පෝස්‍ටුවකින් හමුවෙනකන් බුවාගේ කොල්ලෝ කෙල්ලෝ නඩයට ෆට්ට සතියක් ඈ. . . එකෙන්ම් ඕන්. . . . . . . උම්මා. . . . . .

Join Buwa on FACEBOOK

17 comments:

  1. කොහොමද මචං .ICO ෆයිල්ස් හොයාගන්නේ? මම කිංග් කිලෝමීටර්...

    ReplyDelete
  2. හරි මස්සිනා එළකිරි වගේ වැඩ.... සිරාවටම ෆට්ට ඈ...... ස්ක්‍රීන් කැප්චර් එකක් ෆේස් බුකියට දාන්නං... අයිම් කිංග් කිලෝමීටර්..........

    ReplyDelete
  3. ඇයි බන් නෙට් එකේ ඕන තරම් තියෙන්නේ අයිකන් ෆයිල්. . . .බු හා හා වැඩේ හරිනම් ෆට්ට ඈ. . . බුවාට මාර හැපි. . . . .

    ReplyDelete
  4. එල වැඩක් ෆට්ට බුවෝ..........

    ReplyDelete
  5. තැන්ක්ස් කොල්ලෝ අවුලක් ආවොත් කියහන් ඈ උම්මා

    ReplyDelete
  6. eiiiiiiii uba ftta fajatha porak kive jk ekat mcn gna gann epa uba athal kithel polthela kos del porak mcn issratah thva dapan veda kiyl pathanva b.s

    ReplyDelete
  7. අනේ උබලා ඕන දෙයක් කියහන් කොල්ලනේ. . . . ඒක ඉතින් බුවාට ෆට්ට ආතල්නේ. . .අනික උබලගේ කමෙන්ට් වලින් තමා බුවා ඊලග පෝස්‍ටුව ගැන හිතන්නේ. . . . . වැරදි හදා ගන්නේ . . . ඒ හින්දා බනින්න තියෙනවනම් මූනටම බැනපියවු ඈ. . . . . බුවා එහෙමයි ඕන්

    ReplyDelete
  8. Buwa nam pattai hode..........

    ReplyDelete
  9. Buwa nam pattai hode..........

    ReplyDelete
  10. තැන්ක්ස් ඈ උම්මා කොල්ලෝ බුවා එහෙමයි ඈ

    ReplyDelete
  11. එලනේ අෆ්ෆා බුවාට ෆට්ට හැෆි ඕන්

    ReplyDelete
  12. ෆට්ට බුවා වැඩේ ෆට්ට ඈ :D

    ReplyDelete

Blogger Template by Clairvo